IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාර්ලිමේන්තු සූර්යය පැනල සැලසුම නවතියි

(බිඟුන් මේනක ගමගේ) 

පාර්ලිමේන්තුවේ විදුලි උත්පාදනයට දිය මත පාවෙන සූර්යය පැනල භාවිතා කිරීමට සකස් කළ සැලසුමක් අත්හැර දැමීමට සිදු වී යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති නීතිඥ අජිත් පී.පෙරේරා මහතා පැවැසීය.

නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදය මූලික වී කරන ලද යෝජනාවක් අනුව මෙම සැලසුම සකස් කර තිබූ අතර මේ සම්බන්ධයෙන් අජිත් පී.පෙර්රා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හා නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ද සහිතව අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගෘහ නිර්මාණ සැලසුම්කරණය අනුව මෙම සූර්යය පැනල සැලසුම භාවිතා කළ නොහැකි බව කියමින් නාගරික සංවර්ධන අධිකාරිය ඊට විරුද්ධ වීම නිසා මෙසේ එය අත්හැර දමන්නට සිදු වී යැයි අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කීය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී නවීකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා පැවසුවේ මෙම ප්‍රතික්ෂේප කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවය.

මසකට පාර්ලිමේන්තුවේ විදුලි බිල්පත රුපියල් ලක්ෂ හැට ඉක්මවන්නේ යැයි කී හෙතෙම දියවන්නා ඔය භාවිත කරගෙන මෙම සූර්ය පැනල පිහිටුවීමෙන් එහි විශාල වශයෙන් පහළ දැමීමට හැකි යැයි  අවධාරණය කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය මෙම සැලසුමට එරෙහිවීම අත්තනෝමතික තීරණ ගැනීමක් යැයි ද මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට කරුණු දැනුම් දෙන්නේ යැයි ද විද්‍යා අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (5)

පාර්ලිමේන්තු සූර්යය පැනල සැලසුම නවතියි

Raveendra Thursday, 28 March 2019 05:02 PM

දියවන්න ඔයේ තියෙන නඩත්තුවට වැයවෙන මුදල් අවංකවම අඩු කරගන්න ඕනෙම නම් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. උදාහරණ වශයෙන් විදුලි සෝපාන භාවිතා නොකර පඩිපෙළ භාවිතය, ඒ සි යන්ත්‍ර නවතා දැමීම, සහනදායි මුදලට ලබා දෙන අධි පෝෂදායි ආහාර නවතා දැමීම වැනි ක්‍රමවලින් අති විශාල මුදල් සම්බාරයක් ඉතුරු කරගන්න පුළුවන්.

:       15       228

gunarathna Friday, 29 March 2019 12:58 AM

මේ සුර්ය විදුලිය කියන්නේ ලොකු බොරුවක්.පාර්ලිමන්ට් එකේ තියෙන ශීතකරණවත් ක්‍රියාත්මක කරන්ට බැහැ ඔය විදුලියෙන්. අනිවාර්යෙන් බැටරි පැක්‌ එකක් තියෙන්ට ඕනේ. බැටරි වලට යන වියදම අධික මුදලක්. මේවගෙන් කොමිස් කාක්කන්ට ලොකු කුට්ටි ලේබෙන්නේ. කරන්ට ඕනේ මුළු පාර්ලිමන්ට් එකේම වියදම අඩු කරන එක.ඒකට ඔය 225 කෙමති වෙන්නේ නෙහෙ.

:       1022       2

Nissanka Friday, 29 March 2019 04:36 AM

ඊට වඩා හොඳ නැද්ද රවීන්ද්‍ර පාර්ලිමේන්තුව වහලා දාලා මැදමුලන මහගෙදර සහෝදර සමාගම රැස් වෙලා රට ගැන තීන්දු තීරණ ගන්න කියලා බාර දුන්නොත්. පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ දන්සැල් වලටයි කොටුවේ ජනාධිපති මන්දිරේ නඩත්තු කරන්නයි මාසෙකට කීයක් වැය වුනාද කියලා ඔයාලට දැන් අමතකයි. සමහර දේශප්‍රේමී ඇමතිවරුන්ගේ නිල නිවාස වලත් එක මාසෙකට ලක්ෂ හත ගණනේ විදුලි බිල් ගෙව්වා.

:       50       149

Chanak Los angelesSaturday, 30 March 2019 09:48 PM

ඔන්න දැන් සිංහලයා පමණයි ලංකාවේ සිටිය යුත්තේ කියා කියන හොරුන්ට කඩේ දුවන මෝඩ කඳට යක්ෂයා ආරුඨ වේවි .

:       0       0

dhamneth Friday, 29 March 2019 06:50 AM

ඔය පාර්ලිමේන්තුව ඉදිකරන කාලෙදිත් සමහරු කිවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිලා බසිනවා කියා . ඕකත් ඒ වගේ බොරු කතාවක් වෙන්න පුලුවන. ඒනිසා මේ සඳහා අවශ්‍ය නම් විදෙස් උපදෙස් ලබාගන්න.

:       1       23

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 606 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 494 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1723 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site