IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී මහරගම ඕ.යි.සීටත් තුවාලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ සිද්ධියකින් මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.

උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට උත්සාහ දරා ඇති බවත් එම ක්‍රියාව වැලැක්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟිලි තුනකට හානි සිදුවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වෛද්‍ය සේවා මධ්‍යස්ථානයට රැගෙනවිත් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට පියවර ගත් බව එම මධ්‍යස්ථානය පවසයි.

උද්ඝෝෂණය පැවැත් වුණු අවස්ථාවේදී ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා බාහිර පොලිසි වලින්ද නිලධාරීහු පිරිසක්ද පාර්ලිමේන්තු පිවිසුම අසලට කැඳවනු ලැබ සිටියහ. මෙසේ තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයාද එසේ කැඳවනු ලැබූ පොලිස් නිලධාරීන් අතර සිටි අයෙකු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනි.

මේ උද්ඝෝෂණය අවස්ථාවේදී සිසුන් කලබලකාරී ලෙස හැසිරීම නිසා ප්‍රදේශයේ මහත් නොසන්සුන් තත්වයක් ඇති වූ අතර සිද්ධිය පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ප්‍රකෝපකාරී වූ සිසුන් පොලිසියේ මාර්ග බාධක පුවරු කිහිපයක්ද පෙරලූ අතර ඇතැම් සිසුන් මාර්ගයේ පඹයන් පුළුස්සමින් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව පොලිස් නිලධාරීහු පවසති.

 



අදහස් (16)

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී මහරගම ඕ.යි.සීටත් තුවාලයි

කිරි පුතා Tuesday, 03 August 2021 05:05 PM

අන්තරේ කියන්නෙ ඇත්තටම ශිෂ්‍ය එකමුතුවක් නෙවෙයි. දේශපාලනය කරන කල්ලියක්.

:       0       0

sidath Tuesday, 03 August 2021 05:26 PM

මේ උදවියට වතුර ගහලා එලවන්නේ නැතිව, නළවන්ට ගියාම ඕක තමයි වෙන්නේ...

:       667       779

සෙනෙවිරත්න Tuesday, 03 August 2021 06:23 PM

නලවන්නෙ මෙහෙමද?

:       62       57

මුණසිංහ Tuesday, 03 August 2021 06:46 PM

වතුර පාර එළියට එන හැඩයි...

:       0       1

BamunuarachchiTuesday, 03 August 2021 07:10 PM

කොහොමද දෙබර කූඩුවක් ඉහලින් දැම්මානම්.

:       1       2

Ruhunu Tuesday, 03 August 2021 06:08 PM

මේවා ඉතින් මේ අය හදාපු මහ අයගේ වැරදි තමයි...

:       0       1

බද්රානි Tuesday, 03 August 2021 06:33 PM

රටේ නීතිය අතට අරගෙන මේ වගේ අවිනීතව හැසිරෙන අයට මාස කිහිපයක් ගෙදර රැඳෙන්න හොඳ බැටන් පොලු සංග්‍රහයකින් සැලකුවා නම් නේද හොඳ? අනික ඉතින් "බළල්ලු ලවා කොස් ඇට බාවන" බංකොලොත් දේශපාලන කල්ලිය මේ මොංගල්කාරයින්ට අැප උපස්ථාන කරන අතරේ, තිරය පිටුපස සිටිමින් හරක් මහපාරට දක්කන වෙද මාෆියා කල්ලිය මොවුන්ට බෙහෙත් දෙයිනේ නොමිලේම.

:       276       224

Bamunuarachchi Tuesday, 03 August 2021 07:08 PM

ආණ්ඩු කඩන්න අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔය ජෙප්පන්ගේ උද්ඝෝෂණ කල්ලිය.

:       1       0

Raveendra Tuesday, 03 August 2021 08:08 PM

කිසිවෙකුගේ ජීවිතයක් හානි වෙනතුරු මේ කාලකන්නි ජෙප්පන් බලාගෙන ඉන්නේ ඊට පස්සේ ඒ මිනිය උඩින් තම බලය පැතිරීමට උපරිම උත්සාහය.. අනේ මෙහෙමත් කාලකන්නි... ඇත්තෙන්ම මේ තමන්ටවත් වැඩක් නැති රටටත් බරක් වේවි. ජීවත් වෙන මොවුන්ගේ ඒ ආදරණීය දෙමාපියන් පව්... ඒ මිනිසුන්ට කොත්තමල්ලි, පස්පංගුව තම්බ තම්බා බොනවා හැර වෙන කුමක් කරන්නද? තම දරුවන්ගේ අවිනීත හැසිරීම නිසා බැනුම් අහලාම නිමක් නැහැ...

:       212       564

pradeepa Tuesday, 03 August 2021 08:21 PM

නිදහස් අධ්‍යාපනයේ මේ ටික හරි රැකුණේ වීර පුතුනි, ඔබලා නිසාය. ඔබ එදා ඉඳන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියා නම් අපේ අනාගත දරුවන්ට වෙන්නේ සල්ලි දීලා පාසල් යන්න. තව සටන් කරපන් සිංහයකු වගේ. නගුට වනන නිවටයින් වන්න එපා.

:       11       1

chandana Tuesday, 03 August 2021 10:02 PM

2/3බලයක් දුන්නේ 3% කට ඔලුව නවන්න නොවේ.

:       1       0

නවා Tuesday, 03 August 2021 10:04 PM

ආණ්ඩුවට සුදු හුණු ගාන්න එපා, සල්ලි වලට ආණ්ඩුවට කඩේ යනවා

:       11       1

Nuwan Wednesday, 04 August 2021 12:19 AM

අනේ පොල් බුරුවො වගේ ළමයින්ට බනින මී හරක් .උන් උද්ඝෝෂණය කරන්නේ අධ්‍යාපනය පුද්ගලීකරණය කරලා දුප්පත් මිනිහට ඉහලට එන්න තියන අවස්ථාව නැති වෙන එකට .මී හරක් ටිකක් උන්ට බනිනවා වැඩේ වැරදීලු .උඹලා වගේ නිවටයෝ මේ වගේ චෞර පාලකයන්ටම හරි යනවා

:       15       1

Bandara Wednesday, 04 August 2021 12:51 AM

හොදටම ගහලා ශිෂ්‍ය භාවය අවලංගු කර දමන්න .ඉබේ ලෙඩේ සුවවෙනවා

:       0       45

C.K.Lankputhra. Wednesday, 04 August 2021 04:26 AM

රවීන්ද්‍ර මහත්තයෝ, ඔය පිරිස් කලින් කලට මෙහෙයවන්නේ ජෙප්පන් විතරක් නොවේ.. පුප්පන්ලා, ලොක්කන්ලා, කුක්කන්ලා, සොක්කන්ලා වගේ හුඟක් කට්ටිය ඉන්නවා. වෙනසකට තියෙන්නේ කලකදී යාලු රසවෙනවාලු...

:       0       1

Lal Wednesday, 04 August 2021 07:34 AM

ඒ කාලේ නම් මේ වගේ අයට සංග්‍රහ කරන්න පාවිච්චි කළේ බයිසිකල් චේන්...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 260 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 220 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 136 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 700 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 354 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 363 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 222 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site