IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාස්කුදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි

(ඉන්දිකා රාමනායක)
 
පාස්කු දින  මෙරට දී  මරාගෙන මැරෙන ප‍්‍රහාර 8  ක් එල්ල කළ  ත‍්‍රස්තවාදී කණ්ඩායමේ   වත්කම් තහනම් කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුළු දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මෙම දේපළ තහනම් කිරීමේ  පරීක්ෂණ නෛතිමය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුවන බවත් ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.



අදහස් (15)

පාස්කුදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමට යයි

ranjith Wednesday, 01 May 2019 02:10 PM

හොඳ පියවරක්... එමගින් මොවුන්ව දුර්වල කරන්න පුළුවන්... මොවුන් මේ තරම් වත්කම් පවත්වාගෙන යන්නේ අහිංසක ජීවිත කාවද හෝ බිලීගන්නයි..

:       0       616

ravi Wednesday, 01 May 2019 02:48 PM

ඔව්... ත්‍රස්තවාදීන්.. බෝම්බ පිපිරවීමට පෙර.. යම්කිසි කෙනෙකුට ඔවුන්ගේ වත්කම් පවරා තිබේ නම්... එවැනි පැවරීම් අවලංගු කර ඒ සියල්ලද රාජසන්තක කර... ඒ මුදල් සහ දේපලවලින්... මේ ත්‍රස්ත දිනය සිහිකිරීමක් වශයෙන් ""අලුත් පල්ලියක් නිමකර"" ක්‍රිස්තියානි භක්තිකයින් වෙත පැවරිය යුතුයි..

:       75       672

අනුර Wednesday, 01 May 2019 02:53 PM

ඇලෝසියස්ගේ වත්කම් තහනම් කළා වගේ වෙන්න නං එපා.

:       73       787

janahitha Wednesday, 01 May 2019 03:33 PM

එම වත්කම් වලින් අගතියට පත්වූ අයට වන්දි මුදල් ලබා දිය යුතුයි. කිසියම් පැවරීමක් කර ඇත්නම් ඒවා වලංගු භාවයෙන් තොර බව ප්‍රකාශ කළයුතුයි...

:       3       758

sirimal Wednesday, 01 May 2019 03:56 PM

මරුණු ත්‍රස්තවාදීන් ඔවුන්ගේ නිශ්චල සහ චංචල දේපල පවුලේ අයට පවරා ඇති බවයි කලින් වාර්තා වුනේ... එහෙම වුනොත් ඒවා පවරා ගන්න නීතිය අලුත් කරන්නත් වෙයි.

:       0       0

de silva Wednesday, 01 May 2019 04:00 PM

ඉස්සෙල්ල ඕක කරන්න.. කරලා ඉවරවෙලා ඔය ගැන කතාකරන්න. නැත්නම් ඔබතුමාට වෙන්නේ පච්ච සිරාට වුණු දේ.. නිතරම කියන්නේ බොරු කියලයි. මිනිස්සු කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව ඉඳීවි...

:       0       3

sudath Wednesday, 01 May 2019 04:16 PM

තහනම් කළාට පස්සේ කතා කළා නම් නේද හොඳ? එතකම් ඕවා ගැන විශ්වාසයක් නැහැ.

:       0       2

Hathara Hina Wednesday, 01 May 2019 06:53 PM

ඔය පරීක්ෂණ කරනවා කොමිසම් දානවා කියුවොත් වෙන දෙයක් නැහැ. මේ අයගේ දේපල රාජසන්තක කරන්න

:       0       181

Menaka Wednesday, 01 May 2019 07:59 PM

වත්කම් තහනම් කිරීම විතරක් නෙවෙයි වත්කම් සැමරීම නතර කිරීමත් සුදුසුයි නේද පිටරට ඉන්න ශ්‍රී ලාංකික අපිට මේ සිද්ධිය කන වැටුන වෙලේ පටන් රෑට නින්ද ගියේවත් නැහැ. ගෙවල් වල ඔහේ මොනවා හරි හදා ගෙන කාලා ප්‍වෘත්ති බලමින් මහා දුකකින් ඉන්නේ. කිසිම කෙනෙකුගේ ගෙදර පාටියක් උත්සවයක් නැහැ. වෙනදා සිනාමුසුව රැකියාවට ගිය ලාංකිකයන්ගේ මුහුණේ හිනා පොදක් නැහැ. ඒකට ලංකාවේ රුපවාහිනී නාලිකා ළමා නැටුම් සංදර්ශන සහ නිලියන් ඡායාරුප රුප පෙන්නුම් කිරීම් වල. මම කියන්නේ නැහැ නැකතකට යොදා ගත්තු මගුලක් තව අවුරුදු පහකට කල් දමන්න කියලා. එත් අත්‍යාවශ්‍ය නොවන සැමරීම් සංදර්ශන මේ ශෝකජනක සහ විමසිලිමත් විය යුතු කාලයේ අවශ්‍යද. පිටරට ඉන්න අපිට දේශද්‍රෝහියෝ කියා බනින උදවිය පාඨක සභාවේ මම දැකලා තිබෙනවා. ඒ උදවියට වැඩිය අපි නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයි.

:       0       90

චමින්ද Thursday, 02 May 2019 01:24 AM

ත්‍රස්තවාදී කටයුතු අතර මත්ද්‍රව්‍ය පරීක්ෂණ කටයුතු නතරවෙනවාද. පසුගිය දිනවල තොරතුරක් නැහැ. මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නියම කරන දඬුවම් පැනවීම කරන්නේ නැති නිසා මේ සමගම ඔවුන්ගේ දේපලද රාජසන්තක කරන්න

:       0       21

imesh Thursday, 02 May 2019 03:28 AM

රජ සන්තක කරන්න තරම් දේපොලක් තියෙනවද?

:       0       9

Chaminda Thursday, 02 May 2019 03:34 AM

මේගොල්ලෝ දැනට කිදෙනෙකුගේ දේපල තහනම් කලාද? බොරු කතා විතරයි.

:       0       40

ravi Thursday, 02 May 2019 05:23 AM

අපේ ශ්‍රී ලංකාව තුළ නීතියට හසුවෙන හැම " ත්‍රස්තවාදියෙක්ම .. ඇමෙරිකාවට බාර දිය යුතුයි ...!!! ඇමෙරිකන් ජාතිකයෝ දන්නවා ත්‍රස්තවාදියෙක්ගෙන් මොනවද .. ඇසිය යුතු ප්‍රශ්න කියල .... සහ ඒවා කොහොමද අහන්නේ කියල .

:       25       3

Anura Thursday, 02 May 2019 05:53 AM

රවී, ඇමෙරිකාවත් ත්‍රස්තවාදීන්ගෙන් බොහෝ බැට කෑ රටක්. මුලින්ම ඔවුන් තමයි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නේ අනෙක් රටවල් යටත් කරගන්න.

:       1       44

ravi Thursday, 02 May 2019 05:27 PM

තැනේ හැටියට ඇනේ ..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 4101 13

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1942 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3700 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site