IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


පොලිස්පති ගැන පරීක්ෂණයක් පවත්වන්න සීඅයිඩීයට නියෝගයක්

(නිමන්ති රණසිංහ)

පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එහි විදුලි සෝපානයේ සහ පිළිගැනීම් අංශයේ රැදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදී අඩම්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය.

රාජ්‍ය නිලධාරියකුට සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම  යන වැරදි සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 344, 346 සහ 483 වගන්ති ප‍්‍රකාරව මෙම සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ තුන ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

 



අදහස් (5)

පොලිස්පති ගැන පරීක්ෂණයක් පවත්වන්න සීඅයිඩීයට නියෝගයක්

Appunamu Tuesday, 25 June 2019 12:43 PM

එක එක්කෙනාට ඕන වෙද්දී පරීක්ෂණ පවත්වන, වෙලාවට අවශ්‍ය පරීක්ෂණ නොපැවැත්වෙන, පරීක්ෂණ පවත්වල හිරේ යන අය නිදහස් කරන අරුම පුදුම රටක් මේක

:       17       193

Prabha Tuesday, 25 June 2019 01:08 PM

ඔය සිද්ධිය වෙලා දැන් ගොඩක් කල් නේද. මොකද මේ හදිස්සියේම පරීක්ෂණයක්?

:       16       33

සේන Tuesday, 25 June 2019 03:16 PM

ලංකාවෙ මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. අලියා ගම් වැදිලා ඉන්නකොට අලි බෙටි ගැන තර්ක කරනව කිව්වලු.ප්‍රශ්න වෙනතක. කරන්නෙ වෙන දේවල්.

:       9       28

වරුණ ලසන්ත Wednesday, 26 June 2019 02:51 AM

"පෙර දැනුම්දීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ" දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් තමන්ගේ දෙපාර්තමේන්තුවකට පෙර දැනුම්දීමකින් තොරව පැමිණීම වරදක්ද? පෙර දැනුම්දීමකින් පැමිණිය යුත්තේ බොරු වහල පෙන්නනද? අනේ මන්ද!

:       0       0

lakmal Wednesday, 26 June 2019 02:56 AM

මෙයාගේ සමහර හැසිරීම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට නොගැලපෙන මට්ටමේ තිබුනා. කොහොම උනත් ඉදිරියට මේවගේ තනතුරු වලට එන්න ඉන්න පුද්ගලයින්ට මේවා හොඳ පාඩම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 83 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 834 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 771 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 220 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 218 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 867 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site