(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අවසන් වරට පැවැත්වූ පාපන්දු නිලවරණය සංවිධාන කිරීම සඳහා නිලවරණ කමිටු සභාපතිට රුපියල් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) විශේෂ අවධානය යොමුවී ඇත.
මේ අතර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා එම සම්මේලනයට ලැබුණු රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් අවභාවිතා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද අවධානය යොමුවූ බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා( 3) රැස්විය.
පාපන්දු සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවරණය සංවිධානය කිරීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක්ද අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට රුපියල් හය ලක්ෂය බැගින්ද ගෙවීමට මුදල් අනුමත කිරීම ගැටළු සහගත බව එම කමිටුව පෙන්වා දෙයි .
කෝප් කමිටුව 2021 වසරේ අප්‍රේල් මස 22 වැනිදා රැස්වූ අවස්ථාවේදී මෙම මුදල් ගෙවූ බවට කිසිදු නිලධාරියෙකු ප්‍රකාශ නොකළ බවත් අප්‍රේල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බවත් කාරක සභාවේ සභාපතිවරයා එහිදී පැවසීය.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර වශයෙන් විමර්ශනයක් සිදුකර සති 02 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය.
කළුතර පාපන්දු ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ඉතාලි පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය පරිත්‍යාග කළ යූරෝ 40,400ක්ද(රු.6,287,670), ආසියානු පාපන්දු සම්මේලනය තරඟ පැවැත්වීමට ලබා දුන් ඩොලර් 60,000ක්ද(රු.6,415,290),පෞද්ගලික සමාගමක් සුනාමියෙන් විපතට පත් අයට නිවාස 20ක් ඉදිකිරීම සදහා ලබා දුන් රුපියල් කෝටියක් ද ආසියානු පාපන්දු සම්මේලනය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් 200,000ක්ද පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතා විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය මෙහිදී යොමුවිය.
පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකරු තරඟ විනිසුරුවන් ලෙස ව්‍යාජ නම් ඇතුළත් කර රුපියල් හාර කෝටියකට වැඩි මුදලක් ලබා ගෙන ඇති බව 2020 වසරේ අගෝස්තු මාසයේදී අනාවරණය වී ඇති අතර, එම මුදල් මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අප්‍රසාදය පළ විය.
මේ පිළිබඳවද සොයා බලා වහාම දන්වන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවදුරටත් නිර්දේශ කළේය.
සම්මේලනය ක්‍රීඩා තරඟාවලි සහ ක්‍රීඩා සම්මන්ත්‍රණ පැවැත්වීම සඳහා තරඟ සංවිධායකයන්ට ලබා දී තිබුණු, එහෙත් පියවා නොතිබුණු අත්තිකාරම්වල එකතුව 2018 වර්ෂයේ රුපියල් 2,252,067 ක් හා 2019 වර්ෂයේ රුපියල් 1,465,997 ක් බවද කාරක සභාවේදී අනාවරණය විය.
එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කරන ලෙසද කෝප් කාරක සභාව එම සම්මේලනයට දැනුම් දුන්නේය.
එම සංශෝධන මගින් සම්මේලනයේ නිලධාරි මණ්ඩලයේ ධූර කාලය වසර 01 සිට වසර 04 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්‍ය චරිත හේරත් මහතා නියෝග කළේය.
පාපන්දු සම්මේලනයේ විධායක සභාවට ඡන්දයෙන් සාමාජිකයන් 10 දෙනෙකු පත් කළද සභාපතිවරයා තවත් සාමාජිකයන් 18 දෙනෙකු පත්කිරීම සිදුකරන බව මෙහිදී අනාවරණයවූ අතර මෙය විශාල ගැටලුවක් බව කමිටුව පෙන්වා දුන්නේය.
එම තනතුරු 18 පුරප්පාඩුව පවතින හෙයින් පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන තෙක් එම පුරප්පාඩු සම්පූරණ කිරීමකින් තොරව තවදුරටත් හිස්ව තබන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
සම්මේලනය 2030 වසර දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර ඇතත්, එය විධායක කමිටුව අනුමත කර නොතිබුණු බවද මෙහිදී හෙළි විය.
ක්‍රියාකාරී සැලැස්මක් 2017 වසරේ සිට 2020 වසර දක්වා සකසා තිබුණද එය විධායක කමිටුවේ අනුමැතියට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව පාපන්දු සම්මේලනයෙන් මෙහිදී ප්‍රශ්න කළේය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී දොලවත්ත, බී.වයි.ජී රත්නසේකර සහ එස්. රාසමානික්කම් යන මහත්වරුන්ද , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාපන්දුවේ මගඩි රැසක් හෙළිවේ