(හර්ෂණ තුෂාර සිල්වා)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කරයි.
සිය නවතම ලිපිය පළ කරමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව ඒ බව සඳහන් කර තිබේ. ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 - ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබිණි.
අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැළකිය යුතු පසුබැසීමකට ලක්වූ අතර ප්‍රහාරයට පසු සතියේදී ශ්‍රී ලංකාව තුළ නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම් 186%කින් පහත වැටුණු බව සංචාරක උපදේශක ආයතනයක් වන ‘ෆෝවර්ඞ්කීස්’ උපුටා දක්වමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කර ඇත.
දේශගවේෂණය, අධ්‍යාපනය ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සිදුවීම්වලට ඉඩ නොදිය යුතු යුතු බවත් එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව තවමත් ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන් බවත් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම ලිපියේ සඳහන් වේ.
එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් දන්වා තිබූ අනතුරු ඇඟවීම් පහළ දැමීමට කටයුතු කර ඇතැයි ද එම ලිපියේ සඳහන්ව ඇත.
මේ වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත. එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් පත්ව ඇත.
ඡායාරූප - ලෝන්ලි ප්ලැනට්
(මිරිස්ස මුහුදු තීරය)
(පැරෑලිය තෙල්වත්ත)
(දේමෝදර - ආරුක්කු නවයේ පාලම)
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ප්‍රහාරයෙන් පසුවත් සංචාරයට සුදුසු රටවල් අතර ලංකාව මුල්තැනට