IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

නාරාහේන්පිට ජාවත්ත සලුසල ඉදිරිපිට ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් පොලිස් වෙඩිතැබීමක් සමඟ අතුරුදන් වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි.

ජනාධිපති ආරක්ෂක අංශයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න  මහතා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග එම ප්‍රදේශයට ගොස් සිදුකළ විමර්ශනවලදී ඩ්‍රෝන කැමරාව දැක ඇතැයි පොලිසිය කියයි.

ස්ථානාධිපතිවරයා ලබාදුන් නියෝගය මත පොලිස් නිලධාරියෙකු ඩ්‍රෝන කැමරාවට වෙඩි තබා ඇති බවද, වෙඩි පහර නිසි ඉලක්කයට යොමු නොවීම හේතුවෙන් ඊට අලාභ හානි සිදු නොවූ බවද පොලිසිය කියයි.

බොරැල්ල බෞද්ධාලෝක මාවත දෙසට ඩ්‍රෝන කැමරාව ගමන් කිරීමත් සමග පොලිස් නිලධාරීන් එම ගමන්මග අනුගමනය කරමින් හඹා ගියද බම්බලපිටිය මුහුදු සීමාව දක්වා කැමරාව ගුවනේ සැරිසැරූ බව පොලිසිය පවසයි.



අදහස් (21)

පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි

Perakum Sunday, 05 May 2019 12:14 PM

ආරක්ෂක සේවාවල දුර්වලතාවයන් පෙන්නුම් කරන මෙවැනි සිද්ධීන්ට ප්‍රචාරයක් දියයුතු නොවේ.

:       6       429

liayanage Sunday, 05 May 2019 12:36 PM

පොලිස් වෙඩි පහරින් බේරී ඩ්‍රෝන කැමරාව පළායයි පොලිසිය, ආරක්ෂක අංශ හැර අන් සියලුදෙනාම ඩ්‍රෝන කැමරා ගුවන් ගතකිරීම නැවත දැනුම් දෙනතුරු තහනමට ලක්කල යුතුය.

:       0       90

Saman Sunday, 05 May 2019 01:04 PM

දකුනු ආසියාවේ ඩ්‍රෝන ගුවන්ගත කිරීමට අවසර අැති එකම රට කුමක්ද?

:       55       56

Buddika Sunday, 05 May 2019 01:05 PM

නොතේරෙන බොහෝදේවල් වෙමින් ඇති බව දැනෙනවා. ඉලක්කයට වෙඩිල්ලක් තියන්න බැරි සමාන්‍ය පුරවැසියෙක් වුණා නම් කමක් නැහැ. පොලිස් නිලධාරියෙකුට එය කළ නොහැකිවීම කණගාටුයි වගේම මෙය අල්ලාගත නොහැකි වීම ගැන පොලීසිය ලැජ්ජාවට පත්විය යුතුයි.

:       99       208

raviSunday, 05 May 2019 01:58 PM

ඔව්. මේක තමයි සත්‍ය ඇත්ත!

:       0       8

de silva berlin Sunday, 05 May 2019 01:13 PM

පුහුණු කිරීමේ තිබෙන දුර්වලතා නිසා ලංකාවේ පොලිසියේ ඉන්න 90% විතර බිම තිබෙන ඉල්ලකයකටවත් හරියට වෙඩිල්ලක් තියාගන්න බැහැ ඉතින් කොහොමද අහසේ චලනය වන ඉල්ලකයට වෙඩි තියන්නේ ?

:       1       109

siri Sunday, 05 May 2019 01:31 PM

ඉහළින් ගමන් කරන ඩ්‍රෝන කැමරාවකට තනි උණ්ඩයකින් වෙඩි තැබීම ඉතා අසීරු කරුණක්. මෙවැනි දේ සඳහා කුරුල්ලන්ට වෙඩි තැබීම සඳහා යොදා ගන්නා කුඩා ඊයම් බෝල රාශියක් ඇති පතරොම් භාවිතා කළ යුතුයි.

:       56       110

apuuhami Sunday, 05 May 2019 03:43 PM

අන්න හරි සිරිට තේරුණා තුවක්කු 50ක් අැටෙව්වත් ඕක බිම දමන්න බැහැ. දැම්මත් කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. ස්නෛපර් තුවක්කුවෙන් පුළුවන්... හැබැයි ඕක කරන්න පුළුවන් සිරිසේන උන්නැහේට පමණි.

:       12       104

raviSunday, 05 May 2019 04:44 PM

අපේ රට ත්‍රස්තවාදී ක්‍රියාවකින් පසු හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින මේ වෙලාවේ ඩ්‍රෝනයකින් කල හැකි අලාභ හානි එමටයි. සමහරවිට වගකිය යුත්තන් තාම මේවා දන්නේ නැතුව ඇති. ඉතින් යම් කිසි දෙයක් සිද්ද වුනාට පස්සේ අනේ, හරියන උණ්ඩ අපි ළඟ තිබුනේ නැහැයි කියයි. තවත් මළ මිනී රාශියක් එකතු කරන්න සිද්ද වෙයි .. !

:       0       105

සෙන Sunday, 05 May 2019 01:48 PM

මේ මෙහෙයුම පොලිස් නිලධාරීන් හරහා ගුවන් හමුදාවට බාර දෙන්න. අපේ ආරක්ෂක හමුදා හෝ නීතිගරුක පොලීසියට නිගරු නොකරමු.

