(පැතුම් දර්ශන සහ අමදෝරු අමරජීව)
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ චෛත්‍යක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැරි සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
අනුරාධපුර පුරාවිද්‍යා කලාපයේ කිරලාගල කලාප බාර පුරාවිද්‍යා නිලධාරිවරයා විසින් හොරොව්පොතාන පොලිසියට අද (22) සවස කළ පැමිණිල්ලකට අනුව හොරොව්පොතාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
2018 වසරේ ජනවාරි 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ඉපැරණි චෛත්‍යක් මත නැගී ඡායාරූප ගෙන සමාජ ජාලා වෙබ් අඩවි වෙත මුදාහැර ඇති මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලූ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
තවදුරටත් ඒ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීමත් සමඟ එම ස්ථානය හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමිය බවට හඳුනාගත් බවත් පුරාවිද්‍යා නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරුවන් ත්‍රිකුණාමලය අම්පාර ප්‍රදේශයේ අය බවට හඳුනාගෙන තිබේ. ඔවුන් එම ප්‍රදේශයෙ ක්‍රියාත්මක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් බවටද පොලිසිය විසින් වැඩිදුරටත් හඳුනාගෙන ඇත.
ඒ අනුව ඉදිරි පරීක්ෂණ සිදුකරන අතර හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සේනක බී ජයසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කරයි.
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුරාවිද්‍යා චෛත්‍යයේ ඡායාරූප ගත් සැකකරුවන් හඳුනා ගනී
sirimal Tuesday, 22 January 2019 01:42 PM
ඉතිහාසය පාසල් වල හරියට උගන්වන් නැති ප්‍රශ්නය.මේවයේ වටිනාකම් දන්නැති ප්‍රශ්නය.මේවා රජයෙන් කෙරෙන් නැති නම් විද්වතුන් මේවට ඉදිරි පත් විය යුතුයි.
බද්රානි Tuesday, 22 January 2019 02:20 PM
ලෝකයෙන්ම උසස්ම සංස්කෘතියක සභ්‍යත්වයකට උරුමකම් කියන, පුරා විද්‍යා හා පරිසර හිතකාමී, ජනතාවක් වෙසෙන ලෝකෙන් උතුම් රටට, ලෝකයා ඉදිරියේ විශාල අගෞරවයක් කල ඒ තරුණයින් පිරිසට දඩුවම් දුන්නා නම් සුන්දර මිනිසුන් පමණක් ඉතිරි වෙන මේ දිවයින මින් ඉදිරියට සුරපුරයක් වෙනවා නේද? ඇත්තෙන්ම මේ ක්‍රියාව අපේ මේ දිව්‍ය ලෝකයේ ජීවත් වෙන ජාතියට කල මහා අපකීර්තියක්? මෙවැනි ක්‍රියා නොකොට, හොරකම්, තක්කඩිකම්, ස්ත්‍රී දුෂණයක්, මිනීමැරුමක් වැනි වීර ක්‍රියාවක් කරන්න තරම් වත්, මොළයක් නොමැති තරුණ පිරිස් කුමකටද මෙවැනි උතුම් රටකට? අහෝ! මෙවන් විපතක් නම් ලෝකයේ කිසිදු රටකට අත් නොවේවා!!
රුවන් විජේවර්ධන Tuesday, 22 January 2019 02:28 PM
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේකද?
thoppiWednesday, 23 January 2019 01:27 AM
රටේ ඉතිහාසෙට ආදරේ කරන්න බැරි අයට හොඳ පාඩමක් දෙන්න.
Pubudu GayanWednesday, 23 January 2019 01:32 AM
පොඩි පොඩි ප්‍රශ්න තමයි කවද හරි ලොකු ප්‍රශ්න වෙන්නේ ...
JayasekaraWednesday, 23 January 2019 05:47 AM
ඔව්.. මේ අය අපේ ජයසිරි මහා බෝ රජානන් වහන්සේගේ අත්තක උඩට නැගලා පින්තුර දාපු දවසටත් ඔය ඔහොමම කියයි... අනගාරික ධර්මපාල තුමාගේ අනාවැකියට ඔයත් අයිතී වගේ ..
VipulaWednesday, 23 January 2019 10:36 AM
ලංකාවේ කෙසේ වෙතත් යුරෝපයේ ලොකුම ප්‍රශ්නේ මේ ජාතියේ අය ඇවිත් කරන වැඩ ගැන.පාරේ ගැණු ළමයෙක්ට යන්න බැහැ,ඉස්කෝල වල බෝම්බ තියනවා,කාර් බෝම්බ,පල්ලි වල බෙරිහන් දෙන සද්ද,පාරේ වාහන ගිනි තියනවා.ඕක නිසාම තමා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න තීරණය කලෙත්. බ්‍රිතාන්‍ය ඉවත් උනාට පස්සේ තව රටවල් පෝලිමට ඉවත් වෙන්න බලන් ඉන්නේ.
