සහරාන් කල්ලියේ ප්‍රහාරය ගැන බොහෝ අංශ අප්‍රේල් 20 වැනිදා වනවිට බොහෝ තොරතුරු දැනගෙන සිටියද ඒ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට නොදීම තමාට අදටත් ප්‍රහේළිකාවක් බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායට ඒ තොරතුරු ලබා දුන්නා නම් මේ මහා විනාශය සිදු නොවන්නට ඉඩ තිබූ බවත් එම බළකාය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ඊයේ (25) පැවැසීය.
තමාට අප්‍රේල් 9 වැනිදා ලැබුණු බුද්ධි තොරතුරක් අනුව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂාවට විශේෂ භට කණ්ඩායමක් යොදවා එහි ආරක්‍ෂාව තර කළ හෙයින් එම කාර්යාලය ප්‍රහාරයකයන්ගෙන් බේරුණු බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා එසේ පියවර නොගත්තා නම් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ද ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබිණි යැයි ප්‍රකාශ කළේය.
තමාගත් පියවර පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තමාට විශේෂ ස්තුතියක් කළ බව ද ඔහු කීවේය.
ක්‍රිස්තියානි දේවස්ථානවලට පහර දෙන සැලැස්මක් පිළිබඳව තමාට නිශ්චිත තොරතුරු නොලැබුණු බවත් පල්ලි සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් ලැබුණ නම් කුමන හෝ ආරක්‍ෂාවක් සැපයීමට අවස්ථාව තිබූ බවත් ඔහු පැවැසීය.
ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට හෝ අඟහරුවාදා පැවැත්වෙන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කිසි දිනෙක සම්බන්ධකර නොගත් බවත් රටේ ප්‍රධාන මෙහෙයුම් ආයතනයක් එම රැස්වීම්වලට සහභාගි කර නොගැනීම විශාල අඩුපාඩුවක් බවත් ලතීෆ් මහතා පැවැසීය.
නැගෙනහිර පළාතේ බුද්ධි අංශ කිසිවක් සහරාන් ගැන තමාට තොරතුරු වාර්තා නොකළ බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය බුද්ධි අංශවල අඩුපාඩුවක් බව පිළිගත්තේය.
ප්‍රහාරයෙන් පසුව සහරාන් ගැන තොරතුරු වේගයෙන් ගලා ආවත් ඊට පෙර එවැනි තොරතුරු ගලා ඒමක් සිදු නොවුණු බවත් තමා සහරාන් ගැන දැනගත්තේද මේ ප්‍රහාරයෙන් පසුව බවත් ලතීෆ් මහතා කීය.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) පෙරවරුවේ රැස්විය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාස්කු ප්‍රහාර තොරතුරු එස්.ටී.එෆ්.ට දැන්වූයේ නෑ
රවින් Friday, 26 July 2019 06:57 AM
ඔක්කොම තොරතුරු තියාගෙන හිටන් ඉන්න ඇති.