IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පොදුජන එක්සත් පෙරමුණ - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව අද (30) රාත්‍රීයේ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ අද රාත්‍රී පැවැති පොදුජන එක්සත් පෙරමු‍‍ණේ විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමටත් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව සන්ධානයක් පිහිටුවීමට හැකිවන සේ මෙම සංශෝධන සිදුකර ඇත.

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමටත් එහි ලකුණු පසුව වෙනස් කරන තෙක් පුටුව ලෙස තැබීමටත් විධායක සභාවේ අනුමැතිය හිමි ව ඇත.



අදහස් (12)

පොදුජන එක්සත් පෙරමුණ - ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙයි

Mahee Thursday, 30 January 2020 03:29 PM

හරි ෂෝක්, ඔන්න දැන් ඉතින් අලුත්ම මුහුණ අපට ලැබිල "පරණ හොරු රැළම එලවල දාමු" කියන නව පරම්පරාවක් ලැබිලා. රට සශ්‍රීකත්වය කරා එක පිම්මේ දුවන හැටි බලන්න පුළුවන්. මතක් කරන කොටත් වතුර තිබහ එනවා.

:       0       1

asela Thursday, 30 January 2020 04:02 PM

නව සන්ධානේ ලකුණ ආප්පේ හරි කටුස්සා හරි කළානම් හරි. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා දෙවනි පාරටත් ඉල්ලන්න. ඒත් මේ පාර පොළොන්නරුවෙනුත් පැරදියි. යන්තන් නව සන්ධානේ 15 ක්වත් ගත්තොත් එජාපයට සෙට් වෙන්න බලන් ඉන්නේ. එයා සහය දෙන පැත්තටත් අපලයි. හැබැයි මෙයාට දිය යටින් ගින්දර ගෙනියන්නත් පුලුවන්.

:       0       0

Nuwan Thursday, 30 January 2020 05:26 PM

නියමයි. ජයවේවා !

:       0       0

isuru Thursday, 30 January 2020 05:48 PM

භූමියත්, රටත්, ජාතියත්, අාගමත් විකුණගෙන යන අයට පක්ෂය විකුණන් කෑම කජ්ජක්ද..?

:       0       0

kamil Thursday, 30 January 2020 05:50 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් මනාප නෑ.. 2015 මහා මැතිවරණයේ ප්‍රතිඵල මතකද...? මෙදාත් එහෙම්මයි ළමයිනේ....

:       0       0

kithsiri Thursday, 30 January 2020 06:04 PM

එල්ලෙන්න වැලක් නැතිවුනාම මේ වගේ දේවල් වෙනවා.

:       0       0

Crishan Thursday, 30 January 2020 06:50 PM

ඔය වගේ ඒවා හදපුවාම කැඳහැලියක් වෙලායනවා. සිරිසේන වගේ නායකත්වයක් එක්ක මොන පෙරමුණුද? රටට කරපු විනාශය හොඳටම ඇති...

:       0       0

Chathuri Thursday, 30 January 2020 09:51 PM

ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කරලා හරියනවද ? සලකුණේ වරදක් නැහැ නායකයයි ගොලයින්ගෙයි කොන්ද පන ඇත්නම් ඒ ඇති. ජනතාව බලන්නේ පුද්ගලයා මිසක් සලකුණ නෙමේ. ඡන්දයක් තියෙන හැම වාරයේම ලාංජනය වෙනස් කරනවා. ලොකු අයියගේ පොහොට්ටුවත් එක්ක මේ හා සම්බන්ධ ඔලුවෙන් හිටගෙන ආවත් තනි තීරණ ගන්න බැරි වැරදි වැඩේට යෙස් සර් කියන නිවට රැළක් තමයි ඉන්නේ.

:       0       0

Perera Thursday, 30 January 2020 11:53 PM

කොයි බෝතලේට දැම්මත් කසිප්පු, කසිප්පුමයි...

:       0       1

Menna Friday, 31 January 2020 12:12 AM

ශ්‍රී වෙනුවට සිරි කියලා ආවා නම් හොඳයි කියලා හිතෙනවා.

:       0       0

MD Friday, 31 January 2020 02:57 AM

අති විශිෂ්ඨයි. පොදු ජන සේවය අගය කරමි. ජයවේවා !

:       0       0

rana Friday, 31 January 2020 05:45 AM

පාට, සලකුණු, තනතුරු වෙනස් වෙනවා... නමුත් රට.. මේක අපේ උරුමයද? කරුමයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 326 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 254 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 422 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1294 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1079 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1455 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 460 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site