IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පොලිසියේ ඉල්ලීම ගල්කිස්ස උසාවියත් ඉවත දමයි

(දිලංගා ගෝමස්)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් හෙට දින විරෝධතා රැළියක් ගල්කිස්ස පොලිස් සීමාව තුළ පැවැත්වීමට කටයුතු කරන බවත් ඊට  ත්‍රස්තවාදී හෝ මොන යම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් එම උද්ඝෝෂණයට තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය තුනක් කළ ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා අද ප්‍රතික්ෂේප කළේය.

සෞඛ්‍ය නීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව මහජනතාව කැඳවමින්  විරෝධතාවක් සිදුකිරීමෙන් පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

කොරෝනා වසංගත හේතුවෙන් වසා දමා තිබූ  රට විවෘත කර සංචරණ සීමා ද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේදී සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා  කුරුඳුවත්ත පොලිසිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්  මෙවැනි උද්ඝෝෂණයකට ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවණතාවක් ඇති බවත් ගල්කිස්ස 1 සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා ඇතුළු ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී.පෙරේරා යන නිලධාරීහු මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වුහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශවල මහජන රැස්වීම් පැවැත්වීම තහනම් බවට සටහන් කර නොමැති වීමත්, එම උද්ඝෝෂණය ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පැවැත්විය හැකි බවට ඉදිරිපත් කළ බුද්ධි තොරතුරු උපකල්පනයන් පමණක් වීම මත පොලීසිය  ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

පොලිසියේ ඉල්ලීම ගල්කිස්ස උසාවියත් ඉවත දමයි

විපරමා Monday, 15 November 2021 04:19 PM

පවුල් ආණ්ඩුව සෑහෙන්න බය වෙලා වගේ. කොරෝනා කාලේ පැණිය පස්සෙ, මුට්ට් පස්සෙ හිහින් හත් පොළේම ගා ගත්තේ කවුද?

:       0       1

wahaldeepe Monday, 15 November 2021 06:50 PM

‘‘ඊට ත්‍රස්තවාදී හෝ මොනයම් සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල විය හැකි බවත්...‘‘ හිරිකිතයි නේද IRC පාලනය...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 126 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 81 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 421 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 219 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 230 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1379 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 218 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site