IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පෝදා සීගිරිය නැරඹීමට 7000 ක් එති

(කාංචන කුමාර ආරියදාස)
 කොරෝනා සිද්ධියෙන් පසු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘතවූ   සීගිරිය නැරඹීමට පොහෝදා (04) 7,000 කට අධික දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි  බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
 
 කොරෝනා ව්‍යාප්තිය සමඟ  මාස තුනක කාලයක් සීගිරිය වසා දමා තිබිණි.
 
 පසුගිය පළමුවැනිදා නැවත සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබිණි.
  
ඒ අනුව  ඇසළ පුන් පොහෝ දිනයේ පමණක් දේශීය  සංචාරකයන් හත් දහසකට අධික පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණි බවද මෑත කාලයේ සිගිරි නැරඹිම සදහා පැමිණි විශාල පිරිස මෙය බව  මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතා පැවසිය .
 
පැමිණි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව සීගිරි පව්වට ගොඩ කරවීම ශරීර උෂ්ණත්ව පරික්ෂා කිරීම මෙන්ම එම පිරිසට අවශ්‍ය පහසුකම් සපයාදීම ද  සිදුකල බවද ඒ මහතා පැවසිය .
 
 සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් තමන්ගේ මෙන්ම රටේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් ව ගමන් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


 



අදහස් (12)

පෝදා සීගිරිය නැරඹීමට 7000 ක් එති

siri Sunday, 05 July 2020 05:28 PM

කෝ මීටරයේ පරතරය..?

:       0       11

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 July 2020 06:18 PM

සීගිරි පර්වතය කියන්නේ එසේ මෙසේ එකක් නොවේ.. සීගිරිය කියන්නේ ලෝක පුදුම එකක්... පෙර රජදවස අපගේ කලාශිල්ප මොන මට්ටමක තිබුණා දැයි සීගිරිය දෙස නුවණින් සිතා බැලීමේදී වටහා ගැනීමට පුළුවන්.. සීගිරි ලලනා චිත්‍ර, කැටපත් පවුරේ ලියා ඇති කවි, ආදිය නිසා අපගේ පැරැන්නන් මොනතරම් රසවින්දනයක් තිබූ සංවේදී ප්‍රඥාවන්තයින් දැයි, කලාකරුවන් දැයි සිතෙනා විට සිතට දැනෙන්නේ මහා විශ්මයක්.. අද ඒ අතින් බලන විට ඇතිවී තිබෙන්නේ කණගාටුදායක තත්වයක්.. මේ තීරයේ පවතින දේශපාලන අවුල් වියවුල් හා ගැටුම් එයට එක් සාක්ෂියක් පමණයි. සීගිරිය ගැන විදේශිකයන් පුදුමයට පත්වන දෙයක් තමයි සීගිරි ගල මුදුනටම ජලය ගෙනයෑමට අපගේ පෙර සිටි වාරි ඉංජිනේරුවන් සමත් වී සිටීම.. මෙවන් ඉතිහාසයකට උරුමකම් කියන අප අපගේ වර්තමාන තත්ත්වය ගැන සැබවින්ම ලැජ්ජාවට පත්විය යුතුයි නේද? මේවා ගැන සිතා බලා අපගේ දරුවන් ඉගෙන ගත යුතුයි. අන් ජාතීන්ට වඩා ඉහළින් සිටීමට නිතරම බුද්ධිය වඩවා ගත යුතුයි. අතීතයේ අපට තිබූ අභිමානය ඉදිරි පරම්පරාවන්ටත් උරුම කිරීමට අපගේ දරුවන් අදිටන් කරගත යුතුයි.

