IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ශෛලමය මල් ආසනය අතුරුදන්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සාලියවැව ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ශෛලමය මල් ආසනය තිබූ ස්ථානයේ නොමැති බව ජනතාව පවසති.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සාලියවැව පළුගස්සේගම ගම්මානයට යාබද  පිහිටි ඉපැරණි ශෛලමය මල් ආසනය, සෙල් ලිපි හා අනිකුත් නටබුන් සියල්ලද කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇති බව ජනතාව චෝදනා කරති.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි ශෛලමය මල් ආසනය සහිත ස්ථානය තබ්බෝව අභය භුමියටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත කලාපයකටත් අයත් භුමියක පිහිටා ඇත.

අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවට අයත් මෙම ස්ථානය දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමරු අශෝක මාලා සමඟ තාවකාලිකව සැඟවී සිටි ස්ථානයක් බවද ජනප්‍රවායේ සඳහන් වෙයි.

මෙම ස්ථානයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් සියලු දෑ වනසා දමා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි ජනතාව ප්‍රශ්න කරති.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුරා විද්‍යාත්මක වශයෙන් හඳුනාගත් සහ නොගත් ස්ථාන රැසක් මේ වන විට අනාරක්ෂිත තත්වයකට පත්වී ඇති බව ජනතාව පවසති.

එසේම නිදන් ලබා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ තිබූ වෙහෙරක් ද කලකට පෙර වනසා දමා ඇති අතර තවත් ස්ථාන ගණනාවක් විනාශ කරදමා තිබෙනු දැක ගත හැකිය.

මේ පිළිබඳව තෝනිගල කලාපය භාර පුරාවිද්‍යා නිලධාරී උපුල් ජයතිලක මහතාගෙන් කළ විමසීමේදී  ඔහු මෙසේ පැවැසීය.

“මේ ස්ථානයේ තිබූ මල් ආසන ගල වෙනත් ස්ථානයක ආරක්ෂිතව තිබෙනවා. එය මේ ආසන්නයේම පුදපුජා පවත්වමින් ආරක්ෂා කරමින් තිබෙන නිසා බය වෙන්න දෙයක් නැහැ.

මේ භූමිය කාලයකට කලින් තමා විනාශ කරලා තිබෙන්නේ .අපි කොහොමත් මාස හයකට සැරයක් වත් අදාල ස්ථාන නිරීක්ෂණයට යනවා .දැන් නම් ලොකු හානියක් නෑ‘‘ යැයි  ඔහු පැවසීය. 



අදහස් (3)

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ශෛලමය මල් ආසනය අතුරුදන්

සේන Tuesday, 09 July 2019 05:24 AM

මේවානම් අන්තවාදීන්ගේ වැඩ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද? නැත්නම් නින්දිත පාලකයන් විසින් ඔවුන්ට නිදි බෙහෙත් දීලද? අනේ මන්දා මේ රටට හරිහමන් පාලකයෙක් නෑනෙ.

:       1       49

Siril Tuesday, 09 July 2019 05:45 AM

පුරාවිද්‍යා එකේ අයම තමයි ඕව කරන්න ඉඩ දෙන්නේ සල්ලි වලට, මගේ නෑයෙක් ඕකේ ඉන්නවා, අපි දන්නවා 15000, 20000 පඩියට ඕකේ වැඩට ඇවිල්ල කැනීම් කරනකොට හොයාගන්න සේරම වටිනා දේවල් හොර පාරෙන් විකුණලා ගාන බෙදා ගන්නවා කට්ටිය, අපට පෙන්නන්නේ මේ පරණ මැටි බදුනක කෑල්ලක් විතරයි. වටිනාකියන සේරම ලොක්කෝ දැනුවත්වම විකුනනවා. පුරාවිද්‍යාව කියන්නේ උඩින් රකිනවා වගේ පෙන්නලා යටින් රටේ ඉතිහාසය විනාශ කරන ලෝක බලවතුන්ගේ ආයතනයක්

:       3       61

SL Tuesday, 09 July 2019 08:30 AM

ගොන් සේන, එම මගුලටම අන්තවාදීන්ගේ වැඩ කියන්න එපා, ලංකාවේ සදකඩපහනත් එංගලන්තේ වෙන්දසියේ පවුන් 10000 ගියා, රට කාපු සුද්දා දේශප්‍රේමියාද ? කොළඹ කෞතුකාගාරය කවුද හොරකම් කරේ ? ඔබ කියන අන්තවාදීන්ද ? ලංකාව වටේ කැනීම් කරවා අපට පෙන්නන්නේ කළු ගල් විතරයි.....

:       57       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 415 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 239 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 577 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1947 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2526 7

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1635 4

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site