(සුජිත් හේවාජුලිගේ )
රටපුරා ගෙවතු වගා සංග්‍රාමයක් ලබන පෙබරවාරි මාසයේදී අරඹන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍යාංශයේ උපදෙස් සහ විශේෂ ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
ගෙවතු වගාව සඳහා පර්චස් 20 ට අඩු ගෙවත්තකට රුපියල් 5000ක්ද පර්චස් 20 ට වැඩි අක්කරයකට අඩු ගෙවත්තකට රුපියල් 10,000ක්ද ලබාදීමට රජය පසුගියදා තීරණය කළේය.
මේ අතර එළවලු මිල තවත් සති කිහිපයකින් පමණ අඩු වනු ඇතැයි පැවසූ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රජය බෙදා දුන් ඇට වර්ග පැළවීමෙන් ලැබෙන අස්වැන්නද ඉදිරි කාලයේදී වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.
ගෙවතු වගා සඳහා රජය දැනටමත් ලබා දී ඇති ඇට ප්‍රමාණය මිලියන 2.5 කි.
එළවළු මිල ඉහළ යෑමට එක දිගට බල පැවැත්වුණු දේශගුණික තත්වයද හේතුවූ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පෙබරවාරියේදී වගා සංග්‍රාමයක්
Rohan Wednesday, 12 January 2022 05:26 PM
මඤ්ඤොක්කද?
ගොවිරාළ Wednesday, 12 January 2022 05:47 PM
ගෙවතු වගාවට කැමති මම නම් කිසිම දේශපාලන පක්ෂයක ගම් මට්ටමේ ශාඛා සමිතියක සාමාජිකයෙක් නොවෙයි හොඳේ. එ් නිසා දැනුවත් කිරීම් ගමේ දේශපාලුවන් හරහා නොකළොත් පමණක් සාර්ථක වේවි. දැන්වීම් බල බලා ඇවිදින්න වෙලාවකුත් මට නැහැ. ගමකට එකා ගණනේ සිටින ගොවිතැන සම්බන්ධ නිලධාරියෙක් ඇවිත් විස්තර දුන්නොත් සලකා බලන්නම්...
sampath Wednesday, 12 January 2022 06:18 PM
කථාව වගේද වැඩ අපි බලාගෙන ඉන්නව
Kumar (Kumar) Wednesday, 12 January 2022 11:48 PM
කටින් බතල කොළ හිටවනවා.
Manjula Thursday, 13 January 2022 07:44 AM
දේශීය බීජ ලබාදෙන්නේ නැත.
LGPJ Thursday, 13 January 2022 09:01 AM
එය එසේ වුවහොත් මුළු ගම්මානයම යෝධ ව්‍යසනයකට පත්වීමට ඉඩ ඇත !!!!!
de silva Thursday, 13 January 2022 10:13 AM
ලංකාවේ වගාව දියුණු කරන්න නම් නිකන් ඉඳන් පින් පඩි ගන්න කෘෂි නිලධාරියෝ සියල්ල ගෙදර යවන්න.