(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ. ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතා සහ ලාකුරනව් නගරාධිපතිවරයා එක්ව ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කළහ. සිංහල අලුත් අවුරුදු චරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑම, දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමද සිදුකෙරිණි.
දූ දරුවන් සඳහා කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සිඟිති අවුරුදු කුමරු කුමරියන් තේරීම වැනි තරග මෙහි පැවැත්වුණු අතර උළෙල අවසානයේ පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දරුවන්ගේ නර්තනයෙන් සමන්විත සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිසියේ ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිසියේ කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා ඇතුළු රැසක් මීට එක්ව සිටියහ.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පැරිසියේ බක්මහ සිරි
රොහාන් දයාදර පැරිස් Wednesday, 17 April 2019 05:04 PM
මට දැනගන්න ලැබුණු විදිහට විදේශ රටක වසරක් පාසා පවත්වන අති දැවැන්ත සුර්‍යා මංගල්‍ය.. සුර්‍යා මීන රාශියෙන් මේස රාශියට සංක්‍රමණය සිහිකරන සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස සමරන යුරෝපයේ ප්‍රංශ රටේ ලෝකයේ සුන්දරම නගරය ලෙස විරුදා වලියෙන් පිදුම් ලබන පැරිස් සිට අපි අපේකම, ආදරය, කරුණාව, දයාව, සමගිය, එකමුතුව, විදහා පාන කැඩපතක් බදු අති දැවැන්ත බක්මහ උළෙල මෙයයි කියා කිවොත් කවුරුත් මා සමග එකග වනු ඇතැයි මා තරයේ විස්වාස කරමි..
kamal Thursday, 18 April 2019 08:34 AM
යුරෝපයේ ලොකුම අවුරුදු උළෙල මෙය තමයි......