(ඩයනා උදයංගනී)
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කරමින් රට පුරා පිහිටි සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ අද (21) විවෘත කෙරිණි.
ඒ අනුව පාසල් 3,000 ක පමණ අධ්‍යාපන කටයුතු අද ඇරඹුණු අතර පාසල් යන දරුවන්ගේ සොඳුරු දසුන කලකට පසු දැකගන්නට හැකිවිය.
ගුරු වර්ජනයක් ලබන 25වැනිදා දක්වා ක්‍රියාත්මක වෙද්දීත් ඇතැම් ගුරුවරු පාසල්වලට පැමිණ සිටියහ.
දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතියත් පාසල්වලට පැමිණි සිසුන් පැවසුවේ යළි පාසල් ආරම්භ කරන තුරු තමන් ආසාවෙන් බලා සිටි බවයි.
යක්කල , කිඹුල්ගොඩ විද්‍යාරාජ කනිෂ්ඨ විදුහල
(ඡායාරූප: තිලකරත්න දිසානායක)
මැදිරිගිරිය විහාරගම ප්‍රාථමික විදුහල (චාපා මධුභාෂිණි)
බොල්ගොඩ සෙත් නදී ප්‍රාථමිකය (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බරවකුඹුක වෙලන්ගහවල විදුහල
(ඡායාරූප: සනත් ගමගේ)
කළුවාමෝදර කනිෂ්ඨ විද්‍යාලය
(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)
වීරාණ ප්‍රාථමික විද්‍යාලය
(ඡායාරූප: නිමල් ජයරත්න)
ලුණුගම්වෙහෙර කොට්ඨාශයේ කැන්දගස්මංකඩ ප්‍රාථමික විදුහල
(ඡායාරූප: සනත් ගමගේ)
කඩවත බෞද්ධ විද්‍යාලය (රාගම විමුක්ති එස් රුද්‍රිගු)
පමුණුගම විද්‍යාලය (මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර)
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාසල් ඇරඹෙයි
මහජනයා Thursday, 21 October 2021 10:44 AM
අද දින ළමයින් 200 ට අඩු පාසල් නිල වශයෙන් ඇරඹුණද සත්‍ය නම් අනෙකුත් පාසල් සම්පුර්ණ යෙන් ආරම්භ වීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවන බවයි. ඉන්පසුත් බොහෝවිට මාස කිහිපයක් යනතෙක් පන්තියකට දරුවන් 15 බැගින් පාසල් පැමිණීමට සිදුවනු ඇත. තවත් කල් නොයවා ක්‍රමවත් සැලසුමක් සූදානම් කරමු. වසර දෙකකට අසන්න කාලයක්, වාර විභාග 5ක් මගහැරුණු දරුවන්ට සෑම ශ්‍රේණියක් සඳහාම අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම්කරන වාර විභාගයක් සූදානම්කර පාසල් ආරම්භ වූ වහාම පවත්වා එහි ලකුණු රැස්කර අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. අධ්‍යාපන ගැටළු හඳුනාගෙන දීප ව්‍යාප්ත සැලසුමක් හදන්න. ඇති හැකි අය පමණක් මෙම වසංගතය හමුවේ යම් අධ්‍යාපන මට්ටමක් ලබාගත්තද, බහුතර දරුවන්ගේ මට්ටමේ විශාල කඩා වැටීමක් වී ඇත. පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් ලබන සතියේ සිට පාසලට කැඳවා එම පාසල්වල ඇති සම්පත් (පරිගණක විද්‍යාගාර, අන්තර්ජාල පහසුකම් වැනි) යොදාගනිමින් ක්‍රමවත් නියාමනයකින් මාර්ගගත අධ්‍යාපනය ස්ථාපිත කරන්න. මෙම ක්‍රමය සාර්ථක කර ගතහොත් කොටස් වශයෙන් දරුවන් පාසලට පැමිණෙන අවස්ථාවක පවා අඛණ්ඩව ඉතිරි දරුවන්ට මාර්ගගතව පාඩම හා සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ...
චාමර Thursday, 21 October 2021 11:47 AM
මහජනයාට තේරෙන සමහර දේවල් රට කරවන ජනයාට නොතේරෙන්නේ ඒගොල්ලෝ ගතානුගතික වීමත් මහජනයාගේ මතය නොවිමසීමත් කියලයි හිතෙන්නේ.
මහජනයා Thursday, 21 October 2021 10:51 AM
ඉක්මන් නිවැරදි තීරණ ගන්න, අහිංසක දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වැටෙන්නට ඉඩ නොදෙන්න. ඉහත ගණයට වැටෙන පාසැල්වල දරුවන් බොහෝ විට මාර්ගගත අධ්‍යාපනය ක්‍රමවත්ව නොලැබූ කොටසයි. 2020 අපොස සාපෙ ප්‍රතිපල අනුව මෙම ගණයට වැටෙන පාසැල්වල දරුවන්ගේ ප්‍රතිපල අතිශය දුර්වල මට්ටමක පවතින අතර. උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය බින්දුව හෝ ඊට අසන්න අගයක ඇත. දැන් තත්වය ඊටත් වඩා බැරෑරුම් තැනක ඇති. දරුවන් ඇගයීමට ලක්කර ගැටළු හදුනාගෙන විසදුම් ක්‍රියාත්මක කරන්න. කලබලයේ විෂය නිර්දේශ ආවරණයේ කිසිදු පලක් නැත. මෙම පාසල්වල අධ්‍යාපන පසුබෑම දිස්ත්‍රිකයේ පහසුකම් සහිත පාසල්වල උසස් ප්‍රතිපල වලින් වැසී ඇත. රජය පිරිවැය යොදා නඩත්තු කරන මෙම පාසල්වලින්ද අපේක්ෂිත ප්‍රතිපල ළගාකර දීම ගුරු, විදුහල්පති, කොට්ටාශ, කලාප, පළාත්, අමාත්‍යංශ නිලධාරීන්ගේ වගකීමකි.
