IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොලිස් සාජන්ගේ සිරුර රෝහලේ වතුර බොන ටැංකියේ

(සුරංග රාජනායක)

කොරෝනා රෝගයට ගොදුරුව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලින් අතුරුදන්වී සිටි කොත්මලේ පොලිසියේ සැරයන්ගේ සිරුර ගම්පොළ ශික්ෂණ රෝහලේ ජල ටැංකියක් තුළ තිබියදී අද (30) සොයාගනු ලැබීය.

මීට දින 51 කට පෙර සැරයන්වරයා රෝහලින් අතුරුදන්ව සිටි අතර අඩි 40 කට අධික උසකින් යුත් ජල ටැංකියක් තුළ තිබී සිරුර හමුවන විට එය බෙහෙවින් නරක්වී තිබිණ.

බීමට ගන්නා ජලයේ අධික දුර්ගන්ධයක් තිබෙන බවට වාට්ටුවලින් ලද පැමිණිල මත මෙම ටැංකිය පරීක්ෂා කිරීමේදී වතුර ටැංකියක් තුළ තිබියදී මෙම සිරුර සොයාගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොත්මලේ පොලිසියේ සේවය කළ එස්. ඉලංගෝවන් නැමැති පොලිස් සැරයන්වරයෙකි.

52 හැවිරිදි තිදරු පියකු වන මොහු පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය පිළිබඳව ගම්පොළ මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මියගිය අයගේ දරුවකු විසින් සිරුර හඳුනාගනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර අද(30) සවස මහනුවර මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතය. ගම්පොළ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 මියගිය පොලිස් සැරයන් ඒස්. ඉලංගෝවන් 



අදහස් (13)

පොලිස් සාජන්ගේ සිරුර රෝහලේ වතුර බොන ටැංකියේ

ලුම්බිණි Saturday, 30 October 2021 08:54 AM

පොලිස් නිලධාරියා රෝහලේ වතුර බීපු හැමෝටම කොරෝනා හදන්න උත්සාහ කරලා වගෙයි...

:       0       0

කසුන් Saturday, 30 October 2021 09:55 AM

අතුරුදන් වූ කෙනා ගැන ගම්පළ පොලිසියේ සොයා බැලීම අපූරුයි. ඒ බව හොඳින්ම පේනවා ගරු මහේස්ත්‍රාත්තුමන් ඉදිරියේ ගරුසරු නැතිව අත්දෙක බැඳගෙන ඉන්න පොලිස් ලොක්කා ඉන්න විදිහෙන්ම...

:       0       0

jagath Saturday, 30 October 2021 10:10 AM

ඊයා... වතුර බීපු අයට වමනෙට වගේ යන්න ඇති දැන්නේ...!

:       0       0

nuwa Saturday, 30 October 2021 10:37 AM

මරාගෙන මැරෙන ප්‍රහාරයක් වෙන්න බැරිද?

:       24       14

SenakaSaturday, 30 October 2021 02:08 PM

මරලා ටැංකියට දැම්මා වෙන්නත් පුලුවන්....

:       2       7

නන්දසේන Saturday, 30 October 2021 12:00 PM

ගොඩක්ම දුකයි. ඒත් මෙය කොරෝනා සිරුරු වැළලීමෙන් රෝගය ව්‍යාප්ත නොවන බවට ප්‍රබල සාක්ෂියක්.

:       46       9

ජයතිලකSaturday, 30 October 2021 02:07 PM

කොහොමද බෝ නොවුනු බවට ඔප්පු කරන්නේ?

:       3       9

LankaSaturday, 30 October 2021 02:58 PM

බෝවුනු බවට කොහොමද ඔප්පු කරන්නේ?

:       3       5

ganegoda Saturday, 30 October 2021 02:05 PM

මේ වතුර ප්‍රයෝජනයට ගත්තු අයට කොරෝනා හැදිලා නැද්ද? 

:       1       14

Raveendra Saturday, 30 October 2021 02:55 PM

නූගත් පුරවැසියන් වන අපගේ හිතට පැනයන් කීපයක් නැගෙනබව කිව යුතුයි... දින 51ම මෙසේ අතුරුදහන් වූ පොලිස් සාජන්වරයා ගැන පොලිසියවත් සොයා නොබැලුවේ මක්නිසාද? අනෙත් පැනය නම් අඩි 40ක් උස වතුර ටැංකියක් යනු ඉතා හොඳින් ආවරණය කර තිබිය යුතුම දෙයක් නොවේද? අපේ ගෙවල්වලත් වතුර ටැංකියත් අප හොඳින් වසා තිබෙනවා.. පොඩි සතෙකුටවත් යාමට නොහැකි වෙන පරිදි එසේ නමුත් විශේෂයෙන් රෝහලක එය කොතරම් හොඳින් ආරක්ෂා කළ යුතු නොවේද?

:       4       9

hesa Saturday, 30 October 2021 03:10 PM

ඒකනෙ..මාස 2ක් තිස්සේ ඒ ජලය පාවිච්චි කරලනේ.. පව් අනේ..!!! පොකුරක් තියා මල් පීදී ආ බවක්වත් නැහැ. අහා.. දැන් ඔන්න පොකුරු පොකුරු කොරෝනා පිපේවි..

:       5       6

sharm warn Wednesday, 03 November 2021 09:04 AM

මේකෙන් ගම්‍ය වෙන කාරණා 1.ජල ටැංකිය මාස 2 කින් පිරිසිදු කර නැති බව 2.රෝහලේ රෝගීන් ගැන රෝහල් කාර්ය මණ්ඩලයට වගකීමක් නැති බව 3.රෝහලේ පිරිසිදු කම ගැන රෝහල් පරිපාලනය දක්වන උනන්දුව 4.වෛද්‍යවරු හැම මගුලකටම වර්ජන කරන්න රෙදි කරට ගන්නකොට තමන්ගේ සේවා ස්ථානය ගැන දක්වන සැලකිල්ලක තරම

:       0       1

fairoos Wednesday, 03 November 2021 12:50 PM

දෙයියෝ සාක්කි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 204 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site