:       0       220

පූජා Monday, 06 July 2020 03:56 AM

පෝදා, මෙහි සිරි නැරඹීමට පැමිණි මේ දේශීය ජන ගංගාව, එහි පවත්නා ස්වාභාවික පරිසරයට හානියක් නොකර සිරි නරඹන්නට සිතට ගත්තාදැයි සැකයකි. ලෝක උරුමයක් වූ මේ විශ්මිත නිර්මාණයේ අසිරිය සිත් සේ විඳ තම මන දොළ පුරවාගන්නේ, දේශීය අයට වඩා විදේශික රසවතුන් බව, ඔවුන් අප හා කරණ කථා බස් වලින් මොනවට පැහැදිලි වෙයි. පුරා සඳ බැබළෙන පුන් පොහොය දිනවල, සිංහගිරියේ, ඉහළම පිහිටි ඒ මනරම් ස්ථානයේ සිට අවට සිරි නැරඹූ ඒ ප්‍රතාපවත් කාශ්‍යප නම් වූ රජතුමාගේ සිතට මොන තරම් නම් පහන් සිතුවිළි පැන නඟින්නට ඇතිද..? ඒ අතිශය රමණීය පරිසරයේ සිරි විඳ අපටත්, ලෝවැසි සියලුදෙනාටත්, අදටත්, හෙටටත්, අනාගතයටත්, ඉතිරි කර නික්ම ගිය ඒ අසිරිමත් නිරිඳානන්ට අප සැම ණයගැති නොවන්නෝද.? අද මෙන් දියුණු තාක්‍ෂණ ශිල්පයක් නොතිබූ එකල, පරිසරයේ පිහිටීම අනුව නිර්මාණය කළ, නිර්මාණශීලිත්වයෙන් පරිපූර්ණ වූ, කලාකාමී හදවත් වලට නැඟුණු අදහස් අනුව සැකසූ මේ විශ්මිත නිර්මාණය ලොව 8 වැනි පුදුමය නොවන්නේද.? මට හැබැහින් මෙහි සිරි විඳීමට යන්නට නොහැකි වුවත්, මගේ ළබැඳි "ඔහුත්" සමඟ සිතින් එහි ගොස් රිසි සේ එහි සිරි නරඹමි... එන්න ඔබත් අප සමඟ...

:       0       220

විජිත් Monday, 06 July 2020 07:18 AM

සිහිනෙන් ගෑ සුවඳක් සේ මතකයි ඇයත්, මමත් සිතින් සීගිරි ගිය වග... ඒ සුවඳ හැමදාම මා වටා ගැවසෙනවා.

:       5202       5132

පූජාTuesday, 07 July 2020 07:22 AM

මගේ ළබැඳි "ඔහුත්" සමඟ සිතින් එහි ගොස් රිසි සේ එහි සිරි නරඹමි. මා මේ වැකියෙන් අදහස් කලේ ජීවමාන කෙනක් නොවෙයී. මගේ අදහස උනේ "සුළං රැලියි "එයාත් සමඟ මට ලොව ඕනෙම තැනකට යන්න පුලුවන්. අහසේ පාවෙන්න උනත් පුලුවන්. සොබා දහමේ එක ව්‍යුහයක් වෙන සුළංරැලි වලට මම ආදරෙයි.

:       0       3000

විජිත්Friday, 10 July 2020 04:18 AM

පූජා මහත්මිය, මේ සටහනින් ඔබතුමියට යම්කිසි අපහසුතාවයක් සිදුවුණා නම් මට සමාවන්න...

:       0       222

පූජාFriday, 10 July 2020 09:43 AM

ඔබගේත්, මගේත් "මිතුරුකම" කිසිම දවසක, කිසිම කරුණක් නිසාවත් පලුදු නොවේ..