BamunuarachchiWednesday, 23 January 2019 03:52 PM
තව ටික දවසකින් රටේ ලොකුම ප්‍රශ්නය වෙන්නේ මේක. ඔය පටන් ගැන්ම.
Nuwan Tuesday, 22 January 2019 02:34 PM
එක්කෙනෙක් සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගාලා අනේ මම දන්නේ නැහැ කිව්වා. මෙගොල්ලොත් දන්නේ නැහැ කියාවි. රටේ සුළු ජාතින් වන මොව්න් ලංකාව බෞද්ධාමික රටක් බව නොදන්නේ කොහොමද කියන එකෙන් තේරෙන්නේ මේ මිනිස්සුන්ට පොඩි කාලේ ඉදන් උගන්වන්නේ අරාබි හෝ ඉන්දීය ඉතිහාසය මිසක් තමන් ජීවත් රටේ ඉතිහාසය නොවේ. සිංහල අපි කවදාවත් පල්ලියක්, කෝවිලක් කුරුටු ගාන්න යනවද? නැහැ. සහජීවනය සංහිදියාව සිංහල අපිට විතරද ඕන? රට වටේ අරාබි පාසල් වලින් උගන්වන්නෙත් මුල ධර්ම වාදී අදහස්ය. කව්රු හරි නැහැ කියනවනම් ඒක බොරුවක්!
lankaWednesday, 23 January 2019 02:11 AM
කුරුටු ගෑවේ නැති උනාට ගිනිතියලා, ගල් ගහල වීදුරු කඩල එහෙම ලෝකයා ඉදිරියේ ජනප්‍රිය උනානේ පහුහිය කාලේ. කෝ ඉතින් අපිට අමතක වෙනවනේ. ප්‍රශ්නය ඕක නෙවෙයි 'පරමාර්ථය' මේක හුදෙක්ම ෆොටෝ එකක් ගන්න කරපු දෙයක් මිස වෙන දෙයක් නෙවෙයි. හැබැයි දමිල අධ්‍යාපනය සම්බන්ධයෙන් කියපු කතාව මම පිලිගන්නවා. අපේ රට මිනිසුන් වශයෙන් වෙන් වෙන්න ප්‍රධාන හේතුව ඕක තමයි. දමිල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් කාටවත් කිසිම පලක් නැහැ එකෙන් වෙන්නේ අපි තව තව වෙන් වෙන එකයි
NuwanWednesday, 23 January 2019 07:14 AM
මහත්තයෝ ! තමුන් ඇතුළු උනේ පුරා විද්‍යාත්මකව පිළිගත් බෞද්ධ නටබුන් තියෙන තැනකට. ඒවා උඩ නැගලා පය තියලා පොටෝ ගන්න හොද නැහැ කියන එක ඉංජිනේරු පීටයේ ඉගෙන ගන්න අය දන්නේ නැහැ කියන එක විහිළුවක් නෙමේද? සිංහල අපි උතුරේ කෝවිලකට ගියොත් සෙරප්පු දා ගෙනද යන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ තරුණකම හෝ නොදන්නා කම ගැන නෙමේ. තමුන්ට උපන් දා සිට මොළේට කවපු තමුන්ගේ ආගම හැර වෙන ආගම ලොකු නැහැ කියන මානසිකත්වය. මෙතන ජාතිවාදී අදහස් නෙමේ පලකලේ ඇත්තටම වෙන දේ සංහිදියාව නිසා මේ මිනිස්සුන්ට පනින රිලව්ට ඉනිමන් තිබ්බ වගේ තමා.
Bamunuarachchi Tuesday, 22 January 2019 03:02 PM
ඉතින් අපි නොදන්නවාද මේ කව්ද කියලා.
kapWednesday, 23 January 2019 05:36 AM
දන්නවානම් කියන්නකෝ හෑමෝටම දෑනගන්න.
Vikum Tuesday, 22 January 2019 03:03 PM
ලෝකේ විනාශේ කෙමෙන් කෙමෙන් ලං වෙනවා කියල හැගෙන්නේ මට විතරද?
Bamunuarachchi Tuesday, 22 January 2019 03:18 PM
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියා සුද්දා කීවේ කට කසනවාට නොවේ.
Pubudu GayanWednesday, 23 January 2019 01:20 AM
ඔබතුමාගේ දැනුම ගැන කණගාටුවෙමි. ඉස්සර යුද්දෙට යද්දී පරණ කැවුම් මල්ලක් සැම සෙබලෙක් ගාවම තිබ්බේ තුවාල වුනොත් ඒ මල්ලෙන් කැවූම් ගෙඩියක් අරන් තුවාලයට තියල ගැට ගහන්න. මොකද ස්වභාවික පෙනිසිලින් හැදෙනවා හොද පදමට හදන කැවුම් පෘෂ්ටය මත. පොඩ්ඩක් හොයලා බලන්න Microbiology research කරපු විද්වතුන් කියලා තියන දේවල්... මෝඩ සුද්දාට හොයාගන්න බැරි වුණා. ඉතින් සුද්ද කිව්වා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියලා... අපේ කළු සුද්දොත් කට කහනවට ඔව්වා මුඛ පරම්පරාවෙන් ගෙනිච්චා.
