IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තා

(අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තු පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (13) පැවැසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍ය යළිත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කළ බව රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව  අරලියගහ මන්දිරයට රැස්වූ  ජනතාව අමතමින් රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටි ජනතාවට මෙහිදී සුවිශේෂී ස්තුතියක් පළ කළ වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

    ‘‘ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තු බලය ගැන අද නීත්‍යානුකූලව තහවුරු වුණා. මෙය අප කළ සටනේ සුවිශේෂී ජයග‍්‍රහනයක් බව කිව යුතුයි. එසේම අධිකරණය ස්වාධීන කිරිමට ගත් ක‍්‍රියාවල ප‍්‍රතිඵල  මේ තීන්දුව විසින් භුක්ති විදීමට ලැබුණා.

අප කළ සටන සම්පූර්න වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. ඒ සඳහා අඛණ්ඩව පෙළ ගැසි සිටින්නැයිද එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



අදහස් (7)

පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය සුරක්ෂිත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගත්තා

Raveendra Thursday, 13 December 2018 03:06 PM

බොහොම හොදයි අපි ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන අතර මහා බැංකුවේ තිබුන අපේ දුප්පත් මුදල් හොරකම් කරපු කාපු තක්කඩි අයවත් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගනීවි යන බලාපොරොත්තුවෙන් දෙනෙත් දල්වා බලා සිටින්නෙමු...

:       17       666

aanaapaana Thursday, 13 December 2018 03:12 PM

දැන් ඔබ අපට පොරොන්දු ඉටු කල යුතුයි. ගොවියාට පොහොර, අස්වනු මිල දී ගැනීමට ක්‍රමවේදයක් සකසන්න. සජිත් ප්‍රේමදාස මහතාට නිවාස ඉදිකිරීම් අමතරව කෘෂිකර්මය හෝ සමෘද්ධිය බාර දෙන්න. එතුමා අපිව දිනවමු.

:       3       25

menna Thursday, 13 December 2018 03:22 PM

ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තු පරමාධිපත්‍යද? ජනතා පරමාධිපත්‍යද? අධිකරණ පරමාධිපත්‍ය කියලා එකකුත් තියෙනවද? කෙසේ වෙතත් නොබෙදුනු රටක සතුටින් ජිවත් වෙලා ඉන්න පුලුවන්නම් හොඳයි.

:       0       74

Hafeel Thursday, 13 December 2018 04:16 PM

දැන් හරි පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. අධිකරණය අවංකව තමන්ගේ කාර්යභාරය ඉටු කළා.

:       66       30

sugath Thursday, 13 December 2018 05:12 PM

ජනතා පරමාධිපත්‍යයට මොකද වෙන්නේ මන්ත්‍රීතුමනි ?

:       8       536

Mama Ranil Friday, 14 December 2018 12:20 AM

අධිකරණය නියමෙට වැඩේ කලා කියලා හිතෙන්නේ මට විතරද ?.

:       0       0

Bandula. Friday, 14 December 2018 06:36 AM

අධිකරණයට හිස නමා ආචාර කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 74 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 794 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 764 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 217 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 859 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site