IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ප්‍රියන්තගේ ඝාතකයන් සියල්ල අත්අඩංගුවට ‘

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය චෞද්රි ෆවාද් හුසේන් අද (7) පැවැසීය.

මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි ද හෙතෙම කීය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා මුණ ගැසෙමින් අමාත්‍ය ෆවාද් හුසේන් එම කරුණු සඳහන් කළේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් සේ කනගාටුවට පත්වන බව ද ඔහු කීවේ ය.

පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ද මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.

මෙම ඛේදජනක සිදුවීමට අදාළ ව පාකිස්තාන රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෑහීමකට පත්වන බව මහ කොමාසරිස්වරයා මෙහිදි පැවැසීය.

එමෙන්ම මෙම සිදුවීම දෙරටේ සම්බන්ධතාවලට බලපෑම් එල්ල නොකරනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා කීවේ ය.  

ඉස්ලාමාබාද්හිදීය (ඒ.පී.පී.)

055



අදහස් (7)

‘ප්‍රියන්තගේ ඝාතකයන් සියල්ල අත්අඩංගුවට ‘

චමින්ද ජයනාත් ජයසූරිය Tuesday, 07 December 2021 03:38 PM

දැන් එතකොට අර පකස්තානු ආරක්ෂක ලේකම් කිව්වෙ මෙව්වා තරුණයෝ කොලු කාලේ කොලුකමට කරන වැඩ...ඒක හින්ද වැඩිය ගනන් ගන්න ඕනෙ නෑ කියල...

:       0       0

siri Tuesday, 07 December 2021 03:43 PM

මේ සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. මේ වගේ සිදුවීමක් ලංකාවේදී මුස්ලිම් ආගමිකයෙකු හට සිදුවූවා නම් අද ලෝකය පුරා සිදුවිය හැකි උද්ඝෝෂණ, විරෝධතා සහ කලකාරී හැසිරීම් කෙතරම් වියහැකිද කියා අපට සිතාගන්නට පුළුවන්. එය කොතරම් කණගාටුදායක තත්වයක්ද ?

:       0       0

ජන හඩ Tuesday, 07 December 2021 04:04 PM

ස්වාමියා සහ පියා නැතිවූ පවුලේ අයට විශාල වන්දියක් ගෙවිය යුතුයි.

:       0       0

Bamunuarachchi Tuesday, 07 December 2021 06:30 PM

පාකිස්තානයේ දෙන දඬුවම බෙල්ල කපා මරා දැමීමයි. එය ප්‍රසිද්ධියේ දෙන දඬුවමක් නිසා අපිටත් බලන්න ටෙලිකාස්ට් කරන්න.

:       0       1

Bamunuarachchi Tuesday, 07 December 2021 06:33 PM

රටේ වෙන හැම මගුලටම රජය වගකිව යුතු නැහැ. පකිස්තානයේත් ජෙප්පෝ හිටියොත් රජය වගකියන්න ඕනේ කියලා අම්මපා කට උල්කරලා කියාවි. අපි එහෙම හිතන්නේ නැහැ...

:       0       1

පැරකුම් Tuesday, 07 December 2021 08:02 PM

මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි කීවද පාකිස්තානයේ ආරක්ෂක ඇමති කියන්නෙ මේක තරුණයන්ගේ සාධාරන ක්‍රියාවක් බවයි.

:       0       0

Bunny Preena Wednesday, 08 December 2021 08:58 AM

කොහොම උනත් ලොකුම බලපෑම සිදු උනේ ප්‍රියන්ත මහතාගේ ආදරණීය බිරිඳට ,දරුවන්ට ,පව්ලේ අනිත් සාමාජිකයින්ට .සාමාන්‍යයෙන් ලෙඩක් හැදිලා මිය ගියානම් දරා ගන්න පුළුවන්.මේ වගේ දස වැඩ දීලා ම්ලේච්චයෝ කරපු මහා පොලව නුහුලන අපරාධය කෙසේ දරා ගන්නද ?කෙසේ අමතක කරන්නද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උඩරට දුම්රිය මාඟේ නාය යාම වළක්වන්න පියවර
2025 පෙබරවාරි මස 05 0 0

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ


පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 6 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 63 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 161 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 751 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2637 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site