IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප්‍රථම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට

(සිතුම් චතුරංග)

ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සුළංවිදුලි බලාගාරය වන ‘තම්බපවනි‘ බලාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) මන්නාරම නඩුකුඩා හීදි සිදුකෙරිණ.

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඉදිකොට ඇති මෙම පළමු සුළං විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 135 වියදමකින් ඉදිකොට තිබේ.

සුළං කුළුණු 30ක් සමන්විත මෙම බලාගාරයේ ප්‍රථම අධියර යටතේ සුළං කුළුණු දයහක් ක්‍රියාත්මක කරවීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

විදුලිබල අමාත්‍යංශයේ සුර්ය බල හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබේ.

ඉදිරි වසර දහය ඇතුළත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාව සපුරාදීම වෙනුවෙන් ඉදිකොට ඇති මෙම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 800 විදුලියක් උත්පාදනය කොට ජාතික විදුලි බල පද්දතියට ලබාදීමට නියමිතය.

එහි පළමු පියවර යටතේ මෙම බලාගාරය යටතේ මෙගාවොට් 110 ක අධික ධාරිතාවක් ඊයේ දිනයේ සිට ජාතික විදුලිබල පද්දතියට එක්කිරීමට නියමිත අතර මේ තුලින් එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් දහයකටත් අඩු මුදලක් වැයවන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම , ඩග්ලස් දේවානන්දා , රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් , කේ. තිලීපන් යන මහත්වරුන් ඇතුළු විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ඇතුළු විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් , දේශපාලන ක්‍රියාකාරීන් , ප්‍රදේශවාසීන් පිරිසක් වැඩසටහන් අවස්ථාව සඳහා එක්ව සිටියහ.



අදහස් (5)

ප්‍රථම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට

ana Tuesday, 08 December 2020 09:03 AM

මේක ලංකාවෙ පළමු සුළං බලාගාරය නම් පුත්තලමේ තියෙන්නේ නිකම් රූං පෙති ද? නැත්නම් පුත්තලම ලංකාවේ නොවේ ද?

:       3       40

rana Tuesday, 08 December 2020 10:18 AM

මෙය 2019 මාර්තුවල පසුගිය පටන් ගත්ත ව්‍යාපෘතියද? කවුරු කළත් අගනා දෙයක්... අනුන් කළදේට ලකුණු දමා ගැනීම නම් හොඳ නැහැ.

:       0       0

Nuwan Tuesday, 08 December 2020 02:13 PM

ඇත්ත කතාව... ඔය ව්‍යාපෘතියේ 30%ක් වත්ඉවර වෙලා නැතිව තමයි කඩිමුඩියේ ඕක විවෘත කරන්නේ. මොකද මිනිස්සුන්ට මොනවා හරි කරනවා කියලා පෙන්නන්නත් ඕනෑනේ. අයියෝ සල්ලි..!!!

:       0       0

Demuni Uduwara Tuesday, 08 December 2020 04:49 PM

සියලු උත්සව නවත්වන්න.

:       0       14

චමින්ද Wednesday, 09 December 2020 02:05 AM

ආනාගේ අදහස ඉතාම නිවැරදියි. කතරගම යනවිටත් බලංගොඩ පෙදෙසේත් මෙවැනිම ඒවා 69 ට මෙන්ම ළිංමැඩියන් වගේ අයට නොපෙනුණත් අපි නම් දැකලා තියෙනවා. ඇත්තටම ගල්අඟුරු බලාගාරයක් නොහදා මෙය ආරම්භ කලේ කවුද කියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 290 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 210 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 852 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 234 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 727 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 155 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site