(එම් .සුසිල් ප්‍රියන්ත)
බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි කියමින් ඇදිරිනීතියද නොතකා බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශවාසීන් අද (15 ) පස්වරුවේදී නිවෙස්වලින් එලියට බැලීමත් සමගම ගම්මානයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවිය.
මේ තත්වය පාලනය කිරීමට අහුන්ගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම ස්ථානයට පැමිණිමටද සිදුවිය.
සිය ගම්මනයේ ඉඩමකට බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් දිනපතාම එකතුකරන කැළි කසළවලින් හමන දුර්ගන්ධයෙන් තමන්ට නිවෙස්වල සිටීමට බැරි බව පවසමින් ගම්වාසීහු ඇදිරිනීතියද නොතකා සිය නිවෙස්වලින් බැහැරව පාරට බැස්සෝය .
මේ සමගම බලපිටිය ගිනිගල්ගොඩ ගිනියම්වීමට ගතවූයේ නිමේෂයකි. මේ ගද උසුලා මියයනවාට වඩා කොරෝනා වැලදීමෙන් මිය යන එක හොදයි කියමින් මේ ගම්වාසීහු පාරට බැස්සේ කොරෝනා නීතිය ගැනද නොතකමින් ය.
මේ තත්වය පාලනය කිරීමට අහුන්ගල්ල පොලීසිය නොපමිණියේ නම් තත්වය තවත් බැරැරුම්වීම නොවැළැක්විය හැකිය .
මේ සදහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුකිරීමට අහුන්ගල්ල පොලීසිය කටයුතු කරන බව දැන්වීමෙන් පසු ජනතාව යළිත් සුපුරුදු පරිදි ඇදිරිනීතිය රැකීමට යළි නිවෙස් කරා ගියහ.
බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එන් .සමන් ද සිල්වා මහතාගෙන් මේ පිලිබදව විමසූවිට ඔහු කීවේ මේ පිලිබදව හෙට උදේම (16 )සොයා බලා ඊට විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති