IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාස්පෝට් ගන්න දිගු පෝලිම්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.

ඇතැමුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෝලීම් ගැසී සිටි බවත් තමන්ගේ වාරය එළැබීමට ආසන්න වශයෙන් පැය 05 ක පමණ කාලයක් ගතවන බවත් ඔවුන් පැවසීය. ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයකි.

සුහුරුපාය ගොඩනැගිල්ලේම අනෙක්පස පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත නිකුත්කිරීමේ එක්දින සේවයටද මීට නොදෙවෙනි තරමේ ජනතාවක් පැමිණ සිටින අයුරු ද දැකගතහැකි විය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (13)

පාස්පෝට් ගන්න දිගු පෝලිම්

විමල් Tuesday, 02 November 2021 02:38 PM

මෙයට හේතුව ඇමෙරිකා ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය එකට මේ පාර දාන්න වලංගු පාස්පොර්ට් එකක් ඕන කතාවද ? ඉස්සර නම් පාස්පොට් ඉල්ලුවේ නෑ.

:       0       0

fairoos Tuesday, 02 November 2021 02:41 PM

කොරෝනා ඉවර නිසා විදේශ සංචාර කරන්න වෙන්න ඇති.

:       0       0

BamunuarachchiThursday, 04 November 2021 03:57 PM

ඇයි යන්නේ නැද්ද? එක්කෙනෙක් හරි අඩුවනවා කියන්නේ අවුරුදු 20 න් 1-2 -6-18- 54 අඩුවෙලා. අපේ බදු සල්ලි යන්නේ මේවා නඩත්තු කරන්න.

:       0       0

Tharindu Perera Tuesday, 02 November 2021 02:42 PM

ඔන්න ඔහොම තමයි අපි හොඳටම කළේ...

:       0       0

Hafeel Tuesday, 02 November 2021 03:11 PM

රජ පවුලට චන්දත් දීල, රටත් දීල, රට හැර යන්න සිදු වෙලා.

:       9       109

දේශප්‍රිය Tuesday, 02 November 2021 03:45 PM

ඉන්න රටක් හදන්න ගිහින්, යන්න රටක් හොයන අපේ මිනිස්සු...

:       0       0

Hema Tuesday, 02 November 2021 03:54 PM

ඊළඟ මැතිවරණයට ගිහින් එන්න. රට රකින අවසන් අවස්ථාව සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න.

:       0       0

බද්රානි Tuesday, 02 November 2021 04:14 PM

ඔහොම වෙලා මදි. යමල්ලා පිටරටකට, සුද්දන්ට හෝ අරාබිකාරයින්ට බැලමෙහෙවරකම් කරමින් ලංකාවේ හොර තක්කඩි පාලකයින්ට කඹුරන්න. මොනා උනත් පාලකයින්ට සැපට ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනනේ.. අරාබි කාරයින්ගෙන් කනේ පාරවල් දෙක තුනක් කෑවාම වත් මෝඩයින්ගේ මොලේ පෑදෙයිද කියලා බලමු එතකොට?

:       0       0

fairoos Tuesday, 02 November 2021 05:12 PM

හෆීල් ඇයි දුකද ?

:       0       0

මුදියන්සේ, Tuesday, 02 November 2021 05:17 PM

මෙලෙස විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සිදු වන්නේ ශ්‍රී ලංකාවෙහි ජීවත්වීම එපා වී විදෙස්ගතවීම සදහා විය හැකිය. රට එපාවීම පිළිබඳව වගකිව යුත්තෝ කවරහුද. ? කඩිනමින් පිළියම් යෙදීමක් විය යුතු නොවේද. ?

:       0       0

Chathura Tuesday, 02 November 2021 05:26 PM

අව්රුද්දක් විතර රට වහල තිබුනම හැමෝම ඉක්මනට ගන්ඩ පෝලිමේ ඉන්නවා. ඇයි අනිත් රටවල් කොරෝනා නිසා හොද අතට හැරිලද? ඔය පොඩි දේවත් තේරෙන්නේ ඇයි.

:       0       0

Appuhami Tuesday, 02 November 2021 11:46 PM

හුඟක් අය රට යන්න නෙමෙයි.., ඔය නිකන් සල්ලි තියෙනවට පාස්පෝර්ට් හදන කට්ටියනේ...

:       0       0

69lakshaya Wednesday, 03 November 2021 01:50 AM

අම්මෝ... මේ අය ඔක්කොම රට දාලා ගියාම අපිට අතපය දිග ඇරලා ටිකක් ඉඩපහසුව ඇතුව රටේ ඉන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 422 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 142 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 154 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 609 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 202 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 640 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site