IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රුසියානු ජාතිකයෙකු 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය.

මෙම සිසුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමග නිවස ඉදිරිපිට පාර අයිනේ බයිසිකල් පදිමින් සිටියදි සැකකරු පැමිණ එම බයිසිකලයේම නංවාගෙන ගොස් ඇත.

පසුව සිසුවාගේ මව සහ අසල්වාසින් සොයා බලනවිට මුහුදු වෙරළේ සිසුවා හඩමින් සිටියදි සොයාගෙන තිබේ.අනතුරුව විදේශිකයාද සමග ඔහු පොලිසියට බාරදි ඇත.



අදහස් (1)

පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ්

sirimal Monday, 21 January 2019 01:04 PM

තායිලන්තයේ මෙන් දරු දැරියන් තමන්ගේ ආශාවන් සඳහා යොදාගැනීමට අවස්ථා බහුල බව ලංකාව පිළිබඳවද ජාත්‍යන්තර මාධ්‍ය මඟින් හෙළිදරව් කරන්නට පටන් ගත්තේ මිට වසර 15 කට පමණ පෙර සිටය. මෙවන් ක්‍රියාවන් දෝෂයට ලක්කෙරෙන වාර්තා වැඩ සටහන් සහ පුවත්පත් වාර්තා බටහිර රටවල මේ කාල වකවානුවේ නොකඩවා ඉදිරිපත් කරනු ලැබිය. මෙවැනි සමහර වැඩසටහන්වල මුහුඳුබඩ පළාත්වල දුප්පත් දෙමාපියන් මුදලට කුඩා පිරිමි දරුවන් විදේශිකයින් හට මුදලට ලබාදෙන අනුවේදනීය දර්ශන ඇතුළත් විය. එමෙන්ම කොළඹ ඇතුළු සමහර තැන්වල මෙම ජාවාරම "ත්‍රී වීලර්" රියදුරන් පවා කරගෙන යන අන්දම පෙන්වනු ලැබිය. මෙවැනි අපරාදයන්ට කොටුවූ අසරණ දරුවන් ඔවුනගේ අප්‍රසන්න අත්දැකීම් විස්තර කල අවස්ථාද, එවැනි අපරාධයන්ට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් වල ක්‍රියාකාරීන්ගේ අත්දැකීම්ද, මුහුදුවැල්ලේ මෙවැනි කටයුතුවල යෙදෙන තරුණයින්ගේ අත්දැකීම්ද මේවායේ විස්තරව සඳහන් විය. මෙම වැඩසටහන් ලංකාවේ බලධාරීන් නොදැක්කා විය නොහැක. එහෙත් කණගාටුවට කරුණ නම් මෙවැනි කටයුතු තවමත් අවසන්ව නැති බව මෙම වාර්තාව කියවන විට වැටහී යාමයි.

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 14 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 546 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 711 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 199 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 814 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site