IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පොලිස් කූඩුවේදී සැකකරුවෙක් මිය ගියැයි ගම්මු පොලිසිය වටලති

(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් රැස්වු දහසකට ආසන්න පිරිසක් 17දා පෙරවරුවේ ඇඹිලිපිටිය පනාමුර පොලිස්ථානය වැටලීය.

පනාමුර වැලිපොතයාය ගමේ 38 හාවිරිදි කරළහින්ගේ නිමල් ජයරත්න යන අය මෙසේ පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මියගොස් තිබු බව පැවැසේ.

මියගිය තැනැත්තාට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් පවුල් ආරවුලක් සම්න්‍ධයෙන් පනාමුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. 16දා රාත්‍රී 09.30ට පමණ පනාමුර පොලීසියෙන් මියගිය තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පොලිසියේ සිර මැදිරිය තුල රඳවා තිබිය දී 17දා අලුයම 03.00ත් 03.30ත් අතර දී ගෙලවැළලාගෙන සිටියදී පොලිස නිලධාරින් විසින් බේරාගෙන ඇඹිලිපිටියන දිසා මහ රෝහල වෙත ගෙන ගොස් තිබුණි. රෝහලට ගෙනයනවිටත් ඔහු මියගොස් තිබුණ බව පොලිසිය පැවසුවේය.

මේ සිද්ධිය සැලවීමත් සමග මියගිය තැනැත්තාගේ ගමේ දහසකට ආසන්න පිරිසක් පනාමුර හන්දියට පැමිණ පනාමුර හන්දියෙන් ඇඹිලිපිටිය, කොලොන්න සහ ඕමලපේ යන මාර්ග තුනම හරස්කළහ. පසුව වාහන වලට යා නොහැකි ලෙස යටර් පුලුස්සා බාධා කළහ. ඒ නිසා පනාමුරේ හන්දිය හරහා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.

එක්රැස්වු පිරිස පනාමුර පොලිස්ථානය ද වැටලූහ. පොලීසියට ඇතුලු වීමට ද උත්සාහ කළහ. පොලීසිය එය ව්‍යවර්ථ කරනු ලැබීය. පනාමුර පොලීසියේ සහයට කොළොන්න, ඇඹිලිපිටිය පොලිස්ථාන වලින් අතිරේක පොලිස් කණ්ඩායම් ද කැඳවා තිබුණි.

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා ඇතුලු සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙක් ම එහි පැමිණ සිටියහ.

 



අදහස් (7)

පොලිස් කූඩුවේදී සැකකරුවෙක් මිය ගියැයි ගම්මු පොලිසිය වටලති

යෝගා Wednesday, 17 November 2021 01:53 PM

හදිසි ආවේගයෙන් උඩ පැන්නට හෙට අනිද්දට ගෙවල්වලට ඇවිත් කුදලාගෙන යනකොට ඇඬෙයි. කොහොමත් පාරවල් හරස් කරන වැඩේට නම් දැඩි දඬුවම් දිය යුතුයි

:       0       0

අනුර Wednesday, 17 November 2021 02:43 PM

අතිශයින්ම කණගාටු වෙමි. පොලිසිය තුල ගෙලවැලදා ගෙන සැකකරැවන් මිය යන සිද්දීන් අපේ රටේ නිතරම අසන්නට ලැබේ. මෙවැනි සිදුවීම් ගැන නිසියාකාරව පරික්ෂණ පවත්වා ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි සිදුවීම වලක්වා සාධාරණත්වය මත නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පරිසරයක් බිහිකිරීමට වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

:       0       0

Nuwa Wednesday, 17 November 2021 06:19 PM

ඔය පොලිසිය වටලපු 1000 න් 100 ක් වත් අර මිනිස්සුන්ගෙ පවුල් ආරවුල ගැන බලලා වැඩේ සමථයකට පත් කරන්න බැලුවාද? මිනිස්සු රුල්ලට යනවා විතරයි...

:       7       18

රාමාThursday, 18 November 2021 01:21 AM

ඒක ඇත්ත. ඒ මනුස්සයා කුඩු වලට ඇබ්බැහි නම්, ඒ වගේම ඊට ටික දිනකට කලිනුත් දුවට රෝහල් ගතකිරීම තරමට පහර දුන් කෙනෙක්නම් ගමේ අය එතකොට මොනවාද කරේ. දැන් ඇහෙන්නේම කුඩු වලට ඇබ්බැහි අය වෙනුවෙන් ජනතාව පෙනී සිටින කතා.

:       0       0

kamalThursday, 18 November 2021 10:23 AM

පවුල් ආරවුල් බේරන එක ගමේ මිනිසුන්ගේ වැඩක් නෙමෙයි. නමුත් රටේ පුරවැසියෙක් පොලිස් අත් අඩංගුවේ දී මළොත් ඒක ගැන නිවැරදිව හොයා බලන්නයි බල කිරීම සිවිල් වගකීමයි .සිවිල් අයිතියි කියලා තේරුම් ගන්න තරම් අපේ මොලේ දියුණු නැත්තේ ඇයි ?

:       0       0

Demuni Uduwara Thursday, 18 November 2021 03:41 AM

යුක්තිය දුෂ්කර ඉලක්කයක් වී ඇත!

:       0       1

Perera Thursday, 18 November 2021 03:46 AM

මරලා එල්ලුවද නැතිනම් එල්ලිලා මැරුණද කියලා ස්වාධීන කරන පරීක්ෂණයකින් සොයා ගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 139 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 203 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 127 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 656 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 334 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 337 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site