බිඟුන් මේනක ගමගේ
ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කිරීමට අද (28) පියවර ගත්හ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු වත්කම් බැරකම් තොරතුරු ජනසතු කිරීමේ ව්‍යාපාරයේ පියවරක් හැටියට මෙම කටයුත්තට දායක වී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක, තාරක බාලසුරිය, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුය.
මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දැක් වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවැසුවේ මෙරට දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවරක් බවට මෙම තොරතුරු හෙළිදරව්ව පත්වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබේසේකර මහතා මෙසේ ද පැවැසීය.
“තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාව අතට පත් කරන්නට මෙම පාර්ලිමේන්තු නියෝජිතයන් 06 දෙනා විසින් ගනු ලැබූ නිර්භීත පියවර අපගේ ප්‍රශංසාවට ලක්වෙනවා. මෙම අවස්ථාව,දේශපාලනඥයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනසතු කිරීමේ ව්‍යාපාරයේ සුවිශේෂී මං සළකුණක්. මෙම පියවර, පාර්ලිමේන්තුව මහජනතාව වෙත විවෘත කිරීමට, විනිවිදභාවය සහ වගවීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයන් අතර පවත්නා දුරස්ථභාවය දුරලීමට ද හේතු වෙනවා. මෙය ආදර්ශයට ගනිමින් සෙසු සියලු ජනතා නියෝජිතයන් ද, තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ මහජනතාව අතට පත්කර නිසැක වශයෙන්ම තහවුරු කළ යුතු මහජන යහපත වෙනුවෙන් පෙනී සිටිනු ඇති බව අපගේ බලාපොරොත්තුවයි”.
(එම ප්‍රකාශ නැරඹීමට පිවිසෙන්න - https://tisrilanka.us14.list-manage.com/track/click?u=57c6cb3a3800e1b647eef16aa&id=643118cb21&e=0198ab991a)
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ප්‍රථම වරට වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාව අතට
sena Thursday, 28 February 2019 12:46 PM
වැඩකට නැති වැඩක්. කව්ද තමන්ගේ නමින් හොරකම් කරපු දේවල් තියාගන්නේ.
Raveendra Thursday, 28 February 2019 12:54 PM
අප මෙම මහජන නියෝජිතයන්ගේ ක්‍රියාව ඉතාමත්ම ඉහලින් අගය කරන්නෙමු.
Sriyal Thursday, 28 February 2019 03:48 PM
ගෞරවනීය දේශපාලකයින් සඳහා ආරම්භයක්..
Bamunuarachchi Friday, 01 March 2019 04:30 AM
අපි ඒ ගොල්ලන්ගේ වත් පොසොසත් කම ගැන දන්නවා. ඉස්කෝලේ යන කාලේ බයිසිකලයක් නොතිබ්බ එවුන් දැන් යන්නේ බී එම් ඩබ්ලිව් වල. තව මොකටද අපි වෙබ් අඩවි වලට යන්නේ මුන්ගේ වත්කම් බලන්න.
දිමුත් Friday, 01 March 2019 04:36 AM
අනිත් අයගේ ඒිවාත් දාන්න කියන්න