(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන පොලිසියේ නිලධාරීන් ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ දී ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොල් ගෙඩි පහක් තුළ සඟවා තිබූ රුපියල් 50 ලක්ෂයකට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතා පැවසීය.
හොරණ කුඩා උඩුව ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු සැඟවූ පොල් ගෙඩි රැගෙන යතුරුපැදියෙන් පැමිණි අඹුසැමි යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් පරික්ෂා කිරීමේදී මත්කුඩු ග්‍රෑම් 500ක් සහ මිලිග්‍රෑම් 650ක් එම පොල් ගෙඩි තුළ සඟවා තිබූ බව පොලිස් නිලධාරියෙක් කීය.
මෙම ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රැඳවියකු සිය 18 හැවිරිදි දියණිය හරහා සිදුකරන බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොල්ගෙඩි පහක ලක්ෂ 50ක හෙරොයින් සඟවලා