(අජිත්ලාල් ශාන්තඋදය)
මරණීය දණ්ඩනය නියමවී බන්‍ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනාධිකරණයේ අතුරු නියෝගයක් අනුව පාර්ලිමේන්තුවට පැමිණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ රත්නපුර, කුරුවිට, නිවිතිගල ආදි ප්‍රදේශවල ඔහුගේ ආධාරකරුවෝ රතිඤ්ඥා දල්වා ඒ සතුට සැමරූහ.
ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දුන් බව සැලවීමත් සමගම ඔවුහු මෙසේ රතිඤ්ඤා දැල්වූහ.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 142,037ක් ලබාගෙන ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්විය. නාමයෝජනා දෙන විට ජයසේකර මහතාට මිනීමැරුම් නඩුවේ තීන්දුව දීමට නියමිතව තිබුණි. ඡන්දයට පෙර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ අතර ඉන් ඔහු වරදකරු විය. ඔහුට මරණීය දණ්ඩනය නියම විය.
එහෙත් මැතිවරණයේ දී ඔහුට මනාප ලබාදී තිබීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් ලබා ඇති බව නිවේදනය කර තිබුණි.
(ඡායාරූප -සම්පත් ප්‍රියනන්දන - නිවිතිගල ආසනයේ ජනතාව)
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රේමලාල් දිවුරුම් දෙනවිට රත්නපුරේ රතිඤ්ඤා දල්වති
fairoos Tuesday, 08 September 2020 10:04 AM
මෙතුමාට ජනාධිපති සමාව දුන්නානම් ඉවරයිනේ.
RaveendraTuesday, 08 September 2020 10:53 AM
ඔබ විසින් "මෙතුමා" යන වැදගත්, උතුම් වචනය භාවිතා කර ඔබගේම මව්බසට ඉතාමත්ම පහත් ලෙස නිගාකර ඇති බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. මිනීමරුවන්ට, මහජන මුදල් හොරාකාපු පල්හොරුන්ට, මංකොල්ලකාරයින්ට, කසිප්පුකාරයින්ට, කුඩුකාරයින්ට, ගංජාකාරයින්ට... එකී මෙකී නොකී කාලකන්නින්ට අරතුමා, මෙතුමා, එතුමිය, මෙතුමිය, අර සර්, මේ සර් කියමින් වන්දනාමාන කරන තකතීරුවන් ඉන්න ලෝකයේ එකම එක රට අපේ රටවිම මොනතරම් කණගාටුවක්ද...?
K PereraTuesday, 08 September 2020 04:04 PM
මෙතුමා නොකියා වෙන කුමන විදිහකට අමතන්නද මේ වගේ උතුම් අය? මෙයාලා නැතිව පාර්ලිමේන්තුවේ වැඩ කෙරෙන්නේ කොහොමද? මේ වගේ පින්බර පුතුන් ඉදිරියටත් අපේ රටේ බිහි වේවා... අනේ වාසනාවන් අපේ රටට...
Perera Tuesday, 08 September 2020 10:07 AM
රත්නපුරේ දැන් මැණික් නැහැ, නිකන් බොරලුයි කළුගලුයි විතරයි.
සෙනෙවිරත්න Tuesday, 08 September 2020 10:18 AM
මිලේච්ඡ යුගයක්
විජිත්. Tuesday, 08 September 2020 10:21 AM
ශ්‍රී ලංකාවේ සිටින" බයියෝ " නම් ගෝත්‍රිකයින්ගේ උත්සවයක්...!!!
berty Tuesday, 08 September 2020 10:31 AM
අනේ මෙහෙමත් ගොන් රැළක්. දැන් දේශපාලනයක් නැහැ. උගත්කමක් නැහැ. කතිර ගහන්නයි, මිනීමරුවන් පාර්ලිමේන්තු ගියාම කිරිබත් කන්නයි විතරයි දන්නේ...
Nuwan Tuesday, 08 September 2020 10:33 AM
මේ වගේ බත්බැලයින් ඉන්නකම් අපි ගොඩ හාමුදුරුවනේ...
දුමින්ද Tuesday, 08 September 2020 10:41 AM
මේ රටේ පිළිවෙලින් ලක්ෂ 69ක් සහ 68ක් ඡන්දෙ දුන්නේ මේ රට කාලකන්නි රටක් කරන්නද? පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ රට ගැන, ඇයි මිනිස්සු නීතියට මේ තරම් නිගරු කරන්නේ...
