( තිළිණි ද සිල්වා)
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය අද (17) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයාගේ එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය එක්ව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත‍්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවට යුරෝපා සංගමය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
තවද, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනයන් පෙර පරිදිම පවත්වා ගෙන යෑම පිළිබඳව යුරෝපා සංගමය ප‍්‍රසංශා කරන අතර ජාතික ප‍්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ සුබ සාධනයන් කෙරෙහි කරනු ලබන ප‍්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දීමට කැමැත්ත පළ කර සිටිමු.
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්රජාතන්ත්රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්
Sanka Monday, 17 December 2018 09:23 AM
ලොවම දිනන්න නම් අපි නීතිගරුකව සහ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩකළ යුතුයි. දැන්වත් මෙය පාඩමකට ගෙන රටක් එක්ක සෙල්ලම් නොකර රට ඉදිරියට ගෙනියන්න දේශපාලකයින්ට මොලය පෑදේවා...
ගල්කටස් Monday, 17 December 2018 09:29 AM
අපි නොදන්න පුජාතන්තුුවාදය ඔයාලට ඔන කෙනා දිනෙව්වා.!
Bandara Monday, 17 December 2018 10:03 AM
මින් ඉදිරියට රූකඩ සංදර්ශන බලාපොරොත්තු වන්න.
Sankapala Monday, 17 December 2018 10:23 AM
ලොව දිනාගෙන වැඩක්ද තමන්ට දෙපයින් නැගිටින්න ශක්තියක් නැතුව..! යුරෝපීය රටවල් කොහොමත් කැමති සදාකාලික ණය ගැති ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් නැතිව ඔවුන් කියනා දෙය ක්‍රියාත්මක කරන ආණ්ඩුවලට. ඇත්තටම අපේ අය වැය ලේඛණය පවා හදන්නේ IF ඇතුළු ඇමරිකා, යුරෝපා රටවල් එකතුවෙන්... අපේ ආණ්ඩු කරන්නේ ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරලා ක්‍රියාත්මක කිරීම පමණයි. එයට හොඳම උදාහරණය හිටපු මුදල් ඇමති මංගල සමරවීරගේ අයවැය ලේඛණය සහ තෙල් මිල සූත්‍රය... ඒ වගේම අපේ රටේ පුරවැසියා දේශපාලන වහල් බවින් මිදී නිවැරදි ස්වාධීන දේශපාලන දැක්මක් ඇති කර නොගතහොත් ඔබේම දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයින් ඔබේම මුදල් සොරකම් කිරීම රැවටීමට ලක් කිරීම හා ඔබව තවතවත් බදුබරින් පාගා දැමීම සිදු කරනු ඇත. මිනිසුනේ... වහල් බවින් මිදියල්ලා... නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට ඔබ අසමත් නම් අවුරුදු 5ක් ඊට වන්දි ලෙස දේශපාලුවන්ට ශාප කරමින් ඒ කරුමය ගෙවාපල්ලා...
චාමර Monday, 17 December 2018 07:55 PM
හැමදාම අපේ රටවල් විනාශ කරේ මේ ඊනියා බටහිර රටවල් හතරයි. අපිට කවදා ඇස් පෑදේවිද?
Prof. Edward Perera Monday, 17 December 2018 11:28 PM
බටහිර රටවල් නොදියුණු හෝ දියුණු වෙමින් පවතිනා රටවලට සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීමට හේතුවන කරුණු කාරනා රාශියක් තිබෙනවා. ඊනියා තුන්වන ලෝකයේ රටවල සෘජුව හෝ වක්‍රව බටහිර රටවල් සමග සම්බන්ධ කම් පවත්වන දේශපාලන පක්ෂ හා ආගමික කණ්ඩායම් තිබෙනවා . වක්‍රව කටයුතු කරන කණ්ඩායම් රාජ්‍ය නොවන සංවිධාන (NGO ) හරහා තමන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගන්නවා, සෝවියට් දේශය පැවති කාලයේ නොදියුණු රටවල හා දියුණු වෙමින් පැවති ආණ්ඩු හා සංවිධාන සෝවියට් දේශයෙන් මුල්‍යම හා න්‍යායිකව ආධාර ලබා ගත්තා. මේ ඇඟිලි ගැසීම කුමන කඳවුරකින් සිදුවුවත් මේකියන රටවල දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීමට එය සෘජුවම හේතුවක් වෙනවා. බටහිර රටවල් ප්‍රජාතන්ත්‍ර වාදය හා මානව අයිතිවාසිකම් ඉදිරියට දමාගෙන මේ ඇඟිලි ගැහීම සාධාරණීකරණය කරන අතර අනෙක් කණ්ඩායම් මේ රටවල ඇති ස්වභාවික සම්පත් හා වෙළඳ පොළ වෙනුවෙන් විමුක්ති දායකයන් ලෙස ඉදිරිපත් වෙනවා. කොයි පැත්තෙන් බැලුවත් මෙය රැවටිල්ලක්ම බව පැහැදිලි වුනත් ජාත්‍යන්තර වශයෙන් පිල්බෙදී සිටින ස්වදේශික දේශපාලන කණ්ඩායම් මේ තත්වය විෂය බද්ධව තේරුම් ගැනීමට තම රටවල ජනතාවට ඉඩ තබන්නේ නැහැ.