IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


'ප්‍රමිතියෙන් යුත් පොහොර දුන්දාට චීන පොහොර සමාගමේ බැදුම්කරය නිදහස්'

(ඩයනා උදයංගනී)

චීන පොහොර සමාගමට වන්දි මුදලක් ලබාදුන්නත්, ඔවුන් නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදෙන තුරු එම සමාගම ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක බැඳුම්කරය නිදහස් කරන්නේ නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එම සමාගමට වන්දි ලබාදීම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූලවල යළිත් පොහොර ලබාදෙන කොන්දේසිය යටතේ බව කී ඇමතිවරයා ඔවුන්ගේ බැඳුම්කරය නිදහස් නොකළ බව ද සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද  (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

පොහොර තොගයට අදාළව පැවති අධිකරණ කටයුත්ත සම්බන්ධයෙන් නීතිපතිතුමන් ලබාදුන් පැහැදිලිකිරීම සහ මගපෙන්වීම යටතේ අදාළ සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක වන්දියක් ගෙවීමට රජය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.

ඔවුන් ඉදිරියේදී මෙරට ප්‍රමිතියට අනුකූල පොහොර ලබාදිය යුතු අතර එම පොහොර සඳහා කිසිඳු මුදල් ගෙවීමක් නොකරන බව ද පැවසීය.



අදහස් (9)

'ප්‍රමිතියෙන් යුත් පොහොර දුන්දාට චීන පොහොර සමාගමේ බැදුම්කරය නිදහස්'

ජන හඩ Tuesday, 21 December 2021 03:24 PM

බාල විදියට ක්‍රමවත් පියවර අනුගමනය නොකළ, කලබලෙන් උණු කැවුම් වගේ, අසූචි දමා යන්න ලෑස්ති වුණු මෙම සමාගමටම ඇණුවුම දෙන්න හදන්නෙ මොකද කියල පෙර පුරුදුවලින් උපකල්පනය කරන්න තමා වෙන්නෙ.

:       0       3

de silva Tuesday, 21 December 2021 04:28 PM

නිකන් බොරු කියන්න එපා.අර ජරාවට ුදල් ගෙවල ඉවරයි ක්ෂුද්‍ර ජීවින්ගෙන් තොර පොහොර කොහේද තියෙන්නෙ

:       0       1

Lankaputha Tuesday, 21 December 2021 04:36 PM

අපොයි... දඩ ලක්ෂ 70යි. හොඳ දේත් ආපහු දුන්නා. දැන් මිලියන 5ක් කොහෙවත් නෑ.. කාගේද මොලේද?

:       0       1

Mama Tuesday, 21 December 2021 04:50 PM

මේ අසුචි අපට එපා. වසල රැලම කරගන්න.

:       0       1

Gobbaya Tuesday, 21 December 2021 07:04 PM

එක අසුචි නැවක් ගේනවා මදිද සර්, තව අසුචි නැවක් ඉල්ලන්නේ.

:       0       1

Sambo Tuesday, 21 December 2021 10:25 PM

මේ වගේ මිනිසුන්ට මොනවද කියයුත්තේ.

:       0       1

Hafeel Wednesday, 22 December 2021 07:50 AM

වෛද්‍ය උපාධියක් තියාගන මෙහම තුට්ටුවට කඩේ යනව නේ. කඩේ යාමත් සීමාවක් තියනවා. ලජ්ජා වියයුතුයි මෙහම බාල්දු වෙන්න එක ගැන. මෙයාම කියනවා ගෙවන්නේ වන්දි කියල. වන්දි කියන මොනවාද කියල තාම අවබෝදයක් නැති අය අද රට පාලනය කරන්නේ. ළදරු පාසල් ළමයිත්ටත් අවබෝදයක් තියනවා වන්දි කියන්නේ මොනවටද කියල. සාමානයෙන් තැන්පතුවක් තියන්නේ සැපයුම්කරුද (අපනයනකරුද) නැත් නම් ආනයනකරුද? අපි නම් අහල නැහැ සැපයුම්කරු තැන්පතුවක් තියනවා බව. ඒ නිසා නේ ආනයනකරු සැපයුම්කරුට ණයවර ලිපියක් බැංකු හරහා ඉදිරිපත් කරන්නේ. අනික විෂය භාර ඇමති මහින්දානන්ද හෝ අර වහල්ලු ජොනී හෝ කිව්ව නැහැ මෙහම තැන්පතු කතා. ඔවුනුත් කිව්වේ වන්දි ගෙවනවයි කියල. ඒ නිසා මේ තැන්පතු කතා බොරුවක් වෙන්න පුළුවන්. තවදුරටත් ජනතාව මුලා කරන්න නැතුව වන්දි කියන වචනය තේරුම් ගන්න.

:       0       5

Nalaka Anuradha Wednesday, 22 December 2021 09:38 PM

උගත් මිනිහෙක් වෙලා, රටේ ඔන්න අනික් මිනිස්සු මොඩයින් කියලා හිතාගෙන මේ අය ඉන්නේ... නියම ප්‍රසම්පාදන ක්‍රමයකින් තොරව, මිලකැඳවීම් කළානම් මිලියන 5$ ක බැඳුම්කරයක් තියාගෙන මිලියන 6$ ක් ගෙවන්න වුණා නම්. නොමනා දේවල් කළ අය හිරේ දාන්න හෝ වෙඩිතියලා මරල දාන්නේ නැතුව... මේ කරන නාඩගම් බැලුවාම අපි පවු...

:       0       0

Nalaka Wednesday, 22 December 2021 09:41 PM

පොහොර සම්පාදනය හරියට නොදන්න කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 433 1

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 239 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 151 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 769 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 391 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 386 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site