IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ප්‍රභාකරන්ගේ රුව - බැනර් ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු මුම්බායිහිදී අත්අඩංගුවට

(තිළිණි ද සිල්වා)  

                                                           
ඉන්දියාවේ මුම්බායිහිදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත  සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කළ කොටි හිතවාදීන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.                                                               
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක සීමාන්ගේ නායකත්වයෙන් යුතු නාම් තමිලර් සංවිධානයේ සාමාජික දෙමළ ජාතිකයින් දෙදෙනෙකු වන මුතියජගන් සුන්දරම් සහ පලනිවෙල් රවින්ද්‍ර නැමැත්තන්ය.                                                            
ඊයේ (28) මුම්බායිහි මුලුන්ඞ්ස් ප්‍රදේශයේ ජනාකීර්ණ වටරමුකදී මොවුන් දෙදෙනා ප්‍රභාකරන්ගේ රුව රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් සිටියදී මුම්බායි පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.                              
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 64 වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔවුන් මෙම බැනර් ප්‍රදර්ශනය කර ඇත.                                                                       
අත්අඩංගුවට ගත් නාම් තමිලර් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාට පොදු දේපල යටතේ චෝදනා ඉදිරිපත් කරමින් මුම්බායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

ප්‍රභාකරන්ගේ රුව - බැනර් ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු මුම්බායිහිදී අත්අඩංගුවට

Priya Thursday, 29 November 2018 01:34 PM

ඉන්දියාවෙ අත් අඩංගුවට ගන්න පුළුවන්නම් ඇයි ලංකාවෙ බැරි ? මේ වගේ සිද්ධි ලංකාවෙ කොච්චර වෙනවද, වෙලා තියෙනවද? එකෙක්ව අත් අඩංගුවට ගත්තද? කාට බයේද? ඩයස්පෝරාවට බයේද? අනේ මන්ද. මල කෝලං!!!

:       0       0

Priya Thursday, 29 November 2018 03:10 PM

ඉන්දියාවෙ අත්අඩංගුවට ගන්න පුළුවන්නම් ඇයි ලංකාවෙ බැරි ? මේ වගේ සිද්ධි ලංකාවෙ කොච්චර වෙනවද, වෙලා තියෙනවද? එක්‌කෙනෙක්වත් අත් අඩංගුවට ගත්තද? කාට බයේද? අනේ මන්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 901 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 218 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1576 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1999 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1909 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 260 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site