IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරැණි මාර්ග සොයයි

(විනීතා එම් ගමගේ)
 
මෙරට පැරණි මාර්ග පද්ධතිය සොයා පුළුල් පුරා විද්‍යා පර්යේෂණයක් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.

යටත් විජිතයක් වීමට පෙර පැවැති මාර්ග පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇතැයි ද එම මාර්ග පද්ධතිය සොයාගැනීම ඉතිහාසයේ බොහෝ වටිනා තොරතුරු රැසක් හෙළි කර ගැනීමට උපකාර වනු ඇතැයි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග පද්ධතිය සොයා තිස්සමහාරාම සිට අනුරාධපුරය දක්වා යන බවත් එහි දී කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අතරමග දී හමුවන අන්දමින් මාර්ග සොයා යන වැඩපිළිවෙල දියත් කරන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.

මෙහි මුල් පියවර ලෙස තිස්සමහාරාම සිට මහියංගනය ඔස්සේ පොලොන්නරුව හරහා අනුරාධපුර දක්වා මාර්ග සොයා යන්නට බලාපොරොත්තු වන බව හෙතෙම සදහන් කළේය.

සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියට ගතවනු ඇතැයි ද මනතුංග මහතා කීය.

එය මුල් අදියර ලෙස ආරම්භ කර ඉන් පසු දිවයිනේ අනෙක් පළාත්වලත් එවැනි මාර්ග සොයා යන්නට සූදානම් බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මාර්ග පද්ධතිය සොයා ගැනීමත් සමග ඉතිහාසයේ මෙතෙක් සොයා නොගත් පැතිකඩ රාශියක් හෙළිවනු ඇතැයි ද කීය.

විශේෂයෙන් එවකට පැවැති වෙළදාම සභ්‍යත්වය මෙන්ම සමාජ සම්බන්ධතා පිළිබදවද බොහෝ තොරතුරු හෙළි කරගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිටත් අතීත මාර්ග පද්ධතියේ නෂ්ඨාවශේෂ පවතින්නේ යැයි ද ගල්පාලම් වැනි නෂ්ඨාවශේෂ හදුනාගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (6)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ පැරැණි මාර්ග සොයයි

eresh S kumara Tuesday, 12 January 2021 11:28 AM

දැන් එතකොට ඉන්න පදිංචි කරුවන්ට මොකද කරන්න යන්නේ?

:       1       7

prabha Tuesday, 12 January 2021 11:38 AM

හොයාගෙන තියෙන ටික රැකගන්න බැරි අය තව දේවල් හොයනවා.

:       1       11

Indhika Tuesday, 12 January 2021 12:34 PM

හොයාගන්නේ වෙන මොකකටවත් නොවේ. ඒවා ආයේ හදන්න ඕනේ කියලා බොරු සංවර්ධනයක් පටන් ගන්න. එතකොට කාටවත් කරදර කරන්න බැහැ. මේවා ඉස්සර තිබ්බ ඒවා කිව්වාම කට වහගෙන ඉන්න වෙනවා.

:       1       11

chandima Tuesday, 12 January 2021 01:30 PM

පැරැණි තිබුණු දේවල් නම් අපේ අයියලා හොයාගනියි. නමුත් අලුතින් යමක් සොයාගන්න තමයි බැරි. පසුගිය දවස්වල එක අධ්‍යක්ෂවරයෙක් කොරෝනා ආපු හැටි හොයාගත්තා කියලා පත්තරේත් මූණ දාගෙන තිබුණේඒත් ලෙඩේට තවම කසායක්වත් හොයාගන්න බැරිවුණා එයාලට...

:       0       8

fairoos Tuesday, 12 January 2021 02:50 PM

හොයාගත්තු ඒවා ඩෝසර් කරපුවා ආයේ හොයන්න යනවා. ලංකාවට අබ සරණයි.

:       0       12

duminda Wednesday, 13 January 2021 05:52 AM

සල්ලි කන මෝඩ වැඩ... ඇමතියෙකුගේ හරි සල්ලිකාරයෙකුගේ ඉඩම යටින් පාර තිබුණොත් ව්‍යාපෘතිය ඉවරයි. එහෙම නැතිනම් නිධන් තියෙනවා කියලා ඔත්තුවක්... ඒක හම්බ වුණාම ව්‍යාපෘතිය ඉවරයි. තව දෙයක් ඕක පිටින් දාලා සල්ලි තියෙන අය තමන්ගේ වතු හාරන්න ගනියි. දුප්පත් මිනිහෙක් ළිඳක් කපද්දී මොනවාහරි හම්බවුණොත් ඒ මිනිහාව හිරේත් දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 182 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 178 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 326 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1051 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 960 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1277 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site