පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂීය සහ මිලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහයේ අවශේෂ ශ්‍රී ලංකා රජයේ වියදමින් හෙට (6) මෙරටට ගෙන්වන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අවශේෂ මෙරටට ගෙන්වන බවත් දියවඩන මහතාගේ ළඟම ඥාතීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මෘත දේහයේ අවශේෂ බාරගැනීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්විණි.
මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ.
මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.
ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.
විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ මේ වන විට සාකච්ඡාවල නිරතව සිටියි.”
(055)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රියන්ත කුමාරගේ සිරුරේ අවශේෂ හෙට ලංකාවට