(බිඟුන් මේනක ගමගේ)
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක විවිධ නොසලකාහැරීම්වලට ලක් වූ බව කියන දැරියකට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට මැදිහත්වන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇත.
මෙසේ නොසලකාහැරීමට ලක්වීමට හේතුව ලෙස එහි දක්වා ඇත්තේ එම පාසලේම උගැන් වූ දැරියගේ මව පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් එම පාසලෙන් ඉවත්කිරීමෙන් උද්ගත වූ තත්ත්වයක් යැයි ද මෙම ඉල්ලීම කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට යොමු කරන ලද ලිපියක දැක්වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම ඉල්ලීම කර ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් අනතුරුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද එම දැරිවියට අධ්‍යාපනයට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශට පසුගිය දා නිර්දේශ කළේය.
දැරිය පසුවන තත්ත්වය සලකා ඇයට සුදුසු පාසලක් ලබාදීමට මැදිහත්වන්නැයි ද අදාළ බාලිකා විදුහලේ පරිපාලනයට සිදුවීම ගැන වාර්තාවක් ලබන 12 වැනිදා වන විට මානව හිමිකම් කොමිසමට ලබාදෙන්නැයි මින් පෙර කළ නියෝගය නැවත සිහිකැඳවන්නැයිද මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයට එහිදී වැඩිදුරටත් දන්වා තිබිණි.
අදාළ දැරිය තවමත් පාසල් නොයන බව ඇයගේ මව පැවසුවාය.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පීඩාවට පත් දැරියකට වෙනත් පාසලක් දෙන්නැයි ළමා ආරක්ෂක අධිකාරිය කියයි
sisira Monday, 22 October 2018 07:30 AM
ඇමතිතුමාට ගුරු සංගම් කෝ?