(යොහාන් භාසුර)
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම වමතින් පාදඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරියට ශරීරයේ මේද මට්ටම වැඩි වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.
ඒ අනුව ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ශරීරයේ මේද මට්ටම වැඩි වීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්විය. මීට පෙර ඉදිරි පෙළ පිතිකරු භානුක රාජපක්‍ෂට මේ හේතුව මත කණ්ඩායමේ ස්ථානය අහිමි කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ ශරීරියේ මේද මට්ටම වැඩි ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ නොහැකි බවට තමන් නොකියන බවත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිමය තීරණයක් බවත්ය.
ශරීරියේ මේද මට්ටම යනු ශාරීරික යෝග්‍යතාවයේම කොටසක් බවත් ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යෑමට උනන්දු වීම අනිවාර්ය බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කීය.
ප්‍රභාත් එක්දින ජාත්‍යන්තර තරග දෙකකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර පළමු පෙළ තරග 57 කදී කඩුලු 207 ක් දවාගැනීමට සමත්ව තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පන්දු යවන්නාගේ තෙල වැඩිවේ
Mangala Friday, 16 April 2021 10:06 AM
ක්‍රීඩා ඇමති කන වල් ඌරුමස් වලට නගින කොලෙස්ටරෝල් වලට එයාව ධුරයෙන් අයින් කරන්නේ නැතිද?