(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)
කොට්ටාව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අත්වාරුවකින් පහරදී පොලිසියේ දේපළ වලට අලාභ හානි කර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි.
පහරකෑමෙන් තුවාල ලද ස්ථානාධිපතිවරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත
එම පහර දීමෙන් ස්ථානාධිපතිවරයාගේ දකුණු අතේ වැලමිටට තුවාල සිදුවී ඇති අතර චෝදනා ගාරයේ සවිකර තිබෙන මුහුණ බලන කණ්ණාඩියට ,මෙන්ම රජයෙන් නිකුත් කරන ලද පුටුවකට අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය කියයි
ඉඳුල් සහිත කැලිකසල අඩංගු බාල්දියක් බාර නොගත්තේ යැයි උරණ වී මහරගම නගර සභාවේ කැලිකසල ප්‍රවාහනය ලොරියක සේවකයකුට පහර දී බාල්දියේ තිබූ ඉඳුල් සහිත අපද්‍රව්‍ය කසළ තැන තැන විසි කිරීම සම්බන්ධව ලද පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
පැමිණිල්ල සහ විත්ති පාර්ශවයේ පුද්ගලයන් සුළු පැමිණිලි අංශය වෙත කැඳවා පැමිණිල්ල විභාග කරමින් සිටියදී විත්ති පාර්ශවයේ පුද්ගලයකු ජංගම දුරකතනයකින් පැමිණිල්ල විභාග කරන අයුරු වීඩියෝ ගත කර තිබු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
එය දුටු සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එලෙස නොකරන ලෙස අවවාද කිරීමත් සමග උරණ වූ අත්වාරුවෙන් සිටි පුද්ගලයා එකවරම ස්ථානාධිපතිවරයාගේ හිස ප්‍රදේශයට අත්වාරුවෙන් පහර දීමත් සමගම අත අල්ලා එය වැළැක්වූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා ගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශයට එම පහර වැදී තුවාල සිදුවී තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
ඒ සමගම අනෙක් සැකකරුවන් දෙදෙනා ද එම ස්ථානයේ කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලිසියේ තිබූ දේපළවලට අලාභ හානි සිදුවී තිබූ බවත් සෙසු නිලධාරීන් අවම බලය පාවිච්චි කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් ලොක්කාට අත්වාරුවෙන් ගහලා