(නිමල කොඩිතුවක්කු)
‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා පරණ තරහ මරහ අමතක කරලා රට සංවරධනය කිරිම සඳහා අත්වැල් බැඳ ගන්න කියලා. පෞද්ගලික නයාය පත‍්‍ර පැත්තකින් තියලා සියලූම දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි.’’
රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව කටයුතු කළ යුතුව ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කොළඹදී පැවසීය.
පසුගිය දිනවල රටේ මතුව තිබූ දේශපාලන අර්බුද වලින් අඩාල වී ගිය ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළ යළි ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව වැඩ කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
කොල්ලූපිටියේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ දී වැඩ බාර ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මෙසේ ද කීය.
වතුකම්කරු ජනතාවගේ ගැටලූ වෙනුවෙන් අපි තනතුරු පැත්තකට දාලා කැපවෙනවා. වතුකම්කරු වැටුප් ගැන කාලෙන් කාලෙට තොන්ඩමන් මහතා බොරු කියනවා. තවදුරටත් මේ ජනතාව නොමග යවන්න එපා කියලා අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.
වතුකම්කරු ජනතාවට රුපියල් 600ක් මදි. ඔවුන්ට ප‍්‍රමාණවත් වැටුපක් හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදියට අපි කැපවෙනවා. සියලූම පාර්ශව සමඟ සටන් කරලා අපි වතුකම්කරු ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරනවා.
මෙම අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්වූහ.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’