NuwanWednesday, 23 January 2019 08:11 AM
ඔය බමුණුඅරච්චිට ජාතියේ ප්‍රශ්නයක් තියෙනවා වගේ. ඒ නිසා මහත්මයාගේ වටිනා අදහස් නුගතුන්ට කියලා කාලේ නාස්ති කර ගන්න එපා.
anuraThursday, 24 January 2019 10:32 AM
කිසිවිටෙකත් එය සිදු නොවෙනු ඇත
smpath pathirana Wednesday, 23 January 2019 01:52 AM
සහජීවනයට මුව වෙලා මේ වගේ වැරදි කරන අයත් නිදහස් උනොත් අපේ රටට තව දුරටත් නීතිය කියා දෙයක් අවශ්‍ය නැත......
Bamunuarachchi Wednesday, 23 January 2019 02:37 AM
සුද්ද මොඩනම් අර ඔබ කියන Microbiology research කරන්නේ සිංහලයෝද? "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" කියලා නැවත කියන්න වෙනවා. ලයික් ඩිස්ලයික් දාපු අයත් මේ ගොඩට වැටෙනවා
Perakum Wednesday, 23 January 2019 03:02 AM
මෙතන අදහස් දක්වපු කවුරුත් කියන්නේ ඇත්ත තමයි. මේ වගේ සුළු දෙයක් අල්ලාගෙන මහා පරිමාණයෙන් සද්ද කරන අපේ පුරා විද්‍යා කට්ටිය ඔය වගේ පුරාන චයිත්ය ඩොසුර් කරලා පොළොවට සමතලා කරනකොට කොහෙද හිටියේ. ඒවාට කතා නෑ.
sandy123 Wednesday, 23 January 2019 04:51 AM
මම මේ ඡායාරූප ගැනීම අනුමත කරන්නේ නැහැ. නමුත් බද්රානි පැවසු පරිදි හොරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ සහ එකට සම්බන්ධ අනිකුත් මහා පරිමාණ වැරදි කරුවන් යහතින් නිදැල්ලේ අපිත් සමග ගැවසෙනකොට මෙවන් දෙයක් ලොකුවට ඇදගෙන යාම අනුමැත කල නොහැකියි. ඒ වගෙමේ පුබුදු ගයාන්ගේ අදහසත් අනුමත කරමි. පොඩි වැරද්දට එවෙලේම පොඩි තරවටුවක් නොකලොත් ඔවුන් ඉදිරියේදී මහා පරිමාණ වැරදි වලට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. බලධාරීන් මේ ගැන හිතලා පොඩි දඩුවමක් දුන්නොත් හොදයි.
sadunWednesday, 23 January 2019 08:12 AM
ලොකුවට? ප්‍රභාකරන් කියන කෙනත් පටන් ගත්තේ පොඩියට තමා. ඔයාට නම දාපු කෙනා හරියටම දාලා තියෙනවා.
kap Wednesday, 23 January 2019 05:39 AM
පස්ස පෑත්ත පෙන්නුවොත් විතරයි මාස ගානක් ඈතුලට දාන්නෙ.. අනික සිංහල බෞද්ධ වෙන්නම ඕනෙ. අනික් අයට ඒව අදාල නෑ. අනික් නීති හරියට වෙන්නෙ නෑ කියල හෑම නීතියම යට ගහන්න බෑ. ඒක ගෑන කතා කරන අයනම් හරීම මෝඩයි
Nuwan Wednesday, 23 January 2019 07:02 AM
ඔය වගේ ඳේවල් වලින් බුද්ධාගමට අපහාස වෙනවා කියලා නීතියෙන් දඬුවම් දෙනවානම් බුද්ධාගමේ මුලිකම රීතියක් උණු පන්සිල් පද 5 රකින්නැති බෞද්ධයාට මොනාද කරන්න ඕන.
kapWednesday, 23 January 2019 10:26 AM
දඩුවම් දෙන්න ඕනෙ බුද්ධාගමට අගෞරව කරා කියලා නෙමේ. වැදගත් ආගමික ස්ථානයක හැසිරෙන්නෙ දන්නෙ නැති එකට. මේ වගේ අය විශ්ව විද්‍යාලෙක ඉදගෙනත් හැසිරෙන්න දන්නෙ නැත්නම්, ඇයි මේ ත්‍රීවීල් රියදුරන්ව විවේචනය කරන්නෙ නුගත් හැසීරීම ගැන?
sujeewa Wednesday, 23 January 2019 08:15 AM
මේකට ජාති වාදය ගාව ගන්න එපා. සමහරවිට චෛත්‍යයේ උඩ නැගලා ඉන්න කට්ටිය සිංහල බෞද්ධයෝ වෙන්නත් පුළුවන්.