RaveendraThursday, 21 October 2021 11:39 AM
ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු.
Darma Thursday, 21 October 2021 11:36 AM
ස්ට්‍රයික් නවත්තල ආව ගුරුවරුන්ට අපේ ගෞරව පූර්ව ආචාරය. ආවේ නැති අයගෙන් හේතු විමසල වැඩ තහනම් කරන්න
Waruna Thursday, 21 October 2021 12:08 PM
දවස් දෙකක් ඉවසන්න බැරි පාවා දෙන්නෝ
චන්දන Thursday, 21 October 2021 01:02 PM
තර්ජනය මැද පාසල් පැමිණි මනුස්සකම හඳුනන ගුරුවරුන් ට අපේ ආචාරය.
jagath Thursday, 21 October 2021 01:47 PM
කළුවා මෝදර ඉස්කෝලේ දරුවාගේ බඩේ සයිස් .කොරෝනා නිවාඩුවට කාලා මද මන්දා
raheem Thursday, 21 October 2021 01:51 PM
දැන් ඉතින් ලංකාවේ ස්ටාලින් රුසියාවට ගියානම් හොඳයි
jayasekara Thursday, 21 October 2021 02:25 PM
ළමුන්ගේ අධ්‍යාපනයට මාස ගානක් බාධා කළා
සිසුවෙක් Thursday, 21 October 2021 02:46 PM
මම දැනට අවුරුදු තිස්හතරකට පෙර ශිෂ්‍යත්වයට පෙනී සිටියා. අපේ පත්තියේ සිසුන් හා සිසුවියන් 34ක් සිටියා. අපට උගන්වපු ගුරුතුමිය දිවා රෑ නොබලා සියලු දරුවන්ට ඉගැන්වූවා. හවස 4 වෙනකන් අතිරේක පන්ති දමාත් ඉගැන්වූවා. නමුත් කිසිම විටක කිසිදු මුදලක් අයකලේ නැහැ. ඒකාලේ අපේ පන්තියේ ළමයින්ගේ දෙමවුපියන්ට සල්ලි දීලා අතිරේක පන්තිවලට යවන්න සල්ලි තිබ්බෙත් නැහැ. හිටපු ළමයින්ගෙන් 32ක් ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා කොළඹ ඉස්කෝලවලට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබලා දැන් උසස් රැකියාවල යෙදෙනවා. ඒ ගුරුතුමියගේ සුවදුක් සොයාබැලීමට සෑම වසරකම අපි යනවා. මේ ගුරුතුමියට අපේ තියෙන්නේ දැඩි භක්තියක්. මෙම කථාව ඔබ සමග බෙදාගත්තේ වර්ථමාන ගුරු පරම්පරාවට අතීත ගුරුවරුන්ගේ පරාර්ථකාමී සත්ගුණවත්කම මතක්කරන ගමන් එවන් ගුරුවරු බිහිවීමට තවමත් මේ බිමේ අවස්ථාව තියෙන බව දක්වන්න.
pradeep Thursday, 21 October 2021 02:52 PM
දවස් දෙකක් ඉවසන්න බැරි ගුරුවරුන්ට අපේ ආචාරය.
chandana Thursday, 21 October 2021 02:54 PM
ඔබගේ අදහස මා තේරුම්ගත් ආකාරයට නම් මේ පැමිණි ගුරුවරුන්ට අපගේ ආචාරය හා ගෞරවය පුද කල යුතුය. ඔවුන් නිහඩ ඒහෙත් සැබෑ ගුරු උතුමන්ය.
chandana Thursday, 21 October 2021 03:01 PM
අද දින සේවයට පැමිණි සියළුම ගුරුවරුන්ට ජාතියේම ගෞරවය හිමි විය යුතුයි. කවදාවත් පරාද කරන්න බැහැ කියපු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න ජීවිත පරදුවට තියලා හමුදාවට කොල්ලො බැදුනා හා සමාන කැප කිරීමක් මේ ගුරුවරු කරලා තියෙන්නේ. සියළුම දෙමව්පියන් අද දින පැමිණි ගුරුවරුන්ව සිය පණ මෙන් ආරක්ෂා කල යුතුය. අනාගතයේ දිනක මේ දරුවන්ට ඒ් බව වටහා දීමටත් දෙමව්පියන් කටයුතු කල යුතුය. ගුරුවරයාගේ ගෞරවය රැදී ඇත්තේ කෙසේදැයි දරුවන් උස් මහත් වී වටහා ගනු ඇත.