(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් වාර අවසාන කරනු ලැබ ඇත.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ( 12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
මේ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ. වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමකි. එහෙත් කතානායක වරයා එම ධුරයේ දිගටම කටයුතු කරනු ඇත.
නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභාව නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය. වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබිය යුතුය.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු ඉබේම අක්‍රීය වනු ඇත.
නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාර්ලිමේන්තු වාර අවසාන කර ගැසට් පත්‍රයක්
Hafeel Monday, 13 December 2021 08:37 AM
මේක විතරයි මෙයා දන්නේ. මේ ගතවූ අවුරුදු දෙකම ගත වුනේ ගැසට් පත්‍ර නිකුත් කරනව, ආපහු අවලංගු කරනවා.
sharm warn Monday, 13 December 2021 09:08 AM
අනවශ්‍ය වියදමක් පිරිමහ ගන්නද? නැතිනම් මානසික පීඩනය අඩුකරගන්නද? කොහොම වුණත් අැරගෙන හිටියොත් රෙදි නැතිවම තමයි අවුරුද්ද ඉවර කරගන්න වෙන්නේ. ඒ නිසා වහන එක හොඳයි...
ravin Monday, 13 December 2021 09:47 AM
කිසිම වැඩකට නැති තැනක් නේද? බැරිද ඕක හැමදාටම කල්දාන්න? අඅති විශාල වියදමක්... රටට වැඩදායී කොටසක් කිරීමට ඉතුරු වෙනවා..
පිටිගල මිලානෝ Monday, 13 December 2021 01:01 PM
ගැසට් එකක් කියන්නේ මොනාවගේ එකක්ද කියලා තේරුමක් තියෙනවද ඔබට. මට මතක්වුනේ ඔබ හල්දුම්මුල්ලේ ගම සමග පිලිසදරේදී කියපු විහිලුව.
fairoos Monday, 13 December 2021 01:11 PM
"පැවරී ඇති බලතලවලට අනුව" ගැසට් ගැහිල්ල විතරයි පුළුවන්.. අයියෝ නන්දසේන...!!!
Athula Monday, 13 December 2021 02:04 PM
හෝ..හෝ.. හොර ගිවිසුම හෙළිවුණා. ඒක කාලයේ වැලිතලාවට යට කරන්නද? කොහොමද හංගලා ගහපු ගැහිල්ල? රටට ඩොලර් මිලියන 230 පෙන්නලා බිලියන 5 ක් හොරකම් කරන්න ගහපු ගේම මොළ හතාණෝ...!!!... පවුලක් රටකට කරන විපතක් දෙයි හාමුදුරුවනේ...! කෝ මේ රටේ අනෙක් දේශප්‍රේමියෝ..? අනුර නොහිටින්න ඔය විනාශය කරනවාමයි, ඇවන්ට් ගාර්ඩ් එක වගේම තමයි.
අගුපිලගේ Monday, 13 December 2021 04:44 PM
තවත් මාස දෙකකට කලින් නිදහසේ 74 වැනි දිනය උදාවෙනවා. එම කාලයේ අපි ආසියාවේ දුප්පත්ම රට බවට පත්වුණා. 1970 ස්වාධීන රටක් වුණු (නැගෙනහිර පකිස්තානය) බංග්ලාදේශය වෙලා අපටත් ණයට දෙනවා. වසරකට වරක් කමිටු පත්කරනවා. පනත් ගේනවා වාරාවසාන කරලා ඔක්කොම කුණුගොඩට යවනවා... සම්ප්‍රදාය රැක්කම මදෑ. මෙහෙමත් වැඩ කරලා රට හදන්නේ කොහොමද? රට හදන්න නම් මෙහෙම සාම්ප්‍රදායික චාරිත්‍ර වහාම අවලංගු කළයුතුයි.