:       0       2112

විජිත් Monday, 06 July 2020 06:28 AM

5 වෙනි සියවසේ පමණ කාශ්‍යප රජතුමා විසින් සාදන ලදැයි කියන සීගිරිය.. තවමත් ඉතිහාසයේ රහස් රැසක් අපගෙන් සඟවාගෙන ඇති බව විද්වතුන් පවසනවා. සිගිරිය පර්වතය තුළ මාලිගයක් ඇතිබව දැනට සොයාගෙන නැතත්, රාවණා පිළිබඳ ඉතිහාසය සොයායන සූරිය ගුණසේකර මහතා.. වැනි විද්වතුන් විශ්වාස කරන්නේ සීගිරිය පව්ව තුළ මාලිගයක් ඇති බවත් එය රාවණාගේ මාලිගයක් බවත්ය. සීගිරියේ සිංහපාදය ගැණත් මත කිහිපයක් තියෙනවා. සමහර අය සිතන්නේ ඒ ගුරුලෙකුගේ පාදයක් කියයි. තවත් සමහරු චෝදනාකරනවා අපේ රටේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.බී. බෙල් මහතාට... සීගිරියේ පුරාවස්තු රැසක් එංගලන්තයට ගෙනගියා කියලා. තවත් බරපතල චෝදනාවක් තියෙනවා ඔහුට. සිංහ පාදයට මඳක් ඉහලින් තිබුනේ යයි සැකකරන ගුහාවකට යන මග සිමෙන්ති දමා වසා දැමීමට නියම කළා කියලා. ඒ කියන ස්ථානය සැකයට තුඩුදෙන්නක්. මන්ද ඊට ඉහලින්" කටාරම් " කොටා ඇති නිසා අපිට සිතන්නට සිදුවෙනවා ගුහාවක් නැතිනම් මොනවටද මෙතන කටාරම් කොටලා තියෙන්නේ කියලා.. මොන මතිමතාන්තර තිබුණත්.. සීගිරි අප්සරාවන් කොතරම් සුන්දරද, එ්ත් ඒගොල්ලෝ ඇත්තටම කාගේ කවුරුන්ද..? මල් වට්ටියක් අරගෙන ඒ ගොල්ලෝ යන්නේ කොහෙද..? ප්‍රශ්න අවසන් නැහැ.

:       0       222

පූජාMonday, 06 July 2020 07:05 AM

මල් වට්ටියක් අරන් එයාලා යන්නේ බුදුන් පුදන්න...

:       0       220

පූජාMonday, 06 July 2020 05:08 PM

මාත් එන්නම් ඔයාලාත් එක්ක, සම්මා සම්බුදු පියාණන් වැඳ පුදා ගන්න. ඔයාලගේ මල් වට්ටියේ මම බෙහෙවින් ආසකරන නිල් මහනෙල් මල් තිබේ නම්, ටිකක් මටත් දෙනු මැනවි... මගේ කලකිරුණු සිත හදාගන්න තියෙන එකම මඟ එපමණයි.

:       0       0

පූජාWednesday, 08 July 2020 01:00 PM

සීගිරි අප්සරාවන් කොතරම් සුන්දරද, ඒත් ඒගොල්ලෝ ඇත්තටම කාගේ කවුරුන්ද..? මල් වට්ටියක් අරගෙන ඒ ගොල්ලෝ යන්නේ කොහෙද..? ප්‍රශ්න අවසන් නැහැ. ඈත අතීතයක සිත්තරෙකුගේ මනෝභාවයේ ඇඳුණු චිත්‍රයක් ගැන වදවෙන අපේ කාලයේ මිනිසුන්ට, තමන් ඉදිරියේ පේන්න ඉන්න මිනිසුන්ව නොපෙනීම නම් අභාග්‍යයකි. මනෝ ලෝකවල ජීවත්වෙන හිස් මිනිසුන් නොවෙමුද අපි..?

:       0       220

පූජා Thursday, 09 July 2020 10:09 AM

මේ සමඟම නුවරඑළිය එළිය කරන මල් වත්තක දර්ශනයක්වත් බලන්න මගේ දෑස් පිං කරලා නැති සැටියක්... මේ දුක කාට කියන්නද මම...?

:       0       222

ඔබේ අදහස් එවන්න

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 120 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6665 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6295 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7699 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18374 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1329 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 520 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site