Ratne Tuesday, 08 September 2020 11:10 AM
මරණ දඬුවම නියම වී ඇති සියළුම අපරාධකාරයින් හට මැතිවරණ වලට ඉදිරිපත් වීමට අවස්ථාවක් ලබා දී, ඔවුන් මනාප සැලකිය යුතු ප්‍රමාණයක් (උදා. 100,000 ට වඩා) ලබා ගන්නේ නම් එම දඬුවමින් නිදහස් කර රජයේ ඉහළ තනතුරුවලට පත් කිරීමට හැකි වන පරිදි 20 වන සංශෝධනයට වගන්තියක් එක් කරන්නේ නම් ආණ්ඩුවේ අපේක්‍ෂා ඉටුකර ගැනීම පහසු වනු ඇත. එවිට දුරකථන පක්‍ෂයේ සහයෝගයද ලබා ගෙන 5/6 කින් එය සම්මත කර ගැනීමට හැකිවනු ඇත.
pradeepa Tuesday, 08 September 2020 11:14 AM
මෙම පින්තූරවල ඉන්නේ ලක්ෂ 69 බුද්ධිමත් ජනතාවගෙන් ඉතා සුලු කොටසක් බව කරුණාවෙන් සලකන්න.
thilak Tuesday, 08 September 2020 11:17 AM
මේ අර ගුරුතුමාගේ ගම් පළාත නේද?
sharm warn Tuesday, 08 September 2020 11:27 AM
මේක තමයි 68 ලක්ෂයකගේ මානසිකත්වය. රටක්, ජාතියක් හැටියට නිවැරැදිව ගොඩනැගෙන්න නෙමෙයි. අනවශ්‍ය සතුටක් භුක්ති විඳලා තමනුත් දුක් විඳලා දරු මුණුපුරන්ටත් ඒ දුකම උරුම කරලා මැරිලා යන්න ආපු මිනිස්සු. ලංකාව කවදාවත් හැදෙන්නේ නැහැ. දවස ගානේ වලපල්ලටම යනවා විතරයි..
indika Tuesday, 08 September 2020 11:40 AM
මෙහෙම පුද්ගලයෙක්ට ඡන්දය දුන්නු මිනිස්සු එහෙම දෙයක් කළාම හිතන්න දෙයක් නැහැ. ඒ රත්නපුරේ ඡන්දෙ දුන් මිනිස්සුන්ගේ උගත්කම... ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට ලැබෙයි.
Asanga Tuesday, 08 September 2020 11:52 AM
අපේ රටේ මේ වගේ අය ඉන්නකම් මේ රට ජනපතිට තියා සක්කරයාටවත් හදන්න බැහැ. හරිම දුකක් දැනෙන්නේ...
sharm warn Tuesday, 08 September 2020 12:02 PM
මොනවා වුණත් මාධ්‍ය නම් මෙහෙවර හරියටම කරලා තියෙනවා. පොහොට්ටුවන්ගේ සුපුරුදු මාකටින් පාර හොඳටම කරගෙන තියෙනවා. හරිම ආදර්ශමත්...
Demuni Uduwara Tuesday, 08 September 2020 12:30 PM
තේරුමක් නැති, නිෂ්ඵල උපසර්ග තමයි මේවා...!!!
Nihal Tuesday, 08 September 2020 12:58 PM
මේ අය පුත්තලමෙන් ඇවිත් රත්නපුර පදිංචි වුණු අයද?
Champa Tuesday, 08 September 2020 01:06 PM
මෝඩ මිනිස්සු තමයි.
raheem Tuesday, 08 September 2020 01:28 PM
‘‘දෙයියෝ සාක්කි‘‘ හෙට අනිද්දා වෙනකොට අර ඇතුලේ ඉන්න සුදු බබත් එළියට ඇවිත් පොරොන්දු දෙයි.
BamunuarachchiWednesday, 09 September 2020 06:10 AM
රන්ජන්ගේ හඬ පටය ඇසුවද.?
siri Tuesday, 08 September 2020 02:12 PM
අහෝ ඛේදයකි. 20 සම්මත වුණාම තව තව අරුම පුදුම දේවල් දකින්න ලැබෙයි. තිරුවානා ගල් උඩ ඇවිත් පුළුන් කෑලි වතුරේ ගිලෙයි. හරිම සැපයි.
වර්නන් Tuesday, 08 September 2020 04:03 PM
අනේ මෙහෙමත් බූරුවෝ ඉන්න රටක්. කවදා දියුණු වෙන්නද?
Nimal Tuesday, 08 September 2020 04:19 PM
අපිට තවමත් මතක දේශපාලන අතීතයක් තිබුණා. මේ රටේ කිසියම් අධිකරණයක් විසින් දඬුවම් පැමිණවූ කිසිම කෙනෙකුට පාර්ලිමේන්තු අසුනකට ඡන්දයවත් ඉල්ලන්න බැහැ කියපු තරමට අධිකරණයක් ඒකාලේ මේ රටේ තිබුණා.. නීතියක් තිබුණා මේ රටේ.. ඒත් අද?
Bamunuarachchi Wednesday, 09 September 2020 03:35 AM
හැබැයි අභියාචනා පරාද වුනාම අපිත් ඔය විධියටම රතිඤ්ඤා පත්තු කරනවා.