IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පරාජය වූ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකියි

(නාලක සංජීව දහනායක)
 
අයවැය ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයන්ට අදාළ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට අද  (28) පැවැසීය.
 
එම අමාත්‍යංශ සඳහා මුදල් ලබා ගැනීමට නම් අයවැය ඡන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තුවට පරිපූර්ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර සම්මත කරගත යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
 
එක්සත් ජාතික පක්‍ෂයෙන් අනාගත ජනාධිපති සිහින දකින ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ අමාත්‍යංශ වැය ශීර්ෂයන් පරාජය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ද විපක්‍ෂයට සහය දැක්වූ බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
     



අදහස් (12)

පරාජය වූ වැය ශීර්ෂයන් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකියි

buddika Friday, 29 March 2019 12:21 AM

හොඳ වැඩේ හෙළ කරුමයට. පළාත් සභාවෙත් ඔය ටිකම උනා.....හරිනම් පාඨලී සහ වජිර ඉල්ලා අස්විය යුතුයි... අපි බලමුකෝ

:       9       32

Keppetipola Friday, 29 March 2019 01:29 AM

අනේ පව්. අර චම්පිකගේ සිහින ඔක්කොම බොඳ උනා. යුඑන්පි එකෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න හිටියේ

:       0       7

Chanak Los angeles Friday, 29 March 2019 01:50 AM

බලයේ ඉන්නකොට අවනීතිය රජකරවපු එවුන් දැන් නීතිය ගැන කතාකරනවා .. අපි කියනවා නැවත වරක් වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ගෙනෙන්න කියා .

:       243       121

sudda Friday, 29 March 2019 06:07 AM

චානක ලොස් ඇන්ජලිස්, ඔයාට ඕන විදිහට නෙවෙයි වැය ශීර්ෂය ගේන්නේ. පාර්ලිමේන්තුවේ නීති ක්‍රමයක් තියෙනවානම් ඒ විදිහටයි. ඔය විදිහටම පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න ගන්න බලන්න.

:       1       16

Sunik mikanoFriday, 29 March 2019 07:39 AM

Chanaka Los Angeles, මේ වගේ අයත් මේ ලෝකයේ ඉන්නවනේ, තමන්ගේ ජාතිය, තමන්ගේ මව් බිම ගැන කිසිම කැක්කුමක් නැති පුදුම මිනිස්සු.

:       0       9

Chanak Los angelesFriday, 29 March 2019 08:59 PM

මිනිසුන්ගේ කරපිටින් බලයට ගිහිල්ලා රටේ සම්පත් ඕන ඕන ආකාරයට භුක්ති විඳිමින්, රජයේ මුදල් අවභාවිත කරමින් මියගිය පුද්ගලයින්ගේ සොහොන් ගෙවල් කෞතුකාගාර හදා තිබෙන පුද්ගලයන් ඔබ දකින්නේ මොන පුද්ගලයන් හැටියටද?

:       0       0

Chanak Los angelesFriday, 29 March 2019 08:52 PM

නීති ක්‍රමයට වෙන්න ඇති එදා ඊට නොසුදුසු පුද්ගලයෙක් කතානායක පුටුවේ වාඩිවුණේ... ඕනෑම යෝජනාවක් රටේ පැවැත්මට හිතකර නම් එය කොතරම් පරාජය වුණත් නැවත ගෙනත් සම්මත කරගැනීම කිසි වරදක් නොවෙයි..

:       0       0

smn Friday, 29 March 2019 07:29 AM

පරාජයට පත් වූ අමාත්‍යංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සංශෝධන සහිතව නැවත සම්මත කරගැනීමට කටයුතු කරනවැයි කියල අගමැතිතුමා කියන්නෙ? හිටපු මුදල් ඇමැතිවරයකු මොනවද මේ කියවන්නෙ?

:       4       6

C.K.Lankaputhra Friday, 29 March 2019 07:33 AM

පුලුවන්. එයා දන්න අය වැය.

:       1       0

sirimal Friday, 29 March 2019 09:19 AM

අනේ නිකන් ඉන්න මහත්තයා. ඔය තරම් බොරු කියන්න එපා පොළව පලාගෙන යයි. ඔය මොන මොනවත් සංශෝධන සහිතව නැවත සම්මත කර ගන්නට පුළුවන්නේ... හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවා ගැනීමේ වගකීම බාර ආණ්ඩු පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු එන්නේ නැති දවසක තමයි ඒ වැඩේ කරන්න වෙන්නේ. නැත්තන් ඉතින් එදාටත් අවශ්‍ය තරම් මන්ත්‍රීවරුන් ගෙන්වාගන්න එකක් නැහැ...

:       76       51

Alagiyawanna Friday, 29 March 2019 10:30 AM

සිරිමල්, සංශෝධන සහිතව කාරක සභා අවස්ථ‍‍ාවේදී තුන්වර කියෙව්වාටත් පසුව තමා ඔය පරාද වුනේ. එතකොට ආයේ සංශෝධන සහිතව ගෙනෙන්නේ හතරවන අවස්ථාවේ විාවාදයටද? මන්ත්‍රීවරයා කියන දේ හරි. පරිපූරක ඇස්තමේන්තු‍වක් ගෙනත් සම්මත කර ගන්න කිසිම බාධාවක් නැහැ. ඔය බිලියන ගණන් සම්මත කර ගන්නේ අපූරුවට.

:       0       1

සිරිබිරිස් Saturday, 30 March 2019 12:42 AM

මේක බැරිවුණාට 4 දෙනෙකු සිටින පවුලකට රුපියල් දෙදහස් පන්සියයකින් මාසයක් කන්න බොන්න පුලුවන් නේද ඇදුරුතුමා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 644 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 532 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1791 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site