IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර

(ඩයනා උදයංගනී)

විවිධ හේතු මත පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ආණ්ඩු කිහිපයක් යටතේ වසර 10කටත් වඩා පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති බොහෝමයක් තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ ඇති ඉදි කිරීම් ආරම්භ කර අතරමග නතර වූ සූර්ය බලාගාරයක් නිරීක්ෂණයට කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ටෙන්ඩරයට අනුව අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ අක්කර හතරක භූමි ප්‍රමාණයක 2017 වසරේ දී ඉදි කිරීම් ආරම්භ කර ඇති මෙම බලාගාරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මෙතෙක් එහි කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

මෙහි කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කර, ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්කය මත වැඩ අතරමග නැවතුණු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යය කටයුතු සිදු කරමින් පවතින බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

ආණ්ඩු ගණනාවක් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමා වීම නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හරහා ලියාපදිංචි වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව කී දිසානායක මහතා කෙටි කාලයක් තුළ අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇතැයි ස කීවේය.

එම ව්‍යාපෘති තුළින් මෙගාවොට් 550ක පමණ විදුලියක් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (3)

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර

මංගල Tuesday, 17 August 2021 12:08 PM

මමත් මගේ වත්තේ 25Kw ක සූර්ය බල පද්ධතියක් දාන්න හැදුවා 2016දී. වත්තේ මුකුත්ම කරන්න බැරි වැහිකාලෙට යටවෙන අක්කර 2ක විතර ඉඩක. මුලින්ම 25Kw ඉන්වර්ටර් එකට 5Kw පැනල් දාලා ඉතුරු ප්‍රමාණය ටික ටික දාන්න සැලැස්ම තිබුනේ. විදුලිබලේ ඉන්ජිනේරු තැන ඇවිත් මීටර් දාලා බලලා කීවා එන්වයර්මන්ට් පාස් නැහැ ඔක්කොම පැනල් දාන්න ඕන කියලා. මම කිව්වා එහෙනම් ඉතින් ලබන අවුරුද්දෙ තමයි කරන්න වෙන්නේ කියලා. මොකද මම බැංකුවෙන් ණය අරන් නෙවෙයි මේක කලේ. ඉතුරු පැනල් දාන්න ලැස්තිවෙනකොට ප්‍රතිපත්ති වෙනස් කරලා බිම පැනල් ගහන්න බැහැ වහලක් උඩම ගහන්න ඕන කියලා. අන්තිමට ලෝකෙත් නැති රස්තියාදුවක් වෙලා 6Kw ඉන්වර්ටරයක් දාලා පැනලුත් ඒ ගානටම දාලා අතින් පාඩු කරගන්නයි උනේ. විදුලිබලේ කට්ටිය බලන්නේම මොනවා හරි පෙන්නලා වැඩේ නොකරන්නයි.

:       0       5

sam Tuesday, 17 August 2021 12:30 PM

නරකද මේ වෙලාවේ මේකටත් කෝටි ගානක් කාබාසිනියා කරන බිල්ඩිමක් කුලියට අරගත්තොත් .හැබැයි කවුරු හරි ලෝන් හැලිච්ච නිලියෙක් ගෙන් නං හුඟක් හොඳයි .මොකද එතකොට ළමයින්ගෙන් වගකීම් එන්නේ නැහැනේ

:       0       2

prasanka Tuesday, 17 August 2021 12:51 PM

4% ලෝඩ් එක නවත්තලා ඇප්රුවල් ගන්න ලේසි නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 397 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 135 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 68 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 76 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 671 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 840 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site