(ළහිරු හර්ෂණ)
අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසයි.
මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ. මෙය ජනතාවට නොමිලේම නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකි අපූරු නවාතැනකි.
ව්‍යායාම කිරීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ.
කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නැවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.
පොකුණු දෙකක් මැදින් ප්‍රවේශය තනා ඇති උද්‍යානය සෞම්‍ය ආලෝක රටාවන්ගෙන් රාත්‍රියේ දී විචිත්‍රවත් වේ. එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශණ හා සංස්කෘතික උළෙලවල් හා විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා යොදා ගත හැකි ය.
අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට පළමු අදියරේ දී රුපියල් මිලියන 132ක් සහ දෙවන අදියර යටතේ රු.මි 162ක් වැය කරනු ලබයි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 294කි.
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
පරිසරයට මහා සම්පතක්
Sanka Wednesday, 21 July 2021 12:00 PM
තණකොළ ටිකක් වැඩිපුර වවන්න...
Kule Wednesday, 21 July 2021 12:14 PM
සමරු ඵලකය බර්ලින් තාප්පය වගේ... තව ටිකක් කල් යනකොට ව්‍යාපෘතියටත් වඩා විශාලව සමරු ඵලක නිර්මාණය වේවි. අපරාදෙ මහජන මුදල්...
විපරමා Wednesday, 21 July 2021 03:54 PM
කාර් රේස් තියන්නත්, සලමන් ඛාන්ව ගෙන්වලා සංගීත සංදර්ශන පවත්වන්නත් මරු. මහජන මුදල් කාබාසිනියා කරලා කරපු තරමක් කෙරුවේ බොරු සෝබන වැඩ...
Ranji Wednesday, 21 July 2021 04:04 PM
නැව ගිලෙනවා. ඒ වුණාට බෑන් චූන් නවත්වන්නේ නැහැ. හත් මුතු පරම්පරාවක්ම ගොඩදාගත්ත මිනිස්සුන්ට ඕවායේ ගාණක් නැහැ.
Senevi Thursday, 22 July 2021 12:56 AM
ඉතාම කාලෝචිත වැඩක්. භූ ගත ජල ස්ථරය ඉතා ඉහළ මට්ටමක පවතින ඉඩම් මිල වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමකින් යුතු බිම් ප්‍රදේශයක පිහිටි මේ අනගි බිමෙහි වියළි සහ අතරමැදි කලාප සඳහා යෝග්‍ය රත් හඳුන් සහ සුදු සඳුන් ගස් සාර්ථකව වගාකිරීම තුලින් මේ රට සෞභාග්‍යය කරා යන ගමනෙහි සාර්ථකත්වය ඉතා හොඳින් පෙන්නුම් කරනු ඇත. රාත්‍රී කාලය පුරාවටම අලංකාර විදුලි බුබුළු සහිත විදුලි ආලෝක පද්ධතියක් ක්‍රියාත්මක වීම නිසා ඊට ඉහලින් පියාසර කරන ඕනෑම කෙනෙකුට මෙහි ඇති චමත්කාරය නොඅඩුව විඳ දරාගෙන ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වීමට හැකිවනු නොඅනුමානය. ඒ සියල්ලටම වඩා වැදගත්ම සේවය වන්නේ එක් පසෙකින් අපේ ජනප්‍රිය බයිලා ගායක ගායිකාවන් ඉදිරිපත් කරනු ලබන කර්ණ රසායන ගයනා අසන අතරේ තවත් පසෙකින් ඇස් කන් පියාගෙන බවුන් වැඩිමටද අවස්තාවක් සලසා දීම කෙතරම් භාග්‍යයක්ද? එක වසංගතයක් නෙවේ වසංගත සීයක් ආවත් අපේ රට පරද්දන්නට බැරිබව පෙන්නුම් කරන මේවගේ අපේ රටට ඉතාම අත්‍යාවශ්‍ය සේවාවක් ලබාදීම ගැන සියලුම දෙනාට අපේ හද පිරි ස්තුතිය. ජයවේවා.