IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පුදුකුඩිරිප්පු ඉඩමකින් පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

(සිතුම් චතුරංග)

           

මුලතිව්, පුදුකුඩිරිප්පු හයවැනි පියවර ප්‍රදේශයේ ඉඩමක් තුළ තිබී පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.

දීර්ඝ කාලයක් අතහැර දමා තිබූ ඉඩමක් සංවර්ධන කිරීම සඳහා ඉඩමේ හිමිකරුවන් විසින් සුද්ද පවිත්‍ර කරන අවස්ථාවේ සැක කටයුතු පොලිතීන් උර කිහිපයක් දැක පොලිසිය වෙත දැනුවත් කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර කිලෝ දහයේ පීඩන බෝම්බ එකක්, බිම්බෝම්බයක්, පි.ඊ.1510 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකක්, සී.ෆෝ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක්, ටි.එන්.ටි හා ගෝඩයිඩ් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350ක්,  ෆියුස් වර්ගයේ පුද්ගල නාශක බෝම්බ 4 ක්, අත්බෝම්බ 114 ක් , බෝම්බ පිපිරවීම සඳහා යොදා ගන්නා ස්විච්, ටැෆින් වයර් ඇතුළු උපකරණ තොගයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිතීන් උරවල යොදා දිරාපත් නොවන ලෙස අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය  සඟවා තබන්නට ඇති බවට සැකපළ කරන බව පොලිසිය පවසයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සියල්ල නිශ්ක්‍රීය කරනු ලැබීය.

පුදුකුඩිරිප්පු පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

පුදුකුඩිරිප්පු ඉඩමකින් පීඩන බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 609 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site