IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට  එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම්  පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නියොජනය කරන හා නොකරන සියලු පක්ෂ හා දේශපාලන කණ්ඩායම් එකතු කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා සියලු පියවර ගන්නා බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරගැනීම සඳහා එම පක්ෂ මූලස්ථානයේදී පැවති සම්මුඛ පරීක්ෂණ  අවස්ථාවට සහභාගීවීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය රටේ ශක්තිමත් දේශපාලන බලවේගය බවට පත් කිරීමට කටයුතු කරන බවද අමරවීර මහතා කීවේය. 

   ඉදිරියේ දී තවත් සුළු පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරන බව ද හෙතෙම කීවේය.



අදහස් (5)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට

Hafeel Thursday, 28 October 2021 01:37 PM

එහමනම් දැනට එක් ආසනයක් පමණක් තියන රනිල්ටත් මේ සන්ධානයට එකතු වෙන්න පුළුවන්.

:       2       6

Prase Thursday, 28 October 2021 03:06 PM

පොහොට්ටුවෙන් පුළුවන් එකතු වෙන්න

:       2       3

අම්බලමේ පිනා Thursday, 28 October 2021 04:21 PM

ඒ කියන්නේ ත්‍රීවීලර් පක්ෂ නේද? (සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික කියන රෝද තුන) මට හිතෙනවා අපේ ගෙදරට පක්ෂයක් පිහිටුවා ගන්න...

:       0       4

සුමිත් ප්‍රියදර්ශන Friday, 29 October 2021 08:22 PM

හැමෝටම තියෙන්නේ තම තමන්ගේ පක්ෂ, කණ්ඩායම් ගොඩනගන්න, ශක්තිමත් කරන්න වුවමනාව විතරයි. රට ගොඩගන්න කිසිම වුවමනාවක් නෑ. හැම කෙනාගේම බංකොළොත් වෙච්ච දේශපාලනය හදන්න යොදවන කාලය එකමුතුවෙලා රට ගොඩගන්න යොදවපල්ලා..

:       0       0

Mahesh panditharatna Saturday, 30 October 2021 06:36 AM

ආයේ ඕකට එකතුවුණා කියලා වෙනසක් මේ රටේ වෙන්නැහැනේ... දැනටත් ඔයගොල්ලෝ ආණ්ඩුවේ කොටසක්නේ.. කොහොමත් පොහොට්ටුවේ සභාපති ඔය පක්ෂෙ නායකයානේ.. දැන් ඔය හදන්නේ ආණ්ඩුවට පළාත් සභා ඡන්දය දිනන්න බැරි නිසා පොහොට්ටුවෙන් නැතිව එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් ඊළඟ ඡන්දෙට ඉදිරිපත් වෙන්න... මොන සංධානේ ගැහුවත් මේ ආණ්ඩුවේ මොන යම් හෝ කොටස් කාරයෙකුට ආයේ මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 25 0

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 105 0

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 348 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 244 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 214 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 180 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site