IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ප්‍රේමලාල්ට මැතිසබා කමිටු රැස්වීම්වලටත් අවසර

(*** සුජිත් හේවාජුලිගේ)

මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්නොවන දිනවල පැවැත්වෙන එහි කමිටු රැස්වීම්වලට ද සහභාගිවීමට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවැසුවේ එම කමිටු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී ප්‍රේමලාල් ජයසේකර මහතා ඒවාට සහභාගි කරවන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන වෙනත් උත්සව හා සාකච්ඡාවලට සහභාගිවීමට ඔහුට අවසර නැතැයිද වේත්‍රධාරිවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා ඉකුත් සතියේ පැවැති පාර්ලිමේන්තු රැස්වීම් හතරටම සහභාගි විය.

අධිකරණයේ අවසරය මත ජයසේකර මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට ඒ දින හතරේම ආරක්ෂක රැකවරණ යටතේ කැඳවාගෙන එනු ලැබීය.

මරණ දඬුවම නියමවීමෙන් පසුව ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වනවිට රඳවනු ලැබ සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

 



අදහස් (15)

ප්‍රේමලාල්ට මැතිසබා කමිටු රැස්වීම්වලටත් අවසර

pradeepa Tuesday, 15 September 2020 06:03 AM

ජෝක්නේ.. ලෝ එක කඩපු අයම, ලෝ එක හදන තැනම ඉන්නවා. අපේ ඡන්ද දායකයන්ගේ කොහොමද බුද්ධි මට්ටම? සීරෝ නේ.. අපේ බහුතර මෝඩ ජනතාව නිසා මේ රට විනාශ වෙනවා.

:       23       66

lankaputha Tuesday, 15 September 2020 06:04 AM

සළුවක් ඇඳගෙනද රජතුමා ඉන්නේ?

:       155       205

Rata Perata Tuesday, 15 September 2020 06:16 AM

එක රටක්, එක නීතියක්... දැන් සැපද? 

:       127       152

Bamunuarachchi Tuesday, 15 September 2020 06:37 AM

රංජන් වගේ කෙනෙක් මේ පැත්තේ හිටියොත් මෙයාට තිබෙන අභියාචනා තීන්දුවත් දෙයි.

:       178       23

Bamunuarachchi Tuesday, 15 September 2020 06:38 AM

මම මෙයාව දන්නේ චොකාමල්ලි නමින්.. ඒක මෙයාට හොඳට ගැලපෙනවා.

:       1       136

ලුම්බිණි Tuesday, 15 September 2020 07:02 AM

මේ මොන බොරු වැඩක්ද?

:       262       334

දිමුත්Tuesday, 15 September 2020 09:05 AM

ඉතින් 69 ලක්ෂයක කැමැත්තනේ. සුන්දර සිරි ලංකා...

:       1       58

BamunuarachchiThursday, 17 September 2020 01:22 AM

වලිගේ පාගාගන්න එපා. ලක්ෂ 69ක් ඡන්දය දුන්නේ චොකා මල්ලිට නොවේ. එහෙනම් ලක්ෂ 55ක් දුන්නේ සමගි ජනබලවේගයට... ඔවුන් බලයට ආවානම් චොකාමල්ලි පාර්ලිමේන්තු ගියාවගේ නොවෙයි.., එහෙනම් රටේ ශරියා ව්‍යවස්ථාවක් හැදෙන්නේ.

:       0       0

Hafeel Tuesday, 15 September 2020 07:20 AM

මේකද විනයගරුක පාලනය? ලෝකයේ මිනීමරුවන් නියෝජනය කරන එකම පාර්ලිමේන්තුව ලංකාව වෙන්න ඇති.

:       331       355

de silva Tuesday, 15 September 2020 07:26 AM

ලුම්බිණි, මේකතමයි, එක රටක්, එක නීතියක් කියන්නේ... හරක් මැරුවොත් හිරේ, මීනීමැරුවොත් පාර්ලිමේන්තුවේ..

:       0       217

Ratne Tuesday, 15 September 2020 07:36 AM

එහෙනම් අපරාධකාරයින්ට හෙටක්.

:       1       207

Ruhunu Tuesday, 15 September 2020 07:38 AM

හෙට, අනිද්දා වෙනකොට ගෙදර ගිහින් එන්නත් අවසර ලැබෙයි. හරියට නීතියක් ක්‍රියාත්මක නොකරන රටක්.., හැබැයි හැබැයි කයිවාරු ගහන්නේ නම් රටේ දූෂණය, භීෂණය නැතිකරනවා කියලා. මරණීය දණ්ඩනයට නියමවෙච්ච කෙනෙක්ව රටක් පාලනය කිරීමට යොදාගැනීම සුදුසුද? ඇත්තම කියනවා නම් අපේ රටේ නීතිය නම් හරිම පිළිකුල් සහගතයි. පොඩි මිනිහට එක නීතියක්. ලොකු මිනිහට එක නීතියක්.

:       1       243

ferna Tuesday, 15 September 2020 07:47 AM

අනේ හොඳා. ඒත් මොකද පරක්කු කියලා හිතුණා..

:       1       117

sharm warn Tuesday, 15 September 2020 07:54 AM

68 ලක්ෂයක් වන ඔබ පැතූ වෙනස මෙයද? සතුට යනු 68 ලක්ෂයට අයිති නොවීමයි.

:       1       126

siri Tuesday, 15 September 2020 08:18 AM

කෝකටත් තෛලේ ‘‘68 ලක්ෂයක ජනවරම‘‘ නේ. දැන් ඉතින් ඒක උඩ දදා ඕන දෙයක් කරාවි. හරිම සැපක් දැනෙන්නේ.

:       1       354

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බහලුම් නිෂ්කාශන ප්‍රමාද ගාස්තුව ආනයනකරුවන්ගේ කරපිටට
2025 ජනවාරි මස 15 13 0

ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන


නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක
2025 ජනවාරි මස 15 39 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා පත්කර ඇත.


ගල් ඔය කැඩුණු බැම්මට පිළියම අද සවස ඇරැ⁣ඹෙයි
2025 ජනවාරි මස 15 140 0

අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්
2025 ජනවාරි මස 15 43 0

පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි


අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය
2025 ජනවාරි මස 15 192 0

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි
2025 ජනවාරි මස 15 92 0

2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 247 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site