IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘පාසල් දරුවන් සඳහා විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඕනෑ‘

(සුජිත් හේවාජුලිගේ )
පාසල් දරුවන් වෙනුවෙන් විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස්කර නිසි ආකාරයෙන් එය  ක්‍රියාවේ යොදවන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා රජයෙන් සහ  සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාසල් පන්ති කාමරේදි ආහාර ගැනීමේදී සහ වතුර පානය කිරීමේදී  එකිනෙකාගෙන් වෙන්වී හුදෙකලාව ඒ කටයුතු කිරීමට දරුවන්ට උපදෙස් දෙන්නැයි  ගුරුවර ගුරුවරියන්ගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව විශේෂඥ වෛද්‍යවරයා පැවැසීය.
එකට සමීපව ආහාර ගැනීමෙන් සහ වතුර බීමෙන් දරුවන් රැසකට කොවිඩ්  ආසාදනයවී ඇතැයි  තොරතුරු ලැබී ඇති බවද  හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම පන්ති කාමරයෙන් පිටත වෙනම ස්ථානයක  හුදෙකලාව  ආහාර ගැනීමට සලස්වන්නේ නම්  එය වඩාත් සුදුසු බව  පැවැසූ දීපාල් පෙරේරා මහතා ආහාර ගැනීම සහ  බෝතල්වලින් වතුරබීම හවුලේ   නොකළ  යුතු බවද  පෙන්වා දුන්නේය.
පාසල් වැසීමකින්  තොරව පවත්වාගෙන යෑමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් වල විධිමත් ආකාරයෙන්  ක්‍රියාවේ  යෙදවිය විය යුතු බවද  ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර කොවිඩ්  මර්දන  එන්නත ලබා ගත් දරුවන් කිසිවකුටත්  සංකූලතා මතුවී නැති  හෙයින් බිය නොවී එන්නත්  ගැනීමට පැමිණෙන්නැයිද විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලීමක් කළේය.

අවුරුදු  12ට වැඩි විවිධ ආබාධ වලින්(සංජානනීය ආබාධ) පෙළෙන දරුවන්ට කොවිඩ් එන්නත්  මාත්‍රා  දෙක ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසූ හෙතෙම වයස අවුරුදු 15 ට වැඩි දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් ලබා දීමේ වැඩපිළිවෙළද ආරම්භවී කරගෙන යන බවද  පැවසුවේය.



අදහස් (1)

‘පාසල් දරුවන් සඳහා විධිමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඕනෑ‘

ඒ.ඩී.කේ.රුද්‍රිගු Monday, 08 November 2021 10:50 PM

නිවසේදී ආහාර අනුභව කර පැමිණීමට දරුවන් යොමු කිරීම, පාසලේ දී විවේක කාලය නොදී ඉගැන්වීම් කටයුතු කර එහි ගත කරන කාලය අවම කිරීම (ප්‍රාථමික දරුවන් සඳහා නම් පෙ ව.8.00 _ ප.ව_1 2.00 කාලය රඳවාගැනීම සුදුසු වේ) .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 57 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 978 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 285 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 149 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 98 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 766 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site