:       0       1

Kumar Sunday, 05 May 2019 02:27 PM

අහසේ පාවෙන දෙයකට වෙඩි තැබුවිට එම උණ්ඩය ඉලුක්කය කරා නොගියොත් එය පොළොවට පතිතවෙනවා. එම උණ්ඩය වැදීමෙන් කෙනෙකු ජිවිතක්ෂයට පත්විය හැක. එසේ නැතිනම් බරපතල ලෙස තුවාලවිය හැක. ජනගහනය වැඩි ප්‍රදේශවල අහසට වෙඩි තැබීමෙන් වැලකීම යෝග්‍යයි. අවුරුදු ගණනකට වතාවක් ඉලක්කයට වෙඩි තබන එක අසීරු කරුණක්‌. ඇමෙරිකාවේ සති කිහිපයකට වරක් පුහුණුවන පොලිස් නිලධාරිටත් ඉලක්කයට වෙඩි තැබිමට නොහැක. පුහුණු බිමේ ඉලක්කය පිටුපස ඇති විදුලි කණු වලටනම් වෙඩි වැදිලා තිබෙනවා. ඒ කෙසේවෙතත් අහස වෙඩි තැබීම තහනම්.

:       0       7

diasSunday, 05 May 2019 11:01 PM

ඔය මොන වැල්වටාරම් දෙඩෙව්වත්, මහජන ආරක්ෂාවට අහිතකර දෙයකට අහසේදී හෝ ගොඩබිමදී වෙඩි තැබීමේ වරදක් නැහැ.

:       0       2

ranjith Sunday, 05 May 2019 02:38 PM

ඇත්තටම මේවගේ දුර්වලකම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ... මෙමගින් ජනතාව තුළ නැවතත් බියක් සැකයක් ඇති වෙනවා නේද?

:       0       16

pilihudava Sunday, 05 May 2019 03:45 PM

කෙහෙල් මල් වෙඩිල්ල වැදුනේ කොහෙවත් යන එකකටනේ..

:       0       14

anura Sunday, 05 May 2019 03:46 PM

ඔන්න ඕකයි තත්වේ හ්ම්...

:       0       20

Roshan Sunday, 05 May 2019 05:20 PM

කොහොමත් පොලිස් නිලධාරින්ට ඉලක්කෙට වෙඩි තියන්න බැ. හමුදාවේ කොල්ලෙක්ට දුන්නනම් හරි

:       8       112

Kumar Sunday, 05 May 2019 06:47 PM

අහසට වෙඩි තැබුවොත් ඒ උණ්ඩය ඉලක්කයට වැදුනේ නැතිම්නම් පොළොවට පතිත වෙනවා. එම උණ්ඩයේ වේගය පිටවෙන වේගයට වඩා අඩුවෙන්නෙ සුලුවශයෙනුයි. අවාසනාවන්තයෙක් එතන සිටියොත් එක්කෝ මරණයට පත් වෙනවා එසේ නැතිනම් බරපතල ලෙස තුවාල වෙනවා. එම උණ්ඩය ඉලක්කයට වැදී එම දෙය වැටෙන තැන කෙනෙක් සිටියානම් එකෙනටත් පරලොව යන්නවෙනවා. අහස දෙසට වෙඩි තියන එක අනුවන ක්‍රියාවක්. මම ඉන්න ඇමෙරිකාවේ අහසට වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම තහනම්. මිනිස් ජීවිතය ඔය ඩ්‍රෝනයකට වඩා වටිනවා නේද.?

:       0       0

sunil Sunday, 05 May 2019 10:56 PM

ඩ්‍රෝන කැමරා වලට වෙඩි තියන්නේ නැහැ. ඒවා පසු පස හබා ගොස් ඒවා විනාශ කල හැකි ඩ්‍රෝන කැමරා ආරක්ෂක අංශ සතුවිය යුතුයි . මෙපමණ කල් සංචාරකයින් සහ දේශීය පුද්ගලයන් කොපමණ මේවා පාවිච්චි කරන්න ඇද්ද ? ලෝකයේ නවමු නිෂ්පාදන ගැන දැනුමක් නැති අපේ රටවල් පවු නේ .....

:       0       0

de silva Monday, 06 May 2019 01:35 AM

ඇමරිකාවේත් පොලිස් නිලධාරීන් ළඟ පිස්තෝලයට අමතරව වහනය තුළ රිපිටර් හෝ ෂොට් ගන් තිබෙනවා. මෙවැනි අවස්ථාවල පාවිච්චි කරන්න මිලිමීටර් 12 හෝ 16 ෂොට් ගන් එකකට ඊයම්බෝල රාශියක් තිබෙන පතරොමක් දමලා වෙඩි තිබ්බා නම් අනිවාර්යයෙන් ඕක බිම දමන්න පුළුවන්කම තිබුණා.

:       0       1

jayath Monday, 06 May 2019 02:24 AM

හමුදාවේ වුණත්, පොලීසියේ වුණත් මේ වගේ චංචල ඉලක්කයකට නිසියාකාර අනවරත පුහුණුවකින් තොරව එක පාරට වෙඩි තියන්න බැහැ. විශේෂම දේ තමයි මෙතැනදී ඉලක්කය තමන්ගේ ඇසට ඉහළින් පැවතීම සහ චලනය වීමයි.

:       0       1

Prabha Monday, 06 May 2019 06:35 AM

ඒකනේ... අපේ සිරිසේන මහත්තයා දුරදිග කල්පනා කරලා ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් ලේකම් කෙනෙක් පත්කළේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 151 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 84 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 110 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 447 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 160 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 494 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site