(ඩයනා උදයංගනී)
“සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් රජය සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මාලාවක් පිරිනැමීමට එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) සිදුකෙරිණි.
මෙම මාලා ගිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන් ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්වරු අතර හුවමාරු කරගනු ලැබිණි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ ගොඩනැඟිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමක් වන අතර අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එහි අපේක්ෂාව වී ඇත.
මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඉඩම් හිඟය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීම මගින් විදුලි උත්පාදනය ද වැඩසටහනට ඇතුළත් වේ.
විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සහ විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාර්ලිමේන්තුවට විදුලිය දෙන්න දියවන්නාවේ සූර්ය බල ව්‍යාපෘතියක්
Monanadagam Wednesday, 16 June 2021 08:50 PM
අයියෝ අයියා, ඇයි ඉතින් මෙච්චර හිරවෙලා ඉන්න වෙලාවක තවත් ණය පිට ණය අරගෙන පරීක්ෂණ කරන සංවර්ධනය නාමයෙන් වැඩ කටයුතු කරන්නේ.. මහජනයාට තවත් බර වැඩි වෙනවා මේ වගේ සංවර්ධන ෂෝ දේවලින්... හරි, කොමිස් ගහගන්න පුළුවන් වෙන්න පුළුවන්.. ඒත් මේ පාවෙන සූර්යබල අවශ්‍යතාව දැවෙමින් තියෙන මහජන ප්‍රශ්න නොවේ..