( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් සලකා බැලීම හෙටට (10) කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) තීන්දු කළේය.
සිවිල් ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෙම පෙත්සම අද( 09) අභියාචනාධිකරණ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම හෙටට කල් තැබිණි.
කාලීන වැදගත්කමකින් යුතු කරුණු මත පදනම්ව ඇති බැවින් එය කඩිනමින් සලකා බලන ලෙස පෙත්සම්කරු කල ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය මේ බව තීරණය කලේය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ලාෆ්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ්,ලිට්ට්රෝ ගෑස් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න, රජයේ ප්‍රධාන තක්සේරුකරු ඇතුළු දස දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කල ගෑස් සමාගම් සහ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත
තවද වගඋත්තරකාර ලාෆ්ස් සහ,ලිට්ට්රෝ ගෑස් සමාගම් සතු සියලු වත්කම් අත් හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
එසේම අනාරක්ෂිත ගෘහස්ත ගෑස් සිලින්ඩර පුපුරා යාමෙන් අනතුරට පත් සහ මියගිය අයගේ පවුලේ ඥාතීන් ට වන්දි ගෙවන ලෙස අදාළ ගෑස් සමාගම් වලට නියෝගයක් කරන්නැයි ද පෙත්සම මගින් ඉල්ලා තිබේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතයට ගන්නා පාරිභෝගිකයන් විශාල පිරිසක් සිටින බව පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමින් පෙන්වා දේ.
එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු සමාගම් දෙකක් මගින් සිදු කරන අතර ගෑස් සිලින්ඩර වල සංයුතිය බියුටේන් සියයට 80ක් සහ ප්‍රොපේන් සියයට 20ක් ලෙස පැවතියද එම සංයුතිය 50% තෙක් වෙනස් කිරීමට එම සමාගම් රහසිගතව කටයුතු කර ඇති අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධිය වාර්තා වූ බවද පෙත්සමෙහි සදහන් වේ.
එසේම පුපුරා යාමේ සිද්ධි වාර්තා වූ විගස එම ගෑස් සිලින්ඩර බෙදා හැරීමේ කටයුතු අත්හිටුවීමට බලධාරීන් කටයුතු නොකළ බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලධාරීන්ගේ නොසැලකිලිමත් කම මත මෙම සිදුවීම් වන බවට පෙත්සම්කරු චෝදනා කරයි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගෙන අදාළ නියෝගයන් ලබා දෙන ලෙස පෙත්සම්කරු සිය රිට් පෙත්සමෙන් සිටී.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂට එරෙහි පෙත්සම සළකා බැලීම හෙට