IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


‘පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නේ නෑ’

(අංජුල මහික වීරරත්න)
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ නොහොබිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
පාසල් උත්සවයට එන විට තමන් කතා තළ යුතු දැයි සිතමින් පැමිණි බව කී අග්‍රාමාත්‍යවරය තමන් ආදර්ශයක් වී අනෙක් අයට කතා කළ යුතු බවද පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැතිකරගෙන තිබෙනවා. ක්‍රිකට් තරග අතරතුර පාසල් අතර ගැටුමකටත් අන්ත අයුරින් එදා සිදුවීම ඇතිවුණා.
අපට වුණේ කුමක්ද කියලා පාර්ලිමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා.”

(ඡායාරූප -   චතුර එස් .කොඩිකාර)


 



අදහස් (21)

‘පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නේ නෑ’

Nuwan Wednesday, 09 January 2019 10:52 AM

අනේ ඔව්... තම තමන්ගේ යාළුවන්ට බැංකු සුද්ද කරන්නත් දීලා ආදර්ශවත් වෙමු ලෝකෙටම...

:       1246       1670

RaveendraWednesday, 09 January 2019 12:41 PM

සහතික ඇත්ත...

:       3       102

බණ්ඩාරThursday, 10 January 2019 04:15 AM

කෝකටත් තෛලෙ වගේ හැමදේටම බැඳුම්කරේ. පර්පෙචුවල් එකෙන් ගත්ත බිලියන 10 මහබැංකුවේ නතරකරගෙන තියෙනවා. කියන්නකො බලන්න වෙච්ච පාඩුව. ඇයි ජනාධිපති කොමිෂන් වාර්තාව එලියට දාන්නෙ නැත්තෙ? දැන් ඔන්න අගමැතිගෙ වත්කම් වාර්තාවත් හිරකරලා.

:       108       345

Athula Wednesday, 09 January 2019 10:58 AM

මට අර සින්දුව මතක් වුණා. "අපේ පැත්තේ මහ කකුළුවො.. පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා"..හාහ්..හහ්..හහ්..

:       1       177

රවින් Wednesday, 09 January 2019 11:08 AM

ඉන්න තරන් කුඩුකාරයෝයි, කස්සිප්පුකාරයෝයි, හොරුයි, ස්ත්‍රී දූෂකයෝයි, අනෙකුත් සමාජ දුශ්ශීලයෝ හා දුශිතයෝයි ඉන්න පාර්ලිමේන්තුවෙන් අනාගත පරපුරට ලබාගතහැකි ආදර්ශය කුමක්ද? ඔබතුමාත් එම තත්වයට වගකිය යුත්තේ පක්ෂ නායකයෙක් හැටියට එවැනි අයවලුන්හට නාමයෝජනා දීමෙනුයි...

:       0       142

RaveendraWednesday, 09 January 2019 12:29 PM

රවින් මයා වෙත, සහතික ඇත්ත ඔබගේ අදහස් අප 100% එකග වන්නෙමු. " තක්කඩින් 225න් එකෙකුට" හෝ ඔබගේ වැදගත් අදහස් කියවීමට හැකිවුනොත් එයම ජයග්‍රහණයකි.

:       0       76

aravindaWednesday, 09 January 2019 12:31 PM

ඇයි පක්ෂ නායකයින්ගේ වරද පමණක් යයි කියන්නේ...? මෙවැනි දුර්ජනයින්ට ඡන්දය දෙන රටේ මිනිසුනුත් මේ තත්වයට වගකිව යුතුයි.

:       52       48

dias Wednesday, 09 January 2019 11:26 AM

මොහු මෙසේ ප්‍රකාශ කළත්, අද වෙනතුරු කිසිම පක්ෂ නායකයෙක් කලහකාරී ලෙස හැසිරුණු තම අනුගාමිකයින් හට අවම වශයෙන් විනය පරික්ෂණයක්වත් කරලා නැහැ. මෙයින් පෙනී යන්නේ ඔය පක්ෂ නායකයින් ඔය හැසීරීම් අනුමත කරන බවයි.

:       0       117

Raveendra Wednesday, 09 January 2019 11:58 AM

අම්මපා සහතික ඇත්ත. මේ හාදයම කිව්ව එක ගොඩක් හොඳයි. මහබැංකුවේ ඉතිරි සල්ලිටික මසුරන් වෙනුවට කටට ඔබලාම දාමු හොරකමේ ප්‍රතිමුර්තියක්නේ හතරට ගැනගන්න බැරිවිදියට රඟපෑවට...

:       1       152

Lal Wednesday, 09 January 2019 12:00 PM

මහබැංකුව ප්‍රසිද්ධියේ මංකොල්ලකාපු ඔබගේ නායකත්වයත් අනාගත පරපුරට ආදර්ශයක් නොවේ.

:       3       134

Raveendra Wednesday, 09 January 2019 12:05 PM

"තමා පාර්ලිමේන්තුවේ නොහොඹිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය." ඔව් වස්ත්‍ර ගලවාගෙන හැසුරුනේ නැතිවුණාට නියම අන්දරේ කෙනෙක් වගේ හැසුරුණු විදිය නම් අනන්තයි... 225 ම නියම පාදඩයින්ය. තවත් ලැජ්ජා නැහැ... දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ජීවත්වෙන 225 ක් වූ පිං මාමලා ටික...

:       1       116

Raveendra Wednesday, 09 January 2019 12:12 PM

ජනසෙත සදන බව නම් අපි කියනවනේ.... ජන මුදලින් පිනටම අපි ගිලිනවනේ... ලැජ්ජා නහර උපදිනකොටම කැපුවානේ.. එමගින් අපිට පරපුරකුත් නැතුවානේ...

:       1       51

Kolitha Wednesday, 09 January 2019 12:13 PM

නොදකින් පාර්ලිමේන්තු විපක්ෂය පත් කරද්දී 6 සහ 54 දෙකෙන් හරි ගාන මොකක්ද කියල නොදන්න කතා නායකයෙක් ඉන්න නාඩගම... තව මොනවා කියන්නද?

:       1       81

chathuri Wednesday, 09 January 2019 12:16 PM

ඔය අැමැතිගොල්ලන්ව මාසයට සැරයක් පහළ පන්ති පාසල් ළමයින්ගේ... උදෑසන රැස්වීමකට සහභාගි කරවන්න. පොඩි දරුවන් කොයි තරම් විනීතද? විදුහල්පතිට ගරු කරන පිළිවෙල. ගුරුවරුන් කියනදේ අහන හැටි. මේ සේරම පෙන්වන්න. පාර්ලිමේන්තුව රැස්වුණාම නිලමැස්සෝ ටික අනුන්ගේ කුණුවලට පොරකන එක විතරයි කරන්නේ....

:       0       34

Raveendra Wednesday, 09 January 2019 12:19 PM

මෙම අදහස් කිසිවකුට පරිභව කිරීමට නොවන බව කාරුණිකව සලකන්න. පළමු ඡායාරූපයේ සිට සතර වන ඡායාරූපය දක්වා හොඳින් නිරීක්ෂණය කිරීමේදී බලෙන් සිනාසීමට උත්සාහ ගන්නා පිරිසක් මෙන්ම අනිත්‍ය පිළිබිඹු වෙන මුහුණුද දැකීමෙන් අපහා ඇතිවුනේ මහත් සංවේගයකි...

:       1       116

Anjula Wednesday, 09 January 2019 12:30 PM

ඔය දොඩවන අගමැති කියාගන්න කෙනත් එහෙමම තමයි. ඔයා අනාගත පරපුරට ආදර්ශයක් නැහැ වගේම රටටම වැඩකුත් නැහැ...

:       1       124

sandy123 Wednesday, 09 January 2019 12:31 PM

අපිට නම් එක ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ චණ්ඩිකම්, හොරකම්, බිය වැද්දීම්, මිනීමැරුම් එකී නොකී නොහොඹිනා වැඩ කරලා නීතියෙන් බේරෙන්න කොහොමද කියලා අපේ උගත්, බුද්ධිමත්, සත්ගුණවත් මගෝඩිස්තුමන්ලා දිහා බලලා...

:       0       81

rocky Thursday, 10 January 2019 02:08 AM

එක පිරිසක් පරණ ආණ්ඩුවේ හොරුන්ට කැමතියි. ඒ අයගේ හොරකම් දකින්නේ රටේ සංවර්ධනේ හැටියට. අනිත් පිරිස අලුත් ආණ්ඩුවේ හොරකම් අනුමත කරනවා. දෙගොල්ලම හොර එකයි. කොහොම බැලුවත් පරණ ආණ්ඩුවෙන් පවුල් පිටින් කරපු උලා කෑම සහ අපරාධ ප්‍රමාණය වඩාත් ඉහලයි.

:       51       0

vidya Thursday, 10 January 2019 07:04 AM

අර කුණු හරුපයෙන් බැන්න වාමාංශිකයාට මොකද කලේ? අපරාදේ ඔය දුප්පත් ළමයින්ගේ කාලය කනවාට වඩා පාර්ලිමේන්තුවට පහළ බාලාංශයේ නීති ගෙනැල්ලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගෙන කෑ කෝ ගහන වනචාරීන් ටිකට එන්නම දෙන්න නැතිව එළියේ බිම අව්වේ වාඩි කරලා තියලා පරිසරය පිරිසිදු කිරීමට යැව්වා නම් මිනිස්සු ගොඩක් සතුටු වෙයි.

:       0       0

දිලුම් Thursday, 10 January 2019 07:10 AM

ගොන්නු 225ක් ඉන්න අපේ වගේ පාර්ලිමේන්තුවකින් ආදර්ශයක් බලාපොරොත්තු වෙන්නටත් බෑ. ඔයාලා හැම අපට හා අපේ රටට මහාම මහබරක් පමණි...

:       0       0

Bamunuarachchi Friday, 11 January 2019 11:34 AM

කෙනෙකුට, විශේෂයෙන් ළමයෙකුට සහතිකයක් සම්මානයක් දෙන විට ලබන තැනැත්තාගේ මුහුණ බලනවානම් කොපමණ වටිනවාද? එය දන්නේ තාත්තලාය. එහෙම පුරුද්දක් මේ ගොයියාට නැත. තෑග්ග හෝ සහතිකය දෙන්නේ උඩබලා ගෙනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 30 54 0

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක්


මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට
2024 දෙසැම්බර් මස 30 115 0

මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගු


දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි
2024 දෙසැම්බර් මස 30 188 0

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මි


මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 30 1578 0

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙ


බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
2024 දෙසැම්බර් මස 30 609 0

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස


කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
2024 දෙසැම්බර් මස 30 307 0

නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 262 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site