IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොලිස් කොමිසම තීන්දුව වෙනස් කරයි - නෙවිල් සිල්වාට මාරුවක්

තරිඳු ජයවර්ධන
 
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාට පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට  ජාතික පොලිස් කොමිෂන් සභාව මින් පෙර ගත් තීන්දුව වෙනස් කරමින් ඔහුගේ ස්ථානා මාරුව අනුමත කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (28) තීන්දු කළේය.
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස කොමිසම නියෝග කිරීමෙන් පසු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ  ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්   ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගත් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දුන් බව කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා තමාට මෙම ස්ථාන මාරුව ලබා දුන් බව කියමින් නෙවිල් ද සිල්වා මහතා පොලිස් කොමිෂන් සභාවට අභියාචනයක් කර තිබිණි.  එම නීති විරෝධී නියෝගය සම්බන්ධයෙන් තමන් සතුව සියලු සාක්කි ඇතැයි ද නෙවිල් ද සිල්වා මහතා සිය අභියචනයේ සදහන් කර තිබිණි.
 
එම අභියාචනය පසුගිය පොලිස් කොමිෂන් සභා රැස්වීමේ දී මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සැලකිල්ලට ගත් අවස්ථාවේ ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කළේය. කෙසේ වෙතත් යළිත් වරක්  අද (28) වැඩබලන සභාපති නීතීඥ සාවිත්‍රි ඩී විජේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව රැස්වූ අවස්ථාවේ දී පොලිස්පතිවරයා ඉදිරිපත් කර තිබූ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන ස්ථාන මාරුව යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, නෙවිල් ද සිල්වා මහතාට වෙනත් පොලිසියක ස්ථානාධිපති ධුරයක් ලබා දෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



අදහස් (3)

පොලිස් කොමිසම තීන්දුව වෙනස් කරයි - නෙවිල් සිල්වාට මාරුවක්

Chanak Los angeles Thursday, 28 March 2019 07:51 PM

මේවා මෙහෙම වෙනකොට මානව හිමිකම් ලේකම් වරිය ලංකාවේ ක්‍රියා පටිපාටිය ගැන දුන් ප්‍රකාශය අහක දමන්නේ කව්ද ?

:       5       79

ලුම්බිණි Friday, 29 March 2019 02:21 AM

පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර වෙනසක් නැති බවකුයි පෙනෙන්නේ.

:       0       16

sira Friday, 29 March 2019 03:54 AM

හිතට එකඟව වැඩ කිරීමෙන් පලක් නැහැ. හොඳට වැඩ කලොත් ගෙදර යන්නවෙනවා සිකුරුයි. සියල්ලෝම එකතුවී රටකමු, දේශපාලකයන් සමඟ අත්වෙල් බැඳගමු, හොරු රකිමු. දේශපාලකයින්ගේ හොරකම් නවතුනහොත් පමණක් අපිත් හොඳ වෙමු. එන්න අපිත් සමග එකතුවී හොරු වෙනුවෙන් හොරු ක්‍රමය ක්‍රියාත්මක කරන්න. මීට මරා සහ සිරා

:       0       80

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 486 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site