IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයින්ගෙනුත් ප්‍රශ්න කරන්න’

(චමිල් රූපසිංහ)
 
පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ ප්‍රහාරය සම්බන්ධව දේශපාලන අංශවල කිසිවෙකු සම්බන්ධ නම් ඔවුන්ගෙන්ද තරාතිරම නොබලා ප්‍රශ්න කළ යුතු බවත් එසේ නොමැතිනම් මෙම ප්‍රශ්නය විසඳා ගත නොහැකි බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ පවසති.

මහානායක හිමිවරු හා කාඩිනල්තුමා මේ සම්බන්ධව ප්‍රකාශ කළ බවත් නිසි පරිදි පරීක්ෂණ කිරීමට  ඉඩ නොලැබුණොත් එය මීට වඩා තත්වයකට අතවැනීමක් බවද අස්ගිරි අනුනායක හිමියෝ පැවැසූහ.

අනුනාහිමියන් මේ බව පැවැසුයේ ජී. එල්. පීරිස් මහතා ඊයේ හා අද (4 හා 5) මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමි, ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

රටේ සමස්ථ පද්ධතියම බිඳ වැටි ඇති බවත් බෞද්ධ කටයුතුවලදීත් මේ වන විට ගැටලුවක් වී ඇති බවත් සෑම පුද්ගලයෙකුටම වැරදි පැටවීම සුදුසු නැති බවත් පොදුජන පෙරමුණද මේ අවස්ථාවේදී හැකි සහයෝගයක් ලබාදී මෙය විසඳිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය මෙහි භයානක බව වටහා ගත යුතු බවත් සියලු දෙනා එකතුව පොදු තීරණ ගත යුතු බවත් හිමියෝ පැවැසූහ.

පසුගිය දශකය තුළ සතුටුදායක මානසිකත්වයක ජීවත් වූ බවත් එය මේ වන විට විනාශව ඇති බවත් මේ ප්‍රහාරය සම්බන්ධව රජය තොරතුරු දැන සිටි බවත් මෙය වැළැක්වීමට කටයුතු කරන්නට තුබු බවත් ආරක්ෂක අංශ මේ වන විට කරන කාර්යය අගය කරන බවත් එම බිහිසුණු ස්වභාවය තවමත් අවසන්ව නොමැති බවත් මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ කීහ.

මෙම ත්‍රස්ත ක්‍රියා සෑම රජයකදීම දීර්ඝ කාලයක් තිස්සේ පැවැතුණ ක්‍රියාවක් හැටියට මෙම ත්‍රස්ත ක්‍රියාව දකින බවත් ජන වර්ග කණ්ඩායම්වල අන්තවාදී කණ්ඩායමක් ආගමික උමතු බව නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන බවත් මෙයට පසුබිම දේශපාලඥයන් විසින් ඇති කළ බවද ලේඛකාධිකාරි හිමියෝ පැවසූහ.

මේ රටේ තියෙන්නෙ එක ආණ්ඩුවක් නොව, ආණ්ඩු දෙකක් බවත් ආණ්ඩු දෙකක් පවතිද්දි එක කොටසක් නීතියක් පනවන විට අනිත් පිරිස එය අවලංගු කරන බවත්, මේ නිසා ගැටලුවලට මුහුණ දෙන්න වෙන්නෙ රටේ ජනතාවට බවද ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ ජී. එල්. පීරිස් මහතා හමුවේ  පැවැසූහ.



අදහස් (6)

‘ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයින්ගෙනුත් ප්‍රශ්න කරන්න’

ranjith Sunday, 05 May 2019 02:35 PM

කොයිතරම් ඔබ වහන්සේලා කිව්වත් මේවට කන් දෙන පාටක් තවම නැහැ. ඒ පළාත්වල මැතිඇමතිවරුන්ට ඕනෙම දෙයක් කරගන්න ඉඩ දීලා නිහඩව බලා තියෙන බව තමයි පෙන්නේ.

:       11       160

NishanSunday, 05 May 2019 10:01 PM

ජව්හිඩ් ජමාඩ් කල්ලිය පෝෂණය කල, ඔවුන්ට ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගෙවපු අය ගැනත් පරීක්ෂණ කල යුතුයි.

:       0       14

සෙනෙවි Monday, 06 May 2019 12:36 AM

මේ මහාචාර්ය තුමා මල්වට්ටි පිරිකර අර ගෙන මාසෙකට වතාවක් මේ බැහැදකින්න යන්නෙ අවංකව රට ගැන හිතලද? මේ වගේ දේවල් මෙතුමා අාණ්ඩුව කරන කාලෙ උනේ ම නැතිවගේ කතාව. මහින්ද මහතා මේ උන්නැහේගෙ එක්ක අලුත් ගමනක් යාවිද?

:       4       21

Vijitha Monday, 06 May 2019 12:58 AM

මේ අයගේ ආණ්ඩුව කාලේ තමයි රටේ විනය හුඟක්ම පිරිහුනේ

:       8       37

chandima Monday, 06 May 2019 03:41 AM

වැඩක් නැහැ හාමුදුරුවනේ, දේශපාලඥයෝ කියන උන් මළාට ඇත්ත කියන ජාතියක්ද?

:       0       29

kap Monday, 06 May 2019 05:54 AM

පන්සලෙන් එළියට ඇවිත් මිනිස්සු එක්ක එකට එකතුවෙලා ආගම දහම ගැන කතා කළොත් රටයි, බුද්ධාගමයි රැකෙයි. පන්සල අස්සේ ඉඳගෙන තියෙන බිල්ඩින් වැඩිකර ගන්න එකයි, යන්න එන්න ලොකු වාහන ගන්න එකයි අත ඇරියොත් මිනිස්සු සංඝයා වහන්සේලා ගැන විශ්වාසයක් ඇතිකර ගනී. එන එන දේශපාලකයාට සපෝට් එකට ඒ ඒ අවස්ථාවේ කතාව වෙනස් කරන, දායකයන්ට කිසිම උදව්වක් නැති, අනික් ආගම්වල අය ඒ දේවල් කරන කොට ඒවා විවේචනය කරන හාමුදුරුවරු තමයි දැන් ඉන්නේ... අඩුම ගානේ වෙන විකාර නිකායවල හදන තමන්ගේ ආගමේ ජෝකර්ලවත් හරි මාර්ගෙට ගන්න බැරි අය තමයි මේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 16 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 41 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 257 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 115 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 340 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 542 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site