(බිඟුන් මේනක ගමගේ)
‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රික්ක 22 කටම තරග කරන්නේ යැයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා අද(13) පැවසීය.
ඒ අනුව 17 හා 18 දෙදින ඊට නාමයෝජනා බාරදීම සිදුකරන්නේ යැයි ජයගොඩ මහතා කීය.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු 19 වැනිදා රාත්‍රියේ සිට ආරම්භ කරන්නේ යැයි ද 22 වැනිදා සිට ප්‍රචාරක රැස්වීම් පවත්වන්නේ යැයි ද ඔහු කීවේය.
ඒ අනුව කොළඹ ප්‍රධාන රැස්වීම 26 වැනිදා මහරගම නගර මධ්‍යයේ සවස 3.00 ට පැවැත්වෙන්නේ යැයි ද ජයගොඩ මහතා සඳහන් කළේය.
ජනතා ඡන්දයෙන් තේරී පත්වුවද පාර්ලිමේන්තුවට ගිය පසු බහුතර දේශපාලකයන් සම්මුතිකාමී වන්නේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට යැයි ද ඒ නිසා පාර්ලිමේන්තුවට අඩුම තරමින් සමාජවාදී නියෝජිතයන් දෙදෙනකු හෝ යැවිය යුතු යැයි ද ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දිස්ත්‍රික්කවලටම තරග කරයි
kamal Friday, 13 March 2020 09:05 AM
සියලුම දිස්ත්‍රික්කවලින් පැරදීම ස්ථිරයි.
Keppetipola Friday, 13 March 2020 09:06 AM
කුමාර් ගුණරත්නම් නායකත්වය දෙන මෙම පක්ෂයට මුදල් ලැබෙන්නේ මොන රටින්ද කියා සොයා බැලිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබමින් පදිංචිව සිටින කුමාර් ගුණරත්නම්ගේ පවුල පසුගිය කාලයේ ලංකාවට මඩ ගසමින් බොරු චෝදනා කරමින් ප්‍රධාන රූපවාහිනි නාලිකා වල අමුතුම චරිතයක් රඟ පෑවේය. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ලංකාවේ තරුණ විශ්වවිද්‍යාල සිසුන් නොමග යවා පෞද්ගලික දේපල විනාශ කරමින් උද්ගෝෂණ වල පිටු පස සිටිමින් මුදල් වියදම් කරන්නේ මොවුන් වේ. මේ තක්කඩින් රටින් නෙරපා දැමිය යුතයි. මොවුන් ගැන විමසිලිමත් වන්න.
Mahesh Friday, 13 March 2020 09:07 AM
චන්ද 10000 ක් නෑ. ඉල්ලන අයත් ඡන්දේ දෙන්නේ නෑ වගේ..
Raveendra Friday, 13 March 2020 09:37 AM
පෙරටුගාමීන් නොහොත් අගතිගාමීන්ට මෙසේ කියන්නෙමු... නුඹලා මෙන්ම කලුකුමාරයන්ගේ අන්තරේ ඉන්න අයගේ ක්‍රියාකලාපයන් වලට කාටවත් සාමය අගයන කිසිඳු පුරවැසියකු තමන්ගේ කැමැත්ත ලබාදෙයි යන්න...
Mahee Friday, 13 March 2020 09:47 AM
සතුටුදායක පුවතක්... අපේක්ෂකයින් දෙසීයක් දැම්මොත් එකාගෙන් රුපියල් පන්දාහ ගානේ ආවත් දශ ලක්ෂයක්වත් ආණ්ඩුවට ලැබෙනවනේ... ඇප රාජසන්තක වුණාම. අනික් පක්ෂවලට වැඩිය මහන්සි වෙන්න වුවමනා නැහැ. මේ ගොල්ලන්ගේ කට්ටිය නවකවදය දෙනවා කියලා කරන වැඩ ගැන ජනතාවට කියාදුන්නාම හොඳටම ඇති අතුගෑවිලා යන්න.
Kumara Friday, 13 March 2020 09:58 AM
නෑ අපිට කොරෝනා හැදෙනවා ඊට කලින්.................
රවින් Friday, 13 March 2020 12:34 PM
අර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ට්‍රැක්ටර් රෝදේ උඩ පැන පැන ගියා කිව එකත් ඉන්නේ මේ පක්ෂයේ නේද? ලැහැස්තිවෙන්න දැනට ඉතුරුවෙලා තියන විනයත් නැති රටකට. ඡන්දය දෙන එවුන්ට අබ